9 FEBE වලින් Firefox Addones ටික Backup කරගනිමුද

කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක.........


මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරගන්න විදියක් ගැන........ඒක මට ලියන්න අමතක උනානේ :ඩි.......මට ඒ ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද වීම ගැනනම් ඇත්තෙන්ම කනගාටුයි........

හරි එහෙමනම් ඒ ඇඩෝන් එකේ නම තමයි FEBE කියන්නේ.......ඒක මෙතනින් ගිහින් ස්තාපනය කරගන්න.........දැන් මුලින්ම මේකෙ සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා........ඒ කියන්නේ ඇඩෝන්ස් ටික බැක්අප් වෙන්න ඕනේ කොතනටද කියල හදන්න.........ඒකට පහල විදාන වලට යොමු වෙන්න..........

Tools -----> Febe -----> Febe Options -----> Where to backup 

ඊට පස්සේ පහල විදාන වලින් ඇඩෝන් ටික බැක්අප් කරගන්න පුලුවන්.........

Tools -----> Febe -----> Perform Backup

මේ ඇඩෝන් එක මටනම් මාරම වැදගත් උනා.......මේක තිබුනේ නැත්නම් ෆයර්ෆොස් 4 ආපු මුල් දවස් වල මම QSfox ඇඩෝන් එක පාවිච්චි කරල හමාරයි.........

එහෙනම් අපි කැපුනා.......
ඔබට ජය!!!!!!!!!

25 Torrent වලින් බාපු ෆිල්ම් එක DVD Player එකේ බලමු

කොහොමද ඉතින් කෂ්ටියට......සෑහෙන්න දවසකට පස්සේ ඔන්න බ්ලොග් එකක් ලියන්න කියල ආව..........අද මම කියන්නේ ටොරන්ට් ගැන ලියවෙන අන්තිම ලිපිය........


මොකද්ද ඇත්තට දැන් කියල දෙන්න තියෙන්නේ කියල හිතෙනවත් ඇති..........ටොරන්ට් කියන්නේ මොකද්ද,,,,,,,,ටොරන්ට් සර්ච් කරල හොයාගන්න හැටි,,,,,,,,ටොරන්ට් බාගන්න හැටි,,,,,,,,,බාගැනීමේ වේගේ වැඩි කරන හැටි,,,,,,,,,ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දාන හැටි,,,,,,,,,අපිම සබ්ටයිටල් හදාගන්න හැටි,,,,,,,,,,ටොරන්ට් ඩිරෙක්ට් බාන හැටි,,,,,,,,ටොරන්ට් එකක් හදන හැටි වගේ ඔක්කොම ටික කිව්වනේ..........එතකොට ඉතුරු උනේ මොකද්ද??????????

ඇයි දැන් ඔය ඔක්කොම ටික කරගෙන ඉන්න ෆිල්ම් එක DVD Player එකකින් බලන්න කැමති නැද්ද???????අන්න ඒක කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.........පරිඝනක තිරයෙන් බලනව වගේද ප්ලේයර් එකෙන් බලනකොට..........

මෙහෙමයි මේක ConvertXtoDVD කියල සොෆ්ට්වෙයාර් එකක්........මේක ඩව්න්ලොඩ් කරගන්න පහල ඉමේජ් එක මත ක්ලික් කරන්න.........


මේකෙන් සෑහෙන්න වැඩ කරන්න පුලුවන්..........ඒකියන්නේ මෙනු එක හැඩ කරන්න,,,,,,,,,ෆිල්ම් එකට අදාලව ඇති වෙනස් කම් කිරීමට,,,,,,සබ් ෆයිල්ස් ෆිල්ම් එකට එකතු කිරීමට,,,,,,,,,,නැරබිය යුතු තිරය සැකසීම (16:9,,4:3 විදියට) තව වෑඩ ගොඩක් තියෙනවා.......පහල රූපේ බලන්නකෝ........ඒකෙ ටිකක් විස්තර තියෙනවා..........ඔය කැමති විදියකට අදාල වෙනස් කම් කරගෙන Convert කියන බට්න් එක ක්ලික් කරන්න.........


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.......මේකෙන් එක ෆිල්ම් එකක් නෙමෙයි ඕනේ නම් ෆිල්ම් කලෙක්ශන් එකක් ගහන්න පුලුවන්........අර රූපේ පැහැදිලි කරල තියෙන විදියටම අදාල ෆයිල්ස් වෙන වෙනම එතනට අරගන්න........මෙන්න මේ වගේ...........



මේක ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුලුවන්.........මොනව හරි ප්‍රශ්නයක් ආවොත් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.......මම උදව් කරන්නම් :)

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More