1 google chormeද පාවිච්චි කරන්නේ

කොහොමද යාලුවනේ......ටික දවසකින් තමා මේ පැත්තේ එන්න උනේ.......මම ගොඩකාලයක් තිස්සේ දාන්න හිතන් හිටපු පෝස්ට් එකක් තමයි මේ දෙන්න යන්නේ.......මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ Google chrome browser එක පාවිච්චි කරන කට්ටියට තමා.......අද කියන්න යන්නේ Google chrome browser එක පාවිච්චි කරන අයට එළකිරි Extension ටිකක්.........මම කලින් පෝස්ට් එකක දුන්නනේ Firefox addon ටිකක්........ඒ ටිකේම Chrome Extension ටික තමයි මේ දෙන්න යන්නේ............

 
qsChrome Extension

මේක නියම එස්ටෙන්ශන් එකක්.......මේක මම දුන්න qsFOX addon එක වගේම තමයි........මේ Extension එක දාගත්තම අපිට සිංහලෙන් Type කරන එක සිම්පල්......ඒ කිව්වේ අපිට අම්මා කියලා ටයිප් කරන්න ඕනේ කියන්නකෝ......කරන්න තියෙන්නේ මේ Extension එකෙන් amma කියලා ගහන එක.......කොහොමද වැඩේ.......



AdBlock Extension

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන add ටික අයින් කරලා දෙන එක.....ඒක අපිට ලොකු වාසියක්.......එතකොට ඉක්මනට සයිට් එක ලෝඩ් වෙනවා විතරක් නෙමෙයි අපිට Internet වලට යන ගානත් අඩු වෙනවා.......



Google Translate Extension

මේකෙන් වෙන්නේ අපිට ඕන භාශාවක් වෙනත් භාශාවක් බවට පරිවර්තනය කරන එක.......සරලවම කිව්වොත් ජරමන් භාශාවෙන් තියෙන ලිපියක් අපිට ඉංග්‍රීසි භාශාවට හරවගන්න මේ Extension එක පාවිච්චි කරන්න පුලුවන්.......හැබැයි මේකෙන් තවම සිංහලට හරවන්න නම් දෙන්නේ නෑ.......



Google Dictionary (by Google) Extension

මේකෙන් වෙන්නේ අපි මොකක් හරි වචනයක් දෙවතාවක් ක්ලික් කර විට  එම වචනයේ විස්තරාත්මක තේරුමක් බලාගන්න පුලුවන් එකයි.......මෙහිදී අපට තේරුම් කරන භාශාව වෙනස් කර ගැනීමට හැකියාවක් තිබුනද එහි සිංහල භාශාව නොමැති වීම පොඩි අඩුපාඩුවක්..........


තව නම් ගොඩාක් Extension තියෙනවා.........ඒත් ඉතින් ඔක්කොම එක පෝස්ට් එකකින් දෙන්න බෑනේ.......ඒ හින්දා ටික ටික දෙන්නම්.........

එහෙනම් අදට අපි ගියා............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!




1 comments:

Anonymous said...

macho mama serama baluwa okkoma post tika elakiri

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More