7 Internet money හොයන්න කියාපු සයිට් එක

කොහොමද ඉතින් යාලුවනේ........අද මම ඔය ගොල්ලන්ට නව අඩවියක් ලබා දෙන්නයි හදන්නේ........හෙන කාලෙකින් Internet money ගැන ලිව්වේත් නෑනේ..........

vcBux

23 Computer එක ගැන දැන ගන්න පට්ට Sftwere එක

ඔන්න යාලුවනේ අද මම ගෙනවා මැක්සා සොෆ්ට්වෙයාර් එකක්..........මේ ගැනනම් කියන්න ගියොත් මට පෝස්ට් ගනනාවක් ලියන්න වෙනවා.........එච්චර වැඩ කෑලි තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක........

මේ සොෆ්ට්වෙයාර් එක තමයි Dr. Hardware කියන්නේ........මේකෙන් අපේ පරිඝනකය ගැන සම්පූර්න විස්තරයක් ලබා ගන්න පුලුවන්.........පහලින් දාල තියෙන පින්තූරේ බලන්නකෝ..........


මේ සොෆ්ට්වෙයාර් එකෙන් System එක ගැන, Cpu එක ගැන, Chipset එක ගැන,Bios ගැන, විතරක් නෙමෙයි Hard එකේ පාටිශන් ගැන,සවිකර ඇති Hardware ගැන සහ තවත් ගොඩාක් දේවල් මේකෙන් බලා ගන්න පුලුවන්...........මම මේ වගේ ගොඩාක් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරල තිබ්බත් මෙච්චර වැඩ කෑලි තියෙන එකක් නම් හම්බ උනේ නෑ..........මේකේ තියෙන තවත් ලොකු පහසුකමක් තමයි Hardwere චෙක් කිරීමට ඇති හැකියාව............

මේ ගැන මම කියනවට වඩා හොදයි අරගෙනම බලන එක..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් මෙච්චර පහසුකම් ලබා දුන්නත් 2.56MB තරම් ඉතා කුඩා සොෆ්ට්වෙයාර් එකක්.........ඒ නිසා හැමෝටම මේක පහසුවෙන් භාගන්න පුලුවන්............

මේ සොෆ්ට්වෙයාර් එක භාගන්න ඕනේ අය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න...........එහෙනම් පාවිච්චි කරල බලල හොද නරක කිව්වොත් ලොකු දෙයක්.......මේවට තියෙන කමෙන්ට් ප්‍රමානය අනුව තමයි මේ වගේ සොෆ්ට්වෙයාර්ස් ඔබට හදුන්වා දෙන්න අපට ශක්තියක් ලැබෙන්නේ...........ඒ නිසා මේ ලිපි වලට කමෙන්ට් දාන්න අමතක කරන්න එපා................

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!!!

13 Computer එකේ වේගේ මදිද

කොහොමද කෂ්ටියට........අද මම තවත් මෘදුකාන්ගයක් දෙන්න තමයි හදන්නේ........මේකෙන් අපේ පරිඝනකයේ වේගය ටිකක් වැඩි කරගන්න පුලුවන්..........


හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........

ඔය පින්තූරේ තියෙන විදියට මේකෙන් පරිඝනකයේ System එක Scan කර වැරදි තැන් නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා........මෙතනදි තියෙන වටිනම දේ තමයි රෙජිස්ට්‍රියේ තියෙන වැරදිසහගත් තැන් නිවැරදි කරන එක........රෙජිස්ට්‍රිය තමයි පරිඝනකයේ වේගයට කෙලින්ම බලපාන්නේ..........

මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට භාගත කරගන්න..........ඒකට පහල ඉමේජය මත කොටන්න...........මෙය Install කිරීමේදී අසන Promo code එකට MAJORGEEKS01 ලෙස දෙන්න...............
මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........

පහල පින්තූරයේ විදියට Get Free License ක්ලික් කරන්න.........

ඉන්පසු ලැබෙන්නේ පහල පින්තූරයේ විදියේ වින්ඩෝවකි..........එය පුරවා දමන්න............ඉන්පසු ඔබේ ඊමේල් ගිනුමට Verification code එක ලැබෙයි..........


එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දක්වා ඇති ස්තානය ක්ලික් කිරීමෙන් පැමිනෙන වින්ඩෝවට Verification Code එක ඇතුලු කරන්න..........දැන් ඔබ මෙම මෘදුකාන්ගය රෙජිස්ටර් කර අවසන්..........සුබ පැතුම්...........

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!!

5 Password මතක තියා ගන්න අමාරුද??

කොහොමද යාලුවනේ......ටික දවසකට පස්සේ ආවේ තව මොනව හරි කියල දාන්න.......ඉතින් මේ දවස්වල මම දිගටම දුන්නේ සොෆ්ට්වෙයාර්ස්නේ..........ඒක නිසා අද වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුවා......අද කියන්න යන්නේ Firefox පාවිච්චි කරන අයට තමන්ගේ පාස්වඩ් මතක තියාගන්න පුලුවන් ඇඩෝන් එකක් ගැන........අපිට තියෙන පාස්වර්ඩ් ඔක්කොම අපිට මතක තියෙනවයැ :P


හරි එහෙමනම් අද කියන්න යන ඇඩෝන් එක තමයි Lastpass කියන්නේ.......මේකෙන් වැඩ කරන එක හරිම සරලයි......ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල මේ ඇඩෝන් එක ඔයගොල්ලන්ගේ බ්‍රව්සර් එකටත් ඇඩ් කර ගන්න.........

Download here

මේක බ්‍රව්සර් එකට ඇඩ් කරගත්තට පස්සේ අපි Account එකක් හදාගන්න ඕනේ.......ඊට පස්සේ වැඩ කරන්න ඕනම කෙනෙක්ට තේරෙනවා.........ඔයගොල්ලන්ට මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම පුලුවන් ඉක්මනින් උත්තර දෙන්න බලන්නම්.........

මේකත් කියලම යන්න ඕනේ.........ඕනවට වඩා ඇඩෝන් පුරවගෙන බ්‍රව්සර් එක Slow වෙලා කියල කෑගහන්නේ නැතුව තමන්ට අවශ්‍යම කරන ඇඩෝන් ටික විතරක් Add කරගන්න...........


එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!


4 Youtube videos බාන්න නියම භාන්ඩේ

කොහොමද ඉතින් යාලුවනේ.......අද මම තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ.......මේ දවස් වල සොෆ්ට්වෙයාර් දුන්න වැඩිද මන්ද..........මේ සොෆ්ට් වෙයාර් එක තමයි You Tube downloder කියන්නේ..........
හරි You Tube එකේ සින්දු භාගන්න නම් ක්‍රම ගොඩක් තියෙනවනේ........Add-ones එහෙමත් තියෙනවනේ........මේ ක්‍රමේ තියෙන වටිනාකම් ගොඩාක් තියෙනවා.......ඒ තමයි අපිට පහසු විදියට වීඩියෝ භාගත කරල දෙනව විතරක් නෙමෙයි අවශ්‍ය ෆෝමැට් එකකට වීඩියෝ කන්වර්ට් කරල දෙනවා........කන්වර්ට් වෙනකොට හඩ පමනක් ලබා ගැනීමට උනත් හැකියාවක් තියෙනවා........ඒ විතරක් නෙමෙයි සින්දුව කන්වර්ට් වෙන්න ඕනේ කොලිටියත් සකසන්න පුලුවන්.......මම නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන අරන් තියෙනවා..........

මේක You Tube Downloader කියල තිබ්බට මේකෙන් Metacafe වගේ ඒවගෙනුත් වීඩියෝ බාගත කරගැනීමේ හැකියාව තියෙනවා.......පහල් රූපේ තියෙන විදියට මේකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.........

Enter the URL of the you wont to download කියන තැනට වීඩියෝ එකේ URL එක දෙන්න.........ඊට පස්සෙ Download කියන එක ඔබන්න..........

කන්වර්ට් කරන හැටි පහල රූපේ පැහැදිලිව දක්වල තියෙනවා..........


මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න කැමති අය පහල ඉමේජ් එක උඩ කොටන්න.........


එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

4 DVD write කරන්න කියාපු භාන්ඩේ

කොහොමද ඉතින් කෂ්ටියට........ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි උනානේ.........අදත් ආවේ පොඩි ගැජමැටික් එකක් අරගෙනම තමයි...........හරි එහෙමනම් අද දෙන්න හදන්නේ CD/DVD Write කරන්න මෘදුකාන්ගයක්........
මේකේ නම තමයි Ashampoo Burning Studio කියන්නේ........මේකේ නම කිව්ව සැනින් කෂ්ටිය දන්නවනේ........දන්නේ නැත්නම් ඉතින් ඔන්න අදවත් දැන ගන්නකෝ.......හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට අවශ්‍ය ඕනම දෙයක් පහසුවෙන් CD/DVD වලට Write කර ගැනීමට පහසුකම් සලසනවා.........

හැබැයි ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක නම් 118.46MB වෙනවා.........මේ ගැන කියන්න තරම් දෙයක් නම් නෑ.........ඔය පහල පින්තූරේ බැලුවම කරන්න පුලුවන් වැඩ ටික ගැන අවබෝදයක් ගන්න පුලුවන්..........


මේ ගැන පොඩි හැදින්වීමක් කලොත් ඔයගොල්ලන්ට පහසුවෙන් CD/DVD Write කරන්න පුලුවන් වගේම Re Writable disk erase කරන්නත් පහසුකම් සලසා තිබෙනවා.........තව CD/DVD එකට කවරයක් නිර්මානය කරගන්නත් හැකියාව සපයල තියෙනවා...........තව වැඩ ගොඩක් තියෙනවා...........සේරම ටික සොෆ්ට්වෙයාර් එක අරගෙනම බලන්නකෝ...........Download කරගන්න ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........
මොනවා හරි ගැටලුවක් එහෙම ආවොත් කමෙන්ට් එකක් දාල යන්න.............පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්...........යාලුවනේ කමෙන්ට් එකක් දාල යන්න ඕනේ ගැටලුවක් ආවොත් විතරක්ම නෙමෙයි.........ඔයගොල්ලන්ට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා........මොකද අපිට ඉතුරුවෙන්නේ ඔබ දමන කමෙන්ට් එක විතරයි.........

එහෙනම් ඉතින් අපි කැපෙනවා............
ඔබට ජය!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More