Showing posts with label firefox. Show all posts
Showing posts with label firefox. Show all posts

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

9 FEBE වලින් Firefox Addones ටික Backup කරගනිමුද

කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක.........


මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරගන්න විදියක් ගැන........ඒක මට ලියන්න අමතක උනානේ :ඩි.......මට ඒ ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද වීම ගැනනම් ඇත්තෙන්ම කනගාටුයි........

හරි එහෙමනම් ඒ ඇඩෝන් එකේ නම තමයි FEBE කියන්නේ.......ඒක මෙතනින් ගිහින් ස්තාපනය කරගන්න.........දැන් මුලින්ම මේකෙ සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා........ඒ කියන්නේ ඇඩෝන්ස් ටික බැක්අප් වෙන්න ඕනේ කොතනටද කියල හදන්න.........ඒකට පහල විදාන වලට යොමු වෙන්න..........

Tools -----> Febe -----> Febe Options -----> Where to backup 

ඊට පස්සේ පහල විදාන වලින් ඇඩෝන් ටික බැක්අප් කරගන්න පුලුවන්.........

Tools -----> Febe -----> Perform Backup

මේ ඇඩෝන් එක මටනම් මාරම වැදගත් උනා.......මේක තිබුනේ නැත්නම් ෆයර්ෆොස් 4 ආපු මුල් දවස් වල මම QSfox ඇඩෝන් එක පාවිච්චි කරල හමාරයි.........

එහෙනම් අපි කැපුනා.......
ඔබට ජය!!!!!!!!!

48 Firefox 4.0 වලට පරන Addones වැඩ නැද්ද?මෙන්න විසදුම

කොහොමද යාලුවනේ......මම මේ දවස්වල දිගටම ටොරන්ට් ගැන ලිව්ව නිසා ඒකට පොඩි කොමාවක් තියල අද පොඩි ටෙක් වැඩක් කියල දෙන්නයි යන්නේ.........මේක ගිනිනරියා පාවිච්චි කරන අයටනම් ඉතාමත්ම වැදගත් දෙයක් වේවි........


දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ සිංහල වැඩ නෑ (qsfox addone එක)..........එහෙම පුලුවන්ද කියල මේක වැඩ කරගන්න ක්‍රමයක් හොයනකොට මෙන්න හම්බුනා පොටක්........දැන් තිතට qsfox එක වැඩ..........වැඩේ එච්චර අමාරු නෑ.........

මුලින්ම අලුත් Firefox 4.0 එක බාගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බාගන්න.........මොකද පරන එකට වඩා මේක හුගක් හොදයි.........

ඔන්න මෙහෙමයි qsfox එක Firefox 4.0 වලට වැඩ කරන විදියට හදාගන්නේ..........මුලින්ම qsfox එකේ .xpi එක Winrar මෘදුකාන්ගයෙන් විවෘත කරගන්න...........
ඊට පස්සේ ඒකේ තියෙන Install.rdf ගොනුව Desktop එකට Drag and Drop කරගන්න.........එතකොට ලේසියිනේ :)


දැන් එම ගොනුව Note pad එකෙන් විවෘත කරගෙන em:maxVersion කියන තැන අගය 4.5.කරන්න.......


දැන් නැවතත් එම ගොනුව කලින් තිබූ තැනට Drag and Drop (3 රූපය) කරන්න.........එවිට ලැබෙන පරිවුඩය OK කරන්න..........

දැන් .XPI ගොනුව වෙබ් බ්‍රව්සරයට Drag and Drop කරන්න..........එවිට එම ගොනුව බ්‍රව්සරය විසින් Install කරගනි...........දැන් Firefox Restart කරන්න......කොහොමද වැඩේ........මෙතන තියෙන තව විස්තර වෙනස් කරන්න පුලුවන් උනත් එසේ කිරීම සාධාරන නොවේ.........

ඔය ටික කරන්න අමාරුමනම් මම හදපු ගොනුව මෙතනින් බාගත කරගන්න.............

මේ ආකාරයට පරන වෙලුම් වලට වැඩ කරපු Addones අලුත් සංස්කරනයට වැඩ කරන විදියට හදා ගන්න පුලුවන්..........


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......ඔබට නවදේ රැගෙන ඒමට අපිට ඔබගේ ප්‍රතිචාර මහත් අස්වැසිල්ලකි...........

මම ලිපිය ටිකක් වෙනස් කරන්න හදන්නේ........මොකද ගොඩාක් අය කියනවා සිංහල ටිප්ස් වැඩ කරන්නේ නෑ කියලා............ඒක නිසා මම ඒ ගොල්ලන්ට දෙන්න යන්නේ සිංහල ටිප්ස් වෙනුවට ඉඟිය කියන ඇඩෝන් එක...........ඒක මෙතනින් ගිහින් ස්තාපනය කර ගන්න පුලුවන්...................

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

5 Password මතක තියා ගන්න අමාරුද??

කොහොමද යාලුවනේ......ටික දවසකට පස්සේ ආවේ තව මොනව හරි කියල දාන්න.......ඉතින් මේ දවස්වල මම දිගටම දුන්නේ සොෆ්ට්වෙයාර්ස්නේ..........ඒක නිසා අද වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුවා......අද කියන්න යන්නේ Firefox පාවිච්චි කරන අයට තමන්ගේ පාස්වඩ් මතක තියාගන්න පුලුවන් ඇඩෝන් එකක් ගැන........අපිට තියෙන පාස්වර්ඩ් ඔක්කොම අපිට මතක තියෙනවයැ :P


හරි එහෙමනම් අද කියන්න යන ඇඩෝන් එක තමයි Lastpass කියන්නේ.......මේකෙන් වැඩ කරන එක හරිම සරලයි......ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල මේ ඇඩෝන් එක ඔයගොල්ලන්ගේ බ්‍රව්සර් එකටත් ඇඩ් කර ගන්න.........

Download here

මේක බ්‍රව්සර් එකට ඇඩ් කරගත්තට පස්සේ අපි Account එකක් හදාගන්න ඕනේ.......ඊට පස්සේ වැඩ කරන්න ඕනම කෙනෙක්ට තේරෙනවා.........ඔයගොල්ලන්ට මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම පුලුවන් ඉක්මනින් උත්තර දෙන්න බලන්නම්.........

මේකත් කියලම යන්න ඕනේ.........ඕනවට වඩා ඇඩෝන් පුරවගෙන බ්‍රව්සර් එක Slow වෙලා කියල කෑගහන්නේ නැතුව තමන්ට අවශ්‍යම කරන ඇඩෝන් ටික විතරක් Add කරගන්න...........


එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!


6 අන්තර්ජාලයෙන් පරිඝනකය ආරක්ශා කර ගනිමු

කොහොමද ඉතින් කෂ්ටියට........අද කියන්නේ අන්තර්ජාලෙන් ආරක්ශාවෙන්න පුලුවන් එක ක්‍රමයක් ගැනයි......ඇත්තටම කිව්වොත් මේක ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒ ලින්ක් එක කොහොම එකක්ද කියල බලාගන්න පුලුවන් ක්‍රමයක්........ඒ කිව්වේ ලින්ක් එකෙන් විවෘත වන වින්ඩෝවේ වයිරස් තියෙනවද නැද්ද කියල හොයා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන කියන්නයි මේ හදන්නේ........


මේකේ නම තමයි WOT කියන්නේ........මේක මම Firefox වලයි Google Chrome වලයි පාවිච්චි කරල තියෙනවා.......සමහරවිට අනෙක් බ්‍රව්සර් වලත් වැඩ කරනවා ඇති.......මුලින්ම Install කරගෙන ඉන්නකෝ.........ඒකට පහල සබැදි භාවිතා කරන්න..........

Google chrome සදහා

ඕක Install කරගත්තම පහල පින්තූර වල විදියට ලින්ක්ස් වලින් ආරක්ෂා විය හැක.......... 

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල කොළ පැහැති රවුමක් ඇත..........එනම් මේ ලින්ක් එකෙන් ගිය විට අපිට වයිරස හමුනොවේ........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල තැඹිලි පැහැති රවුමක් දක්නට ලැබේ........එනම් මේ ලින්ක් එක තුලින් ගියවිට වයිරස හමුවිය හැක..........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල රතු පැහැති රවුමක් ඇත.........එනම් ඒ තුලින් ගිය විට අනිවාර්යයෙන්ම වයිරස හමුවේ..........
ඊට අමතරව නිල් පාට පෙදෙස තුල ඇති රවුම ලගට මව්ස් පොයින්ටර් එක ගෙන ගිය විට එහි විශ්වාසත්වය බලා ගත හැක............. 
මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!!!! 

2 ගිනි නරියා ටිකක් හීලෑ කරමු

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආව මොකක් හරි කොටල යන්ට කියල.......මොකක් හරි කිව්වට ඉතින් ටිකක් වටිනා කියන දෙයක් කියන්න ඕනේ නිසා Firefox add-ones ටිකක්ම දෙන්න හිතුවා........මෙව්ව ඉතින් වටිනා කියන එව්ව......වැඩි කතා ඕනේ නෑ.......ඔය පහල තියෙන එව්ව පොඩ්ඩක් බැලුවනම්........

Xmarks addon
මේකෙන් වෙන්නේ අපේ bookmark ටික මතක තියාගන්න එක........හදිස්සියෙවත් Browser එක අලුතින් දාන්න ඕන උනොත් තිබ්බ bookmarks එහෙම ඉවරයිනේ......මේකෙන් එහෙම වෙන්නේ නෑ......මුලින්ම මේක ස්තාපිත කරගෙන ගිනුමක් හදා ගන්න......ඊටපස්සේ තියෙන බුක්මාක් ටික synchronize කරන්න.......එහෙමනම් ඉතින් Install කරගෙනම බලන්නකෝ........


screenshot pimp addon

මේක පොඩි ටූල්බාර් එකක්......මේකෙන් අපිට මොකක් හරි පිටුවක Screen-shot ගන්න පුලුවන් කම තියෙනවා......තව යුටියුබ් එකේ වීඩියෝස් බාන්න එකකුත් තියෙනවා........තව මුනුපොතට යන්න ශෝට්කට් එකක් එහෙමත් තියෙනව නොවැ......එහෙමනම් Install කරගෙනම බලන්නකෝ.......


තව එව්ව තියෙනවා.....හෙමිහිට දෙන්නම් කෝ..........

මතක තියාගන්න ඕනවට වැඩිය Add-ones  පුරවගන්න එපා........එතකොට බ්‍රව්සර් එක ස්ලෝ වෙනවා...........අවශ්‍ය එව්ව විතරක් දාගන්න..........

එහෙනම් අපි කැපුනා...........
ඊලග ලිපියෙන් එන්න බැරියැ.........
ඔබට ජය!!!!!!!!!!!!

27 firefoxද පාවිච්චි කරන්නේ

කොහොමද කස්ටියට............අද දෙන්න යන්නේ firefox පාවිච්චි කරන අයට එලකිරි addons ටිකක්........මගේ වැඩ මෙච්චරකල් ලේසි කරගත්තේ මේවයින් තමා...........වැඩි කතා ඕනේ නෑනේ.........එහෙනම් ඇඩෝන් ටික දෙන්නම්.........
qsfos addon
මේක තමා එලම ඇඩෝන් එක.......මේකෙන් වෙන්නේ අපි ඉන්ගිරිසියෙන් type කරන කොට සින්හලෙන් වැදෙන එක.........ඒ කිව්වේ සින්ග්ලිශ් වලින් වැඩදාන්න පුලුවන්.........සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එක ගැන ඉතින් කවුරුත් දන්නවනේ.........උදාහරනයක් විදියට කිව්වොත් අපි හිතමු අපිට අම්මා කියලා type කරන්න ඕනේ කියලා මේ ඇඩෝන් amma කියලා ගහන්නයි තියෙන්නේ............download කරගෙනම බලන්න...........

Ad Block addon

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන ඇඩ්ස් ටික පෙන්නන්නේ නැතුව තියෙනවා...........එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කැපෙන ගානත් අඩු වෙනවනේ.........

SinhalaTips addon
මේකෙන් වෙන්නේ ඕනම ඉන්ගිරීසි වචනයක් උඩට mouse pointer එක ගෙනිච්චම සිංහල තේරුම දෙනවා.........අපිටත් මේකට වචන එක් කරන්න පුලුවන්.......ඒක කරන්නේ වචනේ ගාවට ගියාම පොඩි කොළපාට කතිරයක් එනවා......ඒක ක්ලික් කරලා එන බොක්ස් එකේ සින්හල වචනේ type කරන්න පුලුවන්.........මේක දාගත්තම ඩික්ශනරි ඕනේ නෑ නොවැ...........


1 Click YouTube Download addon
මේකෙදි වෙන්නේ youtube videos download කරන්න පුලුවන් එකයි.........you tube කිව්වට .flv ආකාරයෙන් තියෙන ඕනම එකක් down load කරන්න පුලුවන්...........


තව ඇඩෝන් නම් ගොඩාක් තියෙනවා........හොද ඇඩෝන් ටික ටික දෙන්නම්...........එතකොටනේ එකේ අගයක් තියෙන්නේ.......එහෙනම් අදට අපිගියා.............නොතෙරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාල යන්න.........

ප.ලි :- දැන් qsfox ඇඩෝන් එක සහ Sinhala tips ඇඩෝන් එක වැඩ කරන්නේ නැති නිසා පහල තියෙන ගොනු වලින් ඒවා බාගත කරගන්න........මෙම ගොනු වැඩ කරනුයේ Firefox 3.6 සදහා පමනක් බැවින් ඔබ නව සංස්කරන භාවිතා කරයිනම් මෙතනින් ගිහින් මෙම ඇඩෝන් නව සංස්කරන වලට ගැලපෙන විදියට සකසා ගන්න........

qsfox මෙතනින් ගන්න.........

Sinhala tips මෙතනින් ගන්න.........Link


ඔබට ජය!!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More