69 පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්‍රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්‍රම ටික ලියන්න.......මේ ක්‍රම වලින් පහසු ක්‍රමයක් තෝරගන්න...........මෙතන ලියල තියෙන ක්‍රමවලට වඩා දෙයක් දන්නවනම් මතක ඇතුව ඒ ගැන කියන්න අමතක කරන්න එපා.............


ඔක්කෝන්ටම කලින් මෙතනින් ගිහින් සිංහල අරගෙන ඉන්නකෝ........ඊට පස්සේ ඕක පරිඝනකයට ස්තාපනය කරගන්න.............ඔයගොල්ලන්ගේ මෙහෙයුම් පද්දතිය අනුව තෝරාගන්න..........

විජේසේකර යතුරුපුවරුව භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

පලවෙනිම ක්‍රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........

Singlish මෘදුකාන්ගයෙන් සිංහල ටයිප් කිරීම.

දෙවැනි ක්‍රමේ විදියට මම තෝරාගත්තේ Singlish කියන මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය විවෘත කරගත්තම පහත රූපේ ආකාරයට දිස්වෙයි........ඊට පස්සේ ඒ රූපේ තියෙන විදියටම ඔයගොල්ලන්ට සිංහලෙන් ගහන්න ඕනේ මොකද්ද කියන එක සින්ග්ලිශ් විදියට ගහන්නයි තියෙන්නේ..........

උදාහරනයක් විදියට අම්මා කියල ටයිප් කරන්න ඕනේ කියල හිතමුකෝ.........ඒක ගහන්න ඕනේ amma කියන අකුරු...........ඊට පස්සේ සිංහලෙන් වැදිච්ච ටික කොපි කරගෙන අවශ්‍ය ස්තානයට පේස්ට් කරගන්න පුලුවන්.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගන්න...........

Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.

මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්........මේක මේ වෙබ්සයිට් එකට ගිහින් ටයිප් කරල කොපි පේස්ට් කරන්නත් පුලුවන්........එහෙම නැත්නම් එම මෘදුකාන්ගය භාවිතාකරල පහසුවෙන් ටයිප් කරන්නත් පුලුවන්..........මෘදුකාන්ගය මෙතනින් බාගන්න.........ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන EN අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරන්න........එවිට මෙම මෘදුකාන්ගයට අයත් කොටස දැකගත හැක.......එය බවට පරිවර්තනය කර ටයිප් කරන්න...........මෙහි ඇති අමතර වාසියක් වෙන්නේ ටයිප් කරන අකුරු වලින් හැදෙන වෙනත් වචනද පෙන්වීමයි..........මෙය මගින් වර්ඩ්, නෝට් පෑඩ් වලද පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්...........

RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.

මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගත කරගන්න........ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කිරීම ඇරඹිය හැක...........මෙයත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කිරීමට අවශ්‍ය නොවන නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කර හැක.........

Addones මගින් සිංහල ටයිප් කරමු.

ඇඩොන් මගින් ටයිප් කිරීම තමයි මමත් භාවිතා කරන්නේ.........මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කර හැක..........මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කර හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මෙම ඇඩෝන් ක්‍රමේ............
ෆයර්ෆොස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කර හැක............

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් එක ඉන්ස්ටෝල් කරගන්න.............


නොතේරෙන දෙයක් එහෙම තිබුනොත් අහන්න.........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More