Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

14 Facebook හැක් කරමු

කොහොමද ඉතින් යාලුවනේ.......අද පොඩ්ඩක් ෆේස්බුක් හැක් කරන්න කියල දෙන්න හිතුනා.......හේ හේ බයවෙන්න එපා......හැක් කරන්න කිව්වට හැක් වෙන එකෙන් බේරෙන්න මොනවද කරන්න පුලුවන් කියල කියන්න ආවේ ;) දැන් මාතෲකාව දැකල හැක් කරන්න හිතන් ආපු අය මට බනින්නේ නැතුව මේකෙන් යමක් ගන්න බලන්න :-D


මොකද්ද මේ හැක් කරනව කියන්නේ?????මේක ඇත්තටම කරන්න පුලුවන්ද?????කොහොමද හැක් කරන්නේ????????අපිට මේකෙන් බේරෙන්න බැරිද?????????මේ වගේ ප්‍රශ්න හැම වෙලේම අහන ඒවනේ ;)

හැකින් කියන්නේ නරක පැත්තට වගේම හොද පැත්තටත් යොදාගන්න පුලුවන් දෙයක්......නමුත් අප රට තුලනම් මේක යොදාගන්නේ කාටහරි හානියක් කිරීමටම තමයි ;)


මොකද්ද මේ හැක් කරනව කියන්නේ.....සරලම පිලිතුර තමයි අයිති කාරයගේ අවසරයකින් තොරව ඔව්න්ගේ එකව්න්ට් එකකට ඇතුලුවීම.......


අපේ රටේ ගොඩ දෙනෙක් ඔය හැකින්ග් කියන එකනම් දන්නේ නැති බව ස්ථිරවම මට කියන්න පුලුවන්.....එහෙනම් කොහොමද අපේ එකව්න්ට් හැක් කරන්නේ??????මේ අය අපේ එකව්න්ට් හැක් කරන්නේ මාලුබාන (Phishing) ක්‍රමේට :)


මොකද්ද මේ මාලුබානව කියන්නේ......මේකෙන් කරන්නේ අපිලවාම අපේ පාස්වර්ඩ් එක ගන්න ක්‍රමයක්.......ඒ කියන්නේ ෆේස්බුක් පිටුවට සමාන පිටුවක් යොදාගෙන එයින් ලොග් වූවිට ඔබගේ රහස්‍ය පද එම පිටුව සෑදූ හැකර් අතට පත්වෙන ක්‍රමයක්.......මේ ගැන නොදන්න අය මේ පිටුවට (http://faceslbk.site50.net/) පිවිසිලා ඇඩ්‍රස් බාර් එක සහ ලොගින් පේජ් එක බලන්න.......ඔබගේ ඊමේල් හෝ පාස්වර්ඩ් මෙයට ලබානොදෙන්න!!!!!!!! 
ඔය ගොඩදෙනෙක් බාන්බඩී ක්‍රෙඩිට් නොමිලේ ගන්න මේකෙන් ලොග් වෙන්න කියන්නේ ඔයවගේ පිශින් සයිට්......


මේකෙන් බේරෙන එක හරිම සරලයි........තමන්ගේ ඊමෙල් ගිනුමට,,ෆේස්බුක් ගිනුමට,,ලොග් වීමට ප්‍රථම ඇඩ්‍රස්බාර් එකේ තියෙන ලිපිනය බලන්න........තිබිය යුතු ලිපිනය (www.facebook.com) වන අතර ඕක අපේ ඇස් රවටන විදියට හදල තියෙන්නත් පුලුවන්........

උදා :-

  • www.facebok.com
  • www.facebook.tk

වගේ තියෙනවනම් මෙය හැකර් කරුවෙකුගේ අඩවියක් බව තේරුම් ගන්න.......ඒවට තමන්ගේ තොරතුරු දීමෙන් වලකින්න......මේ ගැන සැලකිලිමත් උනොත් අපිට අපේ එකව්න්ට් එක හැක් වීම 90%කින් විතර නතර කරගන්න පුලුවන්........මීට අමතරව,,


  • තමන්ගේ ගිනුම් වලට ශක්තිමත් පාස්වර්ඩ් යොදන්න.......ශක්තිමත් කියල අදහස් කරනුයේ ඉලක්කම්,අකුරු,සංඛේත ඇති අකුරු 15ක් පමන දීර්ග පාස්වර්ඩ් එකක්......    
                                    
  • security question එක අනෙකෙක්ට අනුමාන කල නොහැකි අයුරින් ලබා දෙන්න.......

  • කිසි විටක තමන්ගේ පාස්වර්ඩ් වෙන කෙනෙක්ට ලබාදීමෙන් වලකින්න......

  • ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න........ (https://www.facebook.com/settings?tab=security)


  • ඔබගේ මිතුරන් නොවන අයට ඔබගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන එකත් හොදයි ;)(https://www.facebook.com/settings/?tab=privacy)මේදේ කරන්නේ අනුමාන කිරීම් අඩු කරගන්න :)

  • නොදන්න අය එවන ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ට් කිරීමෙන් වලකින්න........

මේටික අනුගමනය කරොත් ඔබගේ ගිනුම ආරක්ෂා කරගන්න පුලුවන්.......

මේ ලිපිය මේ විදියටම ෆේස්බුක් ගෲප් එකක සමහර අය දැකල ඇති........එම ලිපිය මම විසින් සාදපු ලිපියක්.......කොපි පේස්ට් කිරීමක් නොවන බව සලකන්න :)

0 facebook එකේ අලුත් විස්තර

කොහොමද ඉතින් කස්ටියට.......අද ආවේ මූනුපොතේ අලුත් විස්තර ටිකක් අරන්........(අලුත් කිව්වට දැන් නම් ටිකක් පරනයි..මට පෝස්ට් එක දාන්න පරක්කු උනා නේ :D )
මුලින්ම කියන්න තියෙන්නේ මූනු පොතේ Profile Layout එක සෑහෙන්න වෙනස් කොරලා.......මේ වෙනස්කම ලැබෙන්නේ අලුතෙන් FB Account එකක් හදන අයටයි.......නමුත් ලගදීම පරන යුසර්ස්ලටත් අලුත් Profile Layout  එක වැටෙයි.........
FB එකෙන්ම මේ වෙනස ලැබෙනකම් බලන් ඉන්න බැරිඅයට මෙතනින් ගිහින් Profile Layout එක වෙනස් කරගන්න පුලුවන්........මොකද FB එකෙන් පරන Usersලට කැමති දෙයක් කරගන්න තවම ඉඩ දීල තියෙනවා........ඒ කිව්වේ කැමතිනම් අලුත් Profile Layout එක දාගන්න පුලුවන්,නැත්නම් පරන Profile Layout එකම තියාගන්න පුලුවන්........මේ Profile Layout  එක ඉස්සෙල්ල තිබුන Profile Layout  එකට වඩානම් හොදයි වගේ...........

මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න........

අනික් කාරනාව තමයි FB එකෙන් Mail සේවයක් පටන් අරන් තියෙනවා........මේ සදහා දැන්මම ඉල්ලුම් කරන එක හොදයි......කැමති අයට මෙතනින් ගිහින් ඉල්ලුම් කරන්න පුලුවන්...........

එහෙනම් අපි කැපුනා..........
ඊලග ලිපියෙන් ආයි එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!! 

2 Fan page එක යාලුවෝ සියල්ලන්ටම Suggest කරන්න පුලුවන් ක්‍රම ටිකක්

කොහොමද යාලුවනේ.......අද මම ආවේ තවත් මැක්සා වැඩක් අරගෙන.......මේ ලිපියේ විශේෂ වැදගත් කමක් තියෙන්නේ මූනුපොතේ Fan page එකක් තියෙන අයටයි.......අද කියන්න යන්නේ අපි පාවිච්චි කරන ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් අපේ Fan page එක යාලුවො සියල්ලන්ටම එකපාර Invitations යවන්න පුලුවන් විදියක් ගැනයි.......විදියක් කිව්වට විදි 3ක්.......යාලුවෝ 1000ක් විතර ඉන්නවනම් ඉතින් මේ ක්‍රමේ වටිනාකම කියලා වැඩක් නෑ......හැබැයි මේ ක්‍රම ටික කියලා දුන්නම අපේ Fan page එකත් යාලුවන්ට suggest කරන්න අමතක කරන්න එපා හොදේ :D.......
Google Chrome සදහා

Google Chrome පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන Extension එක Install කරන් ඉන්න.......දැන් suggest කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.......ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට Toggle all කියන එක ක්ලික් කරන්න........
 දැක්කද Magic එක.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න.......

Firefox සදහා

Firefox පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන add-on එක Install කරගන්න........ඊට පස්සේ මේ File එකත් Install කරන් ඉන්නකෝ..........ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.........ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට ඉන්න යාලුවො ටික කීයද කියලා දීලා Click Them කියන එක ක්ලික් කරන්න.........
කොහොමද වැඩේ.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න..........

ඕනම Browser එකක් සදහා

ඕනම Browser එකකින් මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රමයකුත් තියෙනවා........ඒකට කරන්න තියෙන්නේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න...........ඊට පස්සේ Address bar එකේ තියෙන Link එක මකලා දාලා මම පහල දීලා තියෙන Code එක Address bar එකේ Copy,Past කරන්න...........ඊට පස්සේ Enter ඔබන්න.......

javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
කොහොමද වැඩේ........ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න...........

දැන් තමයි වටිනම ටික තියෙන්නේ...........වැඩ ටික තේරුනාද බලන්නත් එක්ක මෙතනින් ගිහින් Suggest කරලා බලන්නකෝ.............

එහෙනම් අපි අදට ගියා.........
ඊලග පෝස්ට් එකත් අරන් සටාස්ගාල එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!

4 facebook එකේ අපේ ආරක්ෂාව තහවුරු කරමු

කොහොමද ඉතින් කට්ටියට........මුනු පොත ගැන දෙවෙනි ලිපිය දාන්න ටික දවසක් ගියානේ........මක් කොරන්නද එක එක වැඩ යෙදෙනව නොවැ.......අද ඒකටත් එක්ක ඔන්න මුනුපොතේ අපේ ආරක්ෂාව සලසගන්න හැටි කියන්න තමා යන්නේ...........

මුලික දේවල් ඉතින් කට්ටියට කියන්න ඕනේ නෑනේ ඉතින්..........ඒ කිව්වේ friend request එවන අය ගැන හොයල බලනව වගේ දේවල්.........අද කියන්න යන්නේ හුග දෙනෙක් නොදන්න කාරනා ටිකක්...........
මූනු පොතට ඇතුලු වූ විට Email මගින් දැනුම් දීම

මෙය සකසා ගැනීමට පහල විදාන වලට යොමු වෙන්න.........

Account ------> Account settings ------> Account security -------> Login Notifications on කරලා Save කරන්න............

එතකොට අපේ account එකට log වෙන්න user name, password දුන්නම පහල තියෙන විදියේ වින්ඩෝවක් ලැබෙනවා............
මෙතනදී අපි මතක තියාගන්න ඕනේ කාරනයක් තමයි computer name කියලා අහන එකට හැම වෙලේම එකම නමක් දෙන්න........එතකොට අපිට අමතර කෙනෙක් අපේ account එකට ඇතුලුවෙන්න උත්සහ කරන්න හැදුවොත් අපිට පහසුවෙන් දැනගන්න පුලුවන්..........මොකද අපි දෙන නම තව කෙනෙක් නොදන්නා බැවින්..........

මේකේ තියෙන වටිනාකම තමයි අපේ account එකට log වෙන හැම වතාවකම අපි log  උන computer name එකත් එක්ක email පනිවුඩයක් ලැබීම..........phone එකේ facebook alerts on කරලා තිබ්බනම් ඉතින් phone එකටත් ඒ massege  එකම එනවා...........

අපේ යාලුවන් අනික් අයට නොපෙනෙන ලෙස සැකසීම

තව දෙයක් තමයි අපේ යාලුවන්ව අනික් අයට නොපෙනෙන ආකාරයෙන් සැකසීම...........මෙහෙම සැකසීමක් සැකසූවිට ඕනෑම අයෙක්ට පෙනෙන්නේ  mutual friendsලා පමනයි..........මෙයින් ඔබේ මිතුරන් ගැන විස්තර අන්අය අතට පත්වීම වලක්වා ගත හැක........මේ සැකසුම සෑදීමට මුලින්ම අපේ profile එකේ යාලුවන් පෙන්නන ස්තානයට යොමුවන්න...............

එතනින් ඉහල රූපයේ පරිදි රතු පාටින් ඇති ස්තානය click කරන්න...........ඉන් පසුව එන වින්ඩෝවේ  change visibility settings ක්ලික් කරන්න......... ඊට පස්සේ එන වින්ඩෝවේ see my friend list කියන තැන සැකසුම only me කරන්න..........
මීට අමතර වශයෙන් කියන්න තියෙන්නේ අපේ පුද්ගලික පරිඝනකයෙන් හෝ අපේ පුද්ගලික දුරකතනයෙන් පමනක් මූනු පොතට ඇතුලුවන ලෙසිනි...........කොහෙත්ම internet cafe වලින් log වෙන්න එපා (මූනු පොතට විතරක් නෙමෙයි email වලටත්).......මොකද key logger මෘදුකාන්ග භාවිතයෙන් අපේ තොරතුරු ඔවුන් සතුකර ගත හැකි බැවිනි.............

එහෙනම් අපි යනවා........නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දලා යන්න.........
ඔබට ජය!!!!!!!!!!!!!!!!

0 facebook යනවනම් මේ ගැනත් හිතන්න

ඔන්න අද ආවේ facebook එක්ක හැම වෙලේම කල් ගෙවන අපේ යාලුවන්ට විස්තර ටිකක් කියන්න............මම ඉතින් ලියන්න ඕනේ කියල හිතෙන ඔක්කොම ටික ලියනවනේ..........

facebook කියන්නේ ඉතා ආරක්ෂිත තැනක් කියලා හුග දෙනෙක් හිතන් ඉන්නවා......ඒකේ තියෙන හානිය ගැන හුග දෙනෙක් හිතන්නේ නෑ........ඔයගොල්ලන් දන්නවද දැනට මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් 37%කට facebook account තියෙන බව..........ඒක හොද දෙයක් උනත් නරකම දේ තමයි ඔය 37%න් 27%ක්ම fake account වීම............අපි නොදැනුවත්ව අපේ account එකේ බොරු නම් වලින් ඉන්න අය කොච්චර ඉන්න පුලුවන්ද????????

මේ විදියට හොර account හුග දෙනෙක් හදන්නේ අනෙක් අයගේ තොරතුරු සෙවීමට..........අපි ගැන හොයන්නේ මොකටද කියන එක කෙනෙක්ට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්..........අපේ account එක ටික දවසක් නිරීක්ෂණය කලාම ඔවුන් අපි කොහොම කට්ටියද,මොනවටද කැමති,මොනවද කරන්නේ වගේ හැම විස්තරයක්ම දැනගන්නවා..................ඒකේ තියෙන බැරැරුම්කම තමයි ටික කාලයකින් අපේ තියෙන හැම විස්තරයක්ම අපි කොහෙත්තම නොදන්නා වෙන කෙනෙක් අතට පත්වීම..................

facebook එකේදී profile picture එකට අපි අපේ පින්තූර දැම්මොත් මේ පින්තූර පවා ලබා ගැනීමට යාලුවො වන සියලු දෙනාට පුලුවන් බව ඔබ හොදින්ම දන්නා කාරනයක් (යාලුවො නොවුනත් ගන්න පුලුවන්)..............එමගින් ඔබේ නමින්ම වෙන කෙනෙක්ට ඔබේ පින්තූරයම දමා නව ගිනුමක් සෑදීමට උනත් හැකියාව තියෙනවා..................එමගින් ඔබේ ගිනුම තුල සිටින යාලුවන්ට මිතුරු ඇරයුම්(friend request)යැවීමෙන් ඔබේ යාලුවන්ගේ තොරතුරු පවා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා................

ඔබේ පින්තූරය ඔබ නොදැනුවත්වම වෙනත් අඩවි තුල පවා දිස්වීමට පුලුවන..............photo shop වැනි මෘදුකාන්ග භාවිතයෙන් කැමති ආකාරයට පිංතූර වෙනස් කිරීමටද හැකියාව තිබීම ඉතා බයානක තත්වයක්..............

දැන් තේරෙනව නේද facebook කියන්නේ අපි හිතන තරම් සුන්දර තැනක් නෙමෙයි කියලා...........මම කිව්වේ වෙන්න පුලුවන් දේවල් වලින් අල්පයයි...........මීට වැඩිය දේවල් අනන්තවත් සිද්ද වෙලා තියෙනවා.......මම කිව්වේ ගොඩදෙනෙක්ට වෙන දේවල්............ඊලග ලිපියෙන් මේකාරනා වලින් ආරක්ෂා වෙන හැටි කියල දෙන්නම්...........

අදට අපි යනවා........ඊලග ලිපියෙන් ආයි එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More