Showing posts with label torrent ගැන. Show all posts
Showing posts with label torrent ගැන. Show all posts

25 Torrent වලින් බාපු ෆිල්ම් එක DVD Player එකේ බලමු

කොහොමද ඉතින් කෂ්ටියට......සෑහෙන්න දවසකට පස්සේ ඔන්න බ්ලොග් එකක් ලියන්න කියල ආව..........අද මම කියන්නේ ටොරන්ට් ගැන ලියවෙන අන්තිම ලිපිය........


මොකද්ද ඇත්තට දැන් කියල දෙන්න තියෙන්නේ කියල හිතෙනවත් ඇති..........ටොරන්ට් කියන්නේ මොකද්ද,,,,,,,,ටොරන්ට් සර්ච් කරල හොයාගන්න හැටි,,,,,,,,ටොරන්ට් බාගන්න හැටි,,,,,,,,,බාගැනීමේ වේගේ වැඩි කරන හැටි,,,,,,,,,ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දාන හැටි,,,,,,,,,අපිම සබ්ටයිටල් හදාගන්න හැටි,,,,,,,,,,ටොරන්ට් ඩිරෙක්ට් බාන හැටි,,,,,,,,ටොරන්ට් එකක් හදන හැටි වගේ ඔක්කොම ටික කිව්වනේ..........එතකොට ඉතුරු උනේ මොකද්ද??????????

ඇයි දැන් ඔය ඔක්කොම ටික කරගෙන ඉන්න ෆිල්ම් එක DVD Player එකකින් බලන්න කැමති නැද්ද???????අන්න ඒක කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.........පරිඝනක තිරයෙන් බලනව වගේද ප්ලේයර් එකෙන් බලනකොට..........

මෙහෙමයි මේක ConvertXtoDVD කියල සොෆ්ට්වෙයාර් එකක්........මේක ඩව්න්ලොඩ් කරගන්න පහල ඉමේජ් එක මත ක්ලික් කරන්න.........


මේකෙන් සෑහෙන්න වැඩ කරන්න පුලුවන්..........ඒකියන්නේ මෙනු එක හැඩ කරන්න,,,,,,,,,ෆිල්ම් එකට අදාලව ඇති වෙනස් කම් කිරීමට,,,,,,සබ් ෆයිල්ස් ෆිල්ම් එකට එකතු කිරීමට,,,,,,,,,,නැරබිය යුතු තිරය සැකසීම (16:9,,4:3 විදියට) තව වෑඩ ගොඩක් තියෙනවා.......පහල රූපේ බලන්නකෝ........ඒකෙ ටිකක් විස්තර තියෙනවා..........ඔය කැමති විදියකට අදාල වෙනස් කම් කරගෙන Convert කියන බට්න් එක ක්ලික් කරන්න.........


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.......මේකෙන් එක ෆිල්ම් එකක් නෙමෙයි ඕනේ නම් ෆිල්ම් කලෙක්ශන් එකක් ගහන්න පුලුවන්........අර රූපේ පැහැදිලි කරල තියෙන විදියටම අදාල ෆයිල්ස් වෙන වෙනම එතනට අරගන්න........මෙන්න මේ වගේ...........



මේක ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුලුවන්.........මොනව හරි ප්‍රශ්නයක් ආවොත් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.......මම උදව් කරන්නම් :)

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!

22 Subtitles අපිම හදාගන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ........අද මම කියල දෙන්න යන්නේ අපිම සබ්ටයිටල් හදාගන්න හැටි.........කලින් ලිපියේදී Subtitles හොයාගන්න හැටි කියල දුන්නනේ............ඒකත් කියවල එන්න............

මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා..........පලවෙනි ක්‍රමේ තමයි නෝට් පෑඩ් එක මගින් සබ්ටයිටල් එක ලිවීම.............පහල රූපේ බලන්න...........එතකොට පැහැදිලි වේවී..............



මේ තියෙන්නේ ඔරිජිනල් සබ්ටයිටල් එක...........මේක සිංහලෙන් ලිව්වොත් සිංහල Sub ගන්න පුලුවන්............




මේ ක්‍රමේ මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න..........පිංතූරෙන් හොදට පැහැදිලි කල නිසා මම ඒ ගැන වැඩිය විස්තර කරන්න ගියේ නෑ..............

දැන් කියන්න යන්නේ සිංහල Subtitles හදන්න ලේසිම ක්‍රමයක්...........මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්...........මේකෙන් කරන්නේ ඉංග්‍රීසියෙන් තියෙන Sub පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන් එකයි..............මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ...........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න.........


දැන් මුලින්ම කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා ලිපියේ කිව්ව වගේ සබ්ටයිටල් එක ඩව්න්ලෝඩ් කරගන්න එක.........ඊට පස්සේ මේ මෘදුකාන්ගයෙන් එම ගොනුව විවෘත කරගන්න...............පහල රූපේ බලන්න.............


ඊට පස්සේ සබ්ටයිටල් එකින් එක උඩ ක්ලික් කරමින් වෙනස් කරන්න පුලුවන්..............මම රූපේ රෝස පැහැයෙන් ලකුනු කරල තියෙන එව්ව හොදින් බලන්න............සියල්ල අවසානයේ Source view කියන එක ක්ලික් කරල ඇති සියල්ල සිලෙක්ට් කරගෙන කොපි කරගන්න.........ඉන් පසු නෝට් පෑඩ් එක විවෘත කරගෙන පේස්ට් කරන්න.............දැන් මෙම ගොනුව .Srt ගොනුවක් ලෙස Save කරගන්න...............

දැන් මෙම ගොනුව ෆිල්ම් එක තියෙන තැනට ගෙන ගොස් ෆිල්ම් එකේ නමින්ම සේව් කරගන්න.............දැන් ඔබට චිත්‍රපටයට සිංහල සබ්ටයිටල්ද තියෙනවා..............

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!!!!

8 Torrent වලින් බාපු Film එකකට Subtitles එක් කරන හැටි

කොහොමද ඉතින් කෂ්ටියට......දැන් අපිව මතකද මන්ද..........මේ දවස් ටිකේම පොඩි පොඩි වැඩ යෙදුන නිසා බ්ලොග් එක පැත්තේ එන්නත් උනේ නෑ...........ලියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා..........ඒත් ඉතින් ලිය ලිය හිටපු ලිපි පෙල ඉවරයක් කරන්න ඕනේනේ...............ඉතින් මම අද කියන්න යන්නේ ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල් දාගන්න හැටි...............



මේක කරන ක්‍රම ටිකක මම දන්නවා...........ඒව කොටස් දෙකකට පල කරන්නයි මම හිතන් ඉන්නේ............පලවෙනි කොටසෙන් කියල දෙන්න හදන්නේ සබ්ටයිටල් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම ටිකක් ගැනයි...........ඊලග ලිපියෙන් සබ්ටයිටල් හදන හැටි කියල දෙන්නම්...............

Subtitle හොයාගන්න හොදම ක්‍රමේ තමයි ෆිල්ම් එකේ නමින් ගූගල් එකේ සර්ච් කරන එක..........එහෙම කරල එන වෙබ් අඩවි වලින් සබ් එක හොයා ගන්න පුලුවන්..........නැතිනම් මම පහල දීල තියෙන වෙබ් සයිට් වලට ගිහින් අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් කරල බලන්න.............

http://www.opensubtitles.org/en



මේ අඩවි වලට ගිහින් සර්ච් එකේ අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් පාරක් දැම්මොත් සබ් ෆයිල්ස් හොයා ගන්න පුලුවන්........ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ සබ් ෆයිල් එක බාගත කරගන්න එක...........හුගාක් වෙලාවට මේ සබ් ෆයිල් එක තියෙන්නේ Zip එකක් විදියට ඒක Winrar මෘදුකාන්ගයෙන් Unzip කරගන්න...............

ඊට පස්සේ මේ ගොනුව Film එක තියෙන තැනට කොපි කරගන්න...........දැන් ෆිල්ම් එකේ නමින්ම මේ ගොනුව රීනේම් කරගෙන .Avi කියන ෆෝමැට් එක .Srt කියල වෙනස් කරන්න............පහල පින්තූරේ බලන්නකෝ.........එතකොට හොදට තේරෙයි............

තව පොඩි ක්‍රමයක් තමයි Open Subtitles Player කියන එක.........මේකනම් කප්පගේ බ්ලොග් එකෙන් ගත්තේ.............මේකෙන් වෙන්නේ අපි ෆිල්ම් එක බලනකොට අදාල සබ්ගොනුව ඩව්න්ලෝඩ් කර දෙන්න විදානය ලබා දුන්නම එම ප්ලේයර් එකෙන්ම එම ගොනුව සොයා දෙනවා...........එතකොට අපිට සබ්ටයිටල්ස් හොය හොය ඉන්න දෙයක් නෑනේ...........ඒක නිසා මේ ප්ලේයර් එකත් ඩව්න්ලෝඩ් කරගන්න..........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න............ 


තව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න...........පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්..........

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!

8 අපේ ගොනුවක් Torrent එකක් බවට පත් කරන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ.........අද ටොරන්ට් ගැන ලියන ලිපි පෙලේ වැදගත්ම ලිපියක් ලියන්නයි හදන්නේ........ඒ කිව්වේ අපි කොහොමද ටොරන්ට් ෆයිල් එකක් හදන්නේ කියල............ඔක්කෝන්ටම කලින් මේ ලිපි පෙල මුල ඉදන් කියෙව්වේ නැතිකෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් මත ක්ලික් කරමින් මේ ලිපි පෙල කියවල ඉන්න.......මොකද මම මේ ලිපි පෙල දාන්න ප්‍රදානම හේතුව තමයි ඔයගොල්ලන්ට ටොරන්ට් ගැන පූර්න අවබෝදයක් ලබා දීම............

Torrent ගැන දන්නවද?????

Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය

Torrent මගින් නිවැරදිව Download කරමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2 

Torrent files direct download කරමු

හරි එහෙනම් දැන් අද මාතෘකාවට බහිමු..........අපිට යම් ගොනුවක් අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඕන උනොත් ඒක කරන්න තියෙන හොදම මාර්ගය තමයි ටොරන්ට් එකක් විදියට මේක ලබා දීම........එතකොට විශාල ගොනු උනත් ඉක්මනට භාගත කරගන්න පුලුවන්.........දැන් එහෙනම් බලමු මේක කරගන්නේ කොහොමද කියල.............

මුලින්ම ඔයගොල්ලන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගය විවෘත කරගෙන පහල විදානවලට එළබෙන්න.............

File ------> Create new torrent

එතකොට පහල රූපේ ආකාරයේ බොක්ස් එකක් මතුවෙයි............


දැන් Add file කියන එකෙන් ටොරන්ට් ගොනුවක් බවට පත් කල යුතු දේ තෝරා දෙන්න............ඉන් පසු ට්‍රැකර්ස් වලට මම පහල දෙන ගොනුව බාගත කරගෙන එහි තියෙන ට්‍රැකර්ස් ටික ඇතුලත් කරන්න..........හොදින් මතක තබා ගන්න ඕනේ කාරනය තමයි ට්‍රැකර්ස් දමනවිට නිරන්තරයෙන් හිස්තැනක් තබන්න..............දැන් Create and save as..කියන එක ක්ලික් කරන්න.............

දැන් මූලික වැඩ සියල්ල අවසන්..........ඉන් පසුව ඔබට අනෙක් අය සමග මෙම ගොනුව බෙදා ගැනීමට අප්ලෝඩ් කරගත යුතුය............ඒ සදහා මෙතනින් යන්න............ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..............

ට්‍රැකර්ස් ලිස්ට් එක මෙතනින් ගන්න.......

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!



20 Torrent files direct download කරමු

කොහොමද ඉතින් කෂ්ටියට......අද ආවේ ටොරන්ට් ගැන තවත් වටිනාකියන ලිපියක් අරගෙනයි.......ඔය හුගක් අය කැමති නෑනේ ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න........කොහොමත් ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් එකක් ගන්න කොට කාලෙ ටිකක් වැඩියෙන් යනවනේ.......මේ ප්‍රශ්නෙට විසදුමක් තමයි අද ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ...........ඒ කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයකින් තොරව ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න හැටි තමයි අද කියල දෙන්නේ.........
ඔන්න මෙහෙමයි වැඩේ කරන්නේ........මේකට පොඩි සයිට් එකක රෙජිස්ටර් වෙන්න ඕනේ..........මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.............රෙජිස්ටර් උනාම පහල විදියේ පින්තූරයක් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්........


දැන් කරන්න තියෙන්නේ මම කලින් ලිපි වලදී කියල දුන්න වගේ ඔයගොල්ලන්ට ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ ටොරන්ට් එක හොයා ගන්න.......දැන් එම ටොරන්ට් එකේ ලින්ක් එක කොපි කරගෙන torrific.com කියන අඩවියේ සර්ච් එකට ලබා දෙන්න.........


දැන් Initiate bittorrent transmission කියන එක ඔබන්න.........එතකොට එම අඩවිය විසින් එම ටොරන්ට් එක බාගත කරගන්න යන කාලය අපට දැනුම් දෙයි........
එම කාලයට පසු ඔබට එම ටොරන්ට් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කර ගත හැක..........

හරි එහෙනම් ඒ ක්‍රමෙත් කියල දුන්න......මට තව ලිපි කිහිපයකින් ටොරන්ට් ගැන සම්පූර්නයෙන් ලියල ඉවර කරන්න පුලුවන්...........

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!

28 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2

කොහොමද ඉතින් යාලුවනේ.........මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා........මේ ක්‍රිකට් නිසා :පි........ටොරන්ට් ගැන ලිපි පෙල ලියන්න ඕනේ නිසා අද ඒකට තවත් ලිපියක් දාන්න හිතුවා.........අද කියන්න යන්නේ Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු කියන ලිපියේ දෙවෙනි කොටස.........ඔයගොල්ලන් මේ ලිපිවලට කමෙන්ට්වත් දානවනම් ඉතින් ඉක්මනට ලිපි ටික දාන්න තිබුනා........



කලින් ලිපියේදි කිව්වදේ වලට අමතර දේවල් ටිකක් තමා මේ කියන්න හදන්නේ.........ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ටොරන්ට් එකක් බාන කොට වේගේ ප්‍රදාන වශයෙන් ඉන්ටර්නෙට් එකේ වේගේ මත රදා පවතින බව..........ඒක මම නොකිව්වොත් මේව්ව වලින් ප්‍රයෝජනයක් ගන්න ඔබට අපහසු වෙයි..........

මේ ලිපියෙදී පොඩි සොෆ්ට්වෙයාර් එකක් මගින් ටොරන්ට් වේගවත් කරන හැටි ගැන ටිකක් කියල දෙන්නම්........මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි uTorrent SpeedUp Pro කියන්නේ..........මේක uTorrent කියල තිබ්බට Bit torrent පාවිච්චි කරන අයටත් ප්‍රයෝජන ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.........මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න..........මේකේ Rar පාස්වර්ඩ් එකට adureneliyata කියල දෙන්න........

ඊට පස්සේ ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් වීමට දමා uTorrent SpeedUp Pro කියන් මෘදුකාන්ගය විවෘත කරගන්න............ඊට පස්සේ Accelerate කියන එක ක්ලික් කරල තියන්න.........


දැන් වේගේ වැඩි උනාද කියල බලන්න.........

තව ක්‍රම ටිකක් කෙටියෙන් කියන්නම්..........ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙනකොට ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Properties තෝරලා Maximum upload rate කියන එක 5ට වෙනස් කරන්න.........

නැවතත් ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Bandwidth Allocation කියන එක High කියල දෙන්න...........

මේ කියල දුන්නේ මම දන්න ටික.......ඔයගොල්ලන් මීට වඩා දෙයක් දන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාල අපිත් එක්ක ඒ දැනුම බෙදා ගන්න........

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!

14 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

මම ඉතින් මේ දවස් වල දිගටම ටොරන්ට් ගැනනේ ලියන්නේ........ඉතින් අදත් ඒ ගැනම තමයි ලියන්නේ........අද කියන්න හදන්නේ ටොරන්ට් ෆයිල් ඩව්න්ලෝඩ් වෙන වේගය වැඩි කරගන්න ආකාරය.........

ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරනකොට වේගය ප්‍රදානම වශයෙන් රදා පවතින්නේ අපි ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ඇති පරිඝනක හෙවත් Seed පරිඝනක මතයි........හැබැයි Seed කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒ ගොල්ලන් Leeching කරල නම්.........Leeching කිරීම යනු එම ගොනුව ඩව්න්ලෝඩ් කිරීමෙන් අනතුරුව ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයෙන් ඉවත් වීමයි...........එහෙම කරාම ඉතින් ටොරන්ට් එක තියෙන පරිඝනක ගාන අඩු වෙන නිසා ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගේ අඩු වෙනවා...........අපිත් මේ ගොනුව ඩව්න්ලෝඩ් කරගත්තේ තව කවුරුන් හෝ ඒ ගොනුව ලබා දුන් නිසා කියල හිතල Leeching කිරීම කරන්න එපා.........ඒක මෙම වටිනා ක්‍රමයේ පැවැත්මට ඉතාමත්ම වටිනවා........

ඔය Leeching කරන අය නොදන්න කාරනය තමයි අපේ IP මාර්ගයෙන් අපි ඩව්න්ලෝඩ් කර ප්‍රමානය සහ අප්ලෝඩ් කර ප්‍රමානය අනුව අපිට Ratio එකක් ලබා දීම.........එම Ratio එකේ තියෙන වටිනාකම තමයි අපේ අප්ලෝඩ් කිරීමේ ප්‍රමානය අනුව ඊලගට අපි ලබා ගන්නා ටොරන්ට් එකේ වේගය තීරනය වීම.......ඒ කියන්නේ අප්ලෝඩ් Ratio එක 01ට ආසන්න වූ විට ඊලගට අපි ඩව්න්ලෝඩ් කරන ටොරන්ට් එකට හොද වේගයක් ලබා දෙනවා........හැබැයි අපි Leeching කරොත් අපි බාන ටොරන්ට් වල වේගය එන්න එන්නම අඩු වෙනවා...........අපේ දැනට තියෙන Ratio එක බලා ගන්න ටොරන්ට් ක්ලයන්ට් එක විවෘත කරගෙන මේ විදාන වලට යොමු වෙන්න..........

Help -----> Show statistics 

ඊලගට තියෙන තවත් ක්‍රමයක් තමයි ට්‍රැකර්ස් මගින් වේගය වැඩි කර ගැනීම.............අපි ඩව්න්ලෝඩ් කරන ගොනුවට අදාල සියලුම ට්‍රැකර්ස් ටික පහසුවෙන් හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා........ඒ ක්‍රමේ තමයි අපිට අවශ්‍ය කරන ටොරන්ට් එක තෝරා ගැනීමෙන් පසුව පැමිනෙන පිටුවෙහි (thepiratebay,,,,,,kickasstorrents.com තෝරන්න එන පිටුව ගැනයි කියන්නේ :ඩි) යටට වන්න "µTorrent compatible list here" කියල එකක් ඇති..........


ඒක ක්ලික් කරාම නව පිටුවක් විවෘත වී අදාල ටොරන්ට් එකට අදාල සියලූම ට්‍රැකර්ස් බලා ගන්න පුලුවන්.............ඊට පස්සේ කරන්න තියෙන්නේ එම ට්‍රැකර්ස් ඔක්කෝම ටික කොපි කරගෙන ටොරන්ට් ක්ලයන්ට් එකේ ට්‍රැකර්ස් කියන Tab එකට යන්න............දැන් Add Tracker වලින් ගිහින් මේ ට්‍රැකර්ස් ඔක්කොම ටික පේස්ට් කරල දාන්න............


දැන් බලන්න ඩව්න්ලෝඩ් වේගේ වැඩි වෙන හැටි..............

ඔය ගොල්ලන් දැනට ඩව්න්ලෝඩ් කරමින් ඉන්න ගොනුවක ට්‍රැකර්ස් හොයන්න ඕන උනොත් General Tab එකේ තියෙන Hash මගින් හොයා ගන්න පුලුවන්............Hash එක කොපි කරගෙන ටොරන්ට් සර්ච් එකේ සර්ච් කරාම එම ගොනුවට අදාල පිටුව විවෘත වෙනවා..........ඉතිරි ටික ඉස්සෙල්ල වගේම තමයි කරන්න තියෙන්නේ..........

තව වේගේ වැඩි කරගන්න පුලුවන් ක්‍රම කීපයක් දන්නවා.........ඔය ගොල්ලනුත් දන්න ඒව තියෙනවම් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.............මම දන්න ටික හෙමින් සැරේ කිය්ල දෙන්නම්.............

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!

9 Torrent මගින් නිවැරදිව Download කරමු

ඔන්න අද හදන්නේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටික ලියල දාන්න.........කලින් ලිපියේදී මම කිව්වේ ටොරන්ට් මගින් නිවැරදිව සර්ච් කරන ආකාරය ගැනනේ........ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න...........ඒ ලිපිය නැවැත්තුවේ thepiratebay,,,,,,,,kickasstorrents.com එකට යන තැනින් නේ.......ඔන්න අද එතන ඉදන් ලියන්න පටාන්ගන්නවා..........


ඊට පස්සේ අලුතින් විවෘත වෙන වින්ඩෝවේ තියෙන විස්තර හොදින් බලන්න ඕනේ.........


  • විස්තර කිව්වේ විශේෂයෙන්ම ලැබිලා තියෙන කමෙන්ට් බලන්න..........ගොඩ දෙනෙක් හොද කියල කමෙන්ට් දාල තියෙනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ.........
  • අනිවාර්යයෙන්ම Seed ගාන බලන්න........මොකද ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගෙට බලපාන ප්‍රදානම සාදකයක් තමයි Seed කියන්නේ........
  • ටොරන්ට් එකේ Quality එක ගැන ටිකක් බලන්න......
  • තව ඉතින් අපි තෝරාගෙන ඇති ටොරන්ට් එක හරිද කියල බලන්න..........
පහල රූපේ බලන්නකෝ.........




ඔය ටික නියමා කාරව තියෙනවනම් Download This Torrent කියන එක ක්ලික් කරන්න...........එවිට 50Kb-70Kb විතර වෙන කුඩා ගොනුවක් ඩව්න්ලෝඩ් වේවි.........


ඊට පස්සේ ඒ ගොනුව µTorrent මගින් විවෘත කර ගන්න..........එවිට කුඩා වින්ඩෝවක් මතුවේ.........එතැනින් ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙන්න ඕනේ කොතැනටද කියා සහ අවශ්‍ය ගොනු මොනවාද කිය Select කර OK විදානය ලබා දෙන්න...........වැඩේ ඔච්චරයි.........දැන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ගොනුව ඩව්න්ලෝඩ් වීම ආරම්භ වෙනවා..........


මම ඔය ගොල්ලන්ට කියා දුන්නේ http://torrentz.eu මගින් ටොරන්ට් ෆයිල් එක හොයා ගන්න හැටිනේ.........එතන තියෙන වාසිය තමයි ඒ ටොරන්ට් එක තියෙන හැම සයිට් එකක්ම අපිට දැක ගන්න පුලුවන් එක සහ කැමති එකකින් ඒ ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගැනීමේ හැකියාව..........එහෙම නැතුව අපිට මේක කෙලින්ම හොයා ගන්න ක්‍රමයකුත් තියෙනවා..........ඒ පහල තියෙන ටොරන්ට් සර්ච් එන්ජින් මගිනි.............(මෙතනදී මම සදහන් කරල තියෙන්නේ ප්‍රසිද්ද ඒවා පමනි..)


අදාල ඉමේජ් උඩ ක්ලික් කරල ගිහින් අවශ්‍ය දේ සර්ච් කරල අදාල ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගන්න පුලුවන්..........
                    
හරි එහෙමනම් අදට ඇති වගේ..........මේ ටිකනම් හුග දෙනෙක් දන්න ටිකක්.........නොදන්නම අයටයි මේ ලිපි ටික දුන්නේ..........ඊලගට ලියන ලිපි නම් නොදන්න අය ගොඩක් ඉන්න පුලුවන්..............


ප.ලි : මේ ලිපිය ලියන්න නම් ටික දවසක් ගියේ අපේ රටේ තියෙන විදුලිබල මන්ඩලය නිසා...........කවුරුත් වගේ දන්නවනේ ශ්‍රී ලංකාවේ විදුලිබල මන්ඩලය කිව්වම සෑහෙන්න හොද සේවාවක් තම පාරිභබෝගිකයන්ට ලබා දෙන ආයතනයක් නේ :P :P 

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!

11 Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය

කොහොමද ඉතින් කෂ්ටියට........කලින් පෝස්ට් එක දාල සතියක් විතර ගියා මේ පෝස්ට් එක ලියන්න........ඒ ගැන නම් බොහොම කනගාටුයි........අද පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ හරි ක්‍රමේට ටොරන්ට් එකක් සර්ච් කරන හැටි ගැනයි........


මම හිතනවා ඔය ගොල්ලන් ඉස්සෙල්ල ලිපියෙදි දීපු මොකක් හරි ටොරන්ට් ක්ලයන්ට් එකක් භාගෙන ඇති කියල............ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා........ඒ ටොරන්ට් ක්ලයන්ට් එක මගින් සර්ච් කිරීම,,,,ටොරන්ට්ස් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම වගේ තව ක්‍රම කීපයක්ම තියෙනවා.........

මම ඔය ගොල්ලන්ට කියල දෙන්න යන්නේ පහසුවෙන්ම සහ නිවැරදිව ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි........ඒ තමයි ටොරන්ට් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම.........පොදුවේ භාවිතා වන සර්ච් එන්ජිම තමයි http://torrentz.eu කියන්නේ...........මුලින්ම ඔය ගොල්ලන් ඒ සයිට් එකට යන්න...........

මම මෙතනදී Film එකක් සොයන ආකාරය කියල දෙන්නම්........මොකද ඒක තමයි අමාරු වැඩේ............හරි මුලින්ම මම කලින් දීපු ලින්ක් එකට ගිහින් ඕන කරන Film එකේ නම ටයිප් කරල අවසානයට Dvdrip කියල දාන්න.........එහෙම කරන්නේ පැහැදිලි වීඩියෝ ඇති එකක් හොයා ගන්නයි..........පහල රූපේ බලන්න...........


ඊට පස්සේ ඔය ගොල්ලන්ට ඒ ෆිල්ම් එකට අදාලව ඇතුලත්ව ඇති ටොරන්ට් විශාල ප්‍රමානයක් ලැබේ.........ඉන් සීඩ් වැඩි ප්‍රමානයක් තියෙන ටොරන්ට් එකක් තෝරා ගන්න.......මතක ඇතුව ටොරන්ට් එකේ Size එක බලන්නත් අමතක කරන්න එපා.............


දැන් අලුත් පිටුවක් දකින්න ලැබෙයි.......මෙතනින් ඔබ කැමති එකක් තෝරා ගන්න හැකි වුවත් thepiratebay,,,,,,,,kickasstorrents.com වැනි එකක් තෝරා ගන්න එක හොදයි..........මොකද මම පුද්ගලිකව එම සයිට් 2කට කැමැත්තක් දක්වනවා සහ හොද ප්‍රතිචාර තියෙන සයිට් 2ක්..............



මේ ලිපියේ අඩුපාඩුවක් එහෙම තිබ්බනම් එය නිවැරදි කරන්න...........
ඉතිරි ටික ඊලග ලිපියෙන් දාන්නම්.........මොකද ලිපිය දික් ගැස්සෙනව වැඩියි වගේ.........ඊලග ලිපියනම් හෙටම දානවා..........

එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!


10 Torrent ගැන දන්නවද?????

කොහොමද ඉතින් කෂ්ටියට........අද මම කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ හදන්නේ.......මම දැනට දවස් කීපයකට කලින් මූනු පොතේ අපේ මිතුරු පිටුවේ දැනිවීමක් දැම්මනේ ටොරන්ට්ස් ගැන මුල ඉදන් සරලව කියල දෙනවා කියලා.........එහෙම දාන්න හේතුවක් තිබුනා........හුග දෙනෙක් ටොරන්ට් ගැන දන්නවා උනාට සමහර අය ටොරන්ට් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.......ඒක මට එන මේල්ස් වලින් හොදටම තේරුන නිසා තමයි මුල ඉදන් සරලවම කියල දෙන්න හිතුවේ..........



මට මේ ගැන එක ලිපියකින් පල කරන්න අමාරු නිසා ලිපි කිහිපයකට කඩල දාන්න හිතුවා.........මෙතනදී තව දෙයක් කියන්න ඕනේ.........මම මේ ලියන ලිපි වලට සමහර කරුනු හොයා ගත්තේ මගේ මිතුරෙකුගෙන් සහ අන්තර්ජාලයෙන්........සමහර කරුනු සොයා ගත් බ්ලොග්/වෙබ් අඩවි මගේ මතකයේ නැති නිසා මට ඊට අදාල ලින්ක් පල කිරීමට නොහැකි වීමට ඉඩ තිබේ..........

එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු........මුලින්ම කියන්න තියෙන්නේ ටොරන්ට්ස් කියන්නේ මොකක්ද කියන එක..........ටොරන්ට්ස් කියන්නේ චිත්‍රපට,,,,,,මෘදුකාන්ග,,,,,,,රූපවාහිනී වැඩසටහන්,,,,,,ගීත වැනි ගොඩාක් දේවල් ඉක්මනින් භාගන්න පුලුවන් ක්‍රමයක්.........අපි සාමාන්‍යයෙන් යමක් භාගත කර ගැනීමක් කර ගන්නේ FTP හෝ HTTP තාක්ෂනයෙන්නේ.........ඒ ක්‍රමේට භාගත කිරීම් කරන කොට ඒවායේ වේගය අඩු වීමට පුලුවන්..........ඒකට හේතුව තමයි අදාල සර්වරය කාර්යබහුල වීම........නමුත් ටොරන්ට්ස් වල භාවිතා වන තාක්ෂනය ඊට වඩා වෙනස් එකක්........ඒ කිව්වේ මේකේ භාවිතා වෙන්නේ පියර්-ටු-පියර් කියන ක්‍රමය..........

මේකෙන් වෙන්නේ මොකක්ද කියල ටිකක් කියල දෙන්නම්........අපිට යම් දෙයක් ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට එය විශේෂිත ෆයිල් ෂෙයාරින්ග් මෘදුකාන්ගයක් (Bit torrent,,,,,,µtorrent) හරහා ලබා දිය යුතුය.........එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගය මහින් අප විසින් භාගත කල යුතුයි ඉල්ලූ දෙය ඇති වෙනත් පරිඝනක දැනට අන්තර්ජාලයට සම්බන්දව පවතී දැයි සොයා බලයි........ඉන් පසු එවැනි පරිඝනක මගින් අදාල දෙය භාගත කර දෙයි..........ඉන්පසු ඩව්න්ලෝඩ් වී අවසන් වූ පසු එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් අප ඉවත් නොවී සිටින තාක් කල් අප භාගත කර ෆයිල් එක තවත් ඉල්ලන අයට දීමට හැකියාව පවතී.......ඔබ මේ ආකාරයට ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් ඉවත් නොවන එක ඩව්න්ලෝඩ් වීම වේගවත් වීමට හේතුවක් වේ.......(මෙය තාක්ශනික පසුබිම බැවින් නොතේරුනද ගැටලුවක් නැත :))

ෆයිල් ශෙයාරින්ට් සොෆ්ට්වෙයාර් එකට ටොරන්ට් ක්ලයන්ට් කියල කියනව කියන්න අමතක උනානේ........

මම ඊලග ලිපි වලින් අපි කාටත් ඕන කරන ටික කියල දෙන්නම්.......එතකන් ටොරන්ට් ක්ලයන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න.......කැමති එකක් ඩව්න්ලෝඩ් කරගන්න අදාල ඉමේජ් එක මත කොටන්න...........හැබැයි මම නම් පාවිච්චි කරන්නේ µTorrent කියන එක.........ඒක ඩව්න්ලෝඩ් කර ගත්තොත් මට කියල දෙන්න ලේසි වෙයි..........මම මෙතන දාල තියෙන්නේ ප්‍රදානම ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් 2ක්.......තව එව්ව ඕන තරම් තියෙනවා........


මේ ලිපිය ලිව්වේ අපි තාක්ෂනික පැත්ත ගැනත් ටිකක් දැනන් ඉන්න ඕන නිසා.........ඒ ගැන නොදැන මෙව්ව කරන අය සෑහෙන්න ඉන්නවා........ඒත් ලියන දේ සම්පූර්නයෙන්ම ලියන්න එපැයි.........

මේ ලිපි වලට කමෙන්ට් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.......

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More