22 Subtitles අපිම හදාගන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ........අද මම කියල දෙන්න යන්නේ අපිම සබ්ටයිටල් හදාගන්න හැටි.........කලින් ලිපියේදී Subtitles හොයාගන්න හැටි කියල දුන්නනේ............ඒකත් කියවල එන්න............

මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා..........පලවෙනි ක්‍රමේ තමයි නෝට් පෑඩ් එක මගින් සබ්ටයිටල් එක ලිවීම.............පහල රූපේ බලන්න...........එතකොට පැහැදිලි වේවී..............



මේ තියෙන්නේ ඔරිජිනල් සබ්ටයිටල් එක...........මේක සිංහලෙන් ලිව්වොත් සිංහල Sub ගන්න පුලුවන්............




මේ ක්‍රමේ මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න..........පිංතූරෙන් හොදට පැහැදිලි කල නිසා මම ඒ ගැන වැඩිය විස්තර කරන්න ගියේ නෑ..............

දැන් කියන්න යන්නේ සිංහල Subtitles හදන්න ලේසිම ක්‍රමයක්...........මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්...........මේකෙන් කරන්නේ ඉංග්‍රීසියෙන් තියෙන Sub පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන් එකයි..............මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ...........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න.........


දැන් මුලින්ම කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා ලිපියේ කිව්ව වගේ සබ්ටයිටල් එක ඩව්න්ලෝඩ් කරගන්න එක.........ඊට පස්සේ මේ මෘදුකාන්ගයෙන් එම ගොනුව විවෘත කරගන්න...............පහල රූපේ බලන්න.............


ඊට පස්සේ සබ්ටයිටල් එකින් එක උඩ ක්ලික් කරමින් වෙනස් කරන්න පුලුවන්..............මම රූපේ රෝස පැහැයෙන් ලකුනු කරල තියෙන එව්ව හොදින් බලන්න............සියල්ල අවසානයේ Source view කියන එක ක්ලික් කරල ඇති සියල්ල සිලෙක්ට් කරගෙන කොපි කරගන්න.........ඉන් පසු නෝට් පෑඩ් එක විවෘත කරගෙන පේස්ට් කරන්න.............දැන් මෙම ගොනුව .Srt ගොනුවක් ලෙස Save කරගන්න...............

දැන් මෙම ගොනුව ෆිල්ම් එක තියෙන තැනට ගෙන ගොස් ෆිල්ම් එකේ නමින්ම සේව් කරගන්න.............දැන් ඔබට චිත්‍රපටයට සිංහල සබ්ටයිටල්ද තියෙනවා..............

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!!!!

8 Torrent වලින් බාපු Film එකකට Subtitles එක් කරන හැටි

කොහොමද ඉතින් කෂ්ටියට......දැන් අපිව මතකද මන්ද..........මේ දවස් ටිකේම පොඩි පොඩි වැඩ යෙදුන නිසා බ්ලොග් එක පැත්තේ එන්නත් උනේ නෑ...........ලියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා..........ඒත් ඉතින් ලිය ලිය හිටපු ලිපි පෙල ඉවරයක් කරන්න ඕනේනේ...............ඉතින් මම අද කියන්න යන්නේ ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල් දාගන්න හැටි...............



මේක කරන ක්‍රම ටිකක මම දන්නවා...........ඒව කොටස් දෙකකට පල කරන්නයි මම හිතන් ඉන්නේ............පලවෙනි කොටසෙන් කියල දෙන්න හදන්නේ සබ්ටයිටල් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම ටිකක් ගැනයි...........ඊලග ලිපියෙන් සබ්ටයිටල් හදන හැටි කියල දෙන්නම්...............

Subtitle හොයාගන්න හොදම ක්‍රමේ තමයි ෆිල්ම් එකේ නමින් ගූගල් එකේ සර්ච් කරන එක..........එහෙම කරල එන වෙබ් අඩවි වලින් සබ් එක හොයා ගන්න පුලුවන්..........නැතිනම් මම පහල දීල තියෙන වෙබ් සයිට් වලට ගිහින් අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් කරල බලන්න.............

http://www.opensubtitles.org/en



මේ අඩවි වලට ගිහින් සර්ච් එකේ අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් පාරක් දැම්මොත් සබ් ෆයිල්ස් හොයා ගන්න පුලුවන්........ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ සබ් ෆයිල් එක බාගත කරගන්න එක...........හුගාක් වෙලාවට මේ සබ් ෆයිල් එක තියෙන්නේ Zip එකක් විදියට ඒක Winrar මෘදුකාන්ගයෙන් Unzip කරගන්න...............

ඊට පස්සේ මේ ගොනුව Film එක තියෙන තැනට කොපි කරගන්න...........දැන් ෆිල්ම් එකේ නමින්ම මේ ගොනුව රීනේම් කරගෙන .Avi කියන ෆෝමැට් එක .Srt කියල වෙනස් කරන්න............පහල පින්තූරේ බලන්නකෝ.........එතකොට හොදට තේරෙයි............

තව පොඩි ක්‍රමයක් තමයි Open Subtitles Player කියන එක.........මේකනම් කප්පගේ බ්ලොග් එකෙන් ගත්තේ.............මේකෙන් වෙන්නේ අපි ෆිල්ම් එක බලනකොට අදාල සබ්ගොනුව ඩව්න්ලෝඩ් කර දෙන්න විදානය ලබා දුන්නම එම ප්ලේයර් එකෙන්ම එම ගොනුව සොයා දෙනවා...........එතකොට අපිට සබ්ටයිටල්ස් හොය හොය ඉන්න දෙයක් නෑනේ...........ඒක නිසා මේ ප්ලේයර් එකත් ඩව්න්ලෝඩ් කරගන්න..........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න............ 


තව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න...........පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්..........

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!

8 අපේ ගොනුවක් Torrent එකක් බවට පත් කරන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ.........අද ටොරන්ට් ගැන ලියන ලිපි පෙලේ වැදගත්ම ලිපියක් ලියන්නයි හදන්නේ........ඒ කිව්වේ අපි කොහොමද ටොරන්ට් ෆයිල් එකක් හදන්නේ කියල............ඔක්කෝන්ටම කලින් මේ ලිපි පෙල මුල ඉදන් කියෙව්වේ නැතිකෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් මත ක්ලික් කරමින් මේ ලිපි පෙල කියවල ඉන්න.......මොකද මම මේ ලිපි පෙල දාන්න ප්‍රදානම හේතුව තමයි ඔයගොල්ලන්ට ටොරන්ට් ගැන පූර්න අවබෝදයක් ලබා දීම............

Torrent ගැන දන්නවද?????

Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය

Torrent මගින් නිවැරදිව Download කරමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2 

Torrent files direct download කරමු

හරි එහෙනම් දැන් අද මාතෘකාවට බහිමු..........අපිට යම් ගොනුවක් අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඕන උනොත් ඒක කරන්න තියෙන හොදම මාර්ගය තමයි ටොරන්ට් එකක් විදියට මේක ලබා දීම........එතකොට විශාල ගොනු උනත් ඉක්මනට භාගත කරගන්න පුලුවන්.........දැන් එහෙනම් බලමු මේක කරගන්නේ කොහොමද කියල.............

මුලින්ම ඔයගොල්ලන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගය විවෘත කරගෙන පහල විදානවලට එළබෙන්න.............

File ------> Create new torrent

එතකොට පහල රූපේ ආකාරයේ බොක්ස් එකක් මතුවෙයි............


දැන් Add file කියන එකෙන් ටොරන්ට් ගොනුවක් බවට පත් කල යුතු දේ තෝරා දෙන්න............ඉන් පසු ට්‍රැකර්ස් වලට මම පහල දෙන ගොනුව බාගත කරගෙන එහි තියෙන ට්‍රැකර්ස් ටික ඇතුලත් කරන්න..........හොදින් මතක තබා ගන්න ඕනේ කාරනය තමයි ට්‍රැකර්ස් දමනවිට නිරන්තරයෙන් හිස්තැනක් තබන්න..............දැන් Create and save as..කියන එක ක්ලික් කරන්න.............

දැන් මූලික වැඩ සියල්ල අවසන්..........ඉන් පසුව ඔබට අනෙක් අය සමග මෙම ගොනුව බෙදා ගැනීමට අප්ලෝඩ් කරගත යුතුය............ඒ සදහා මෙතනින් යන්න............ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..............

ට්‍රැකර්ස් ලිස්ට් එක මෙතනින් ගන්න.......

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!



20 Torrent files direct download කරමු

කොහොමද ඉතින් කෂ්ටියට......අද ආවේ ටොරන්ට් ගැන තවත් වටිනාකියන ලිපියක් අරගෙනයි.......ඔය හුගක් අය කැමති නෑනේ ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න........කොහොමත් ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් එකක් ගන්න කොට කාලෙ ටිකක් වැඩියෙන් යනවනේ.......මේ ප්‍රශ්නෙට විසදුමක් තමයි අද ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ...........ඒ කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයකින් තොරව ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න හැටි තමයි අද කියල දෙන්නේ.........
ඔන්න මෙහෙමයි වැඩේ කරන්නේ........මේකට පොඩි සයිට් එකක රෙජිස්ටර් වෙන්න ඕනේ..........මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.............රෙජිස්ටර් උනාම පහල විදියේ පින්තූරයක් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්........


දැන් කරන්න තියෙන්නේ මම කලින් ලිපි වලදී කියල දුන්න වගේ ඔයගොල්ලන්ට ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ ටොරන්ට් එක හොයා ගන්න.......දැන් එම ටොරන්ට් එකේ ලින්ක් එක කොපි කරගෙන torrific.com කියන අඩවියේ සර්ච් එකට ලබා දෙන්න.........


දැන් Initiate bittorrent transmission කියන එක ඔබන්න.........එතකොට එම අඩවිය විසින් එම ටොරන්ට් එක බාගත කරගන්න යන කාලය අපට දැනුම් දෙයි........
එම කාලයට පසු ඔබට එම ටොරන්ට් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කර ගත හැක..........

හරි එහෙනම් ඒ ක්‍රමෙත් කියල දුන්න......මට තව ලිපි කිහිපයකින් ටොරන්ට් ගැන සම්පූර්නයෙන් ලියල ඉවර කරන්න පුලුවන්...........

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More