28 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2

කොහොමද ඉතින් යාලුවනේ.........මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා........මේ ක්‍රිකට් නිසා :පි........ටොරන්ට් ගැන ලිපි පෙල ලියන්න ඕනේ නිසා අද ඒකට තවත් ලිපියක් දාන්න හිතුවා.........අද කියන්න යන්නේ Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු කියන ලිපියේ දෙවෙනි කොටස.........ඔයගොල්ලන් මේ ලිපිවලට කමෙන්ට්වත් දානවනම් ඉතින් ඉක්මනට ලිපි ටික දාන්න තිබුනා........



කලින් ලිපියේදි කිව්වදේ වලට අමතර දේවල් ටිකක් තමා මේ කියන්න හදන්නේ.........ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ටොරන්ට් එකක් බාන කොට වේගේ ප්‍රදාන වශයෙන් ඉන්ටර්නෙට් එකේ වේගේ මත රදා පවතින බව..........ඒක මම නොකිව්වොත් මේව්ව වලින් ප්‍රයෝජනයක් ගන්න ඔබට අපහසු වෙයි..........

මේ ලිපියෙදී පොඩි සොෆ්ට්වෙයාර් එකක් මගින් ටොරන්ට් වේගවත් කරන හැටි ගැන ටිකක් කියල දෙන්නම්........මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි uTorrent SpeedUp Pro කියන්නේ..........මේක uTorrent කියල තිබ්බට Bit torrent පාවිච්චි කරන අයටත් ප්‍රයෝජන ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.........මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න..........මේකේ Rar පාස්වර්ඩ් එකට adureneliyata කියල දෙන්න........

ඊට පස්සේ ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් වීමට දමා uTorrent SpeedUp Pro කියන් මෘදුකාන්ගය විවෘත කරගන්න............ඊට පස්සේ Accelerate කියන එක ක්ලික් කරල තියන්න.........


දැන් වේගේ වැඩි උනාද කියල බලන්න.........

තව ක්‍රම ටිකක් කෙටියෙන් කියන්නම්..........ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙනකොට ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Properties තෝරලා Maximum upload rate කියන එක 5ට වෙනස් කරන්න.........

නැවතත් ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Bandwidth Allocation කියන එක High කියල දෙන්න...........

මේ කියල දුන්නේ මම දන්න ටික.......ඔයගොල්ලන් මීට වඩා දෙයක් දන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාල අපිත් එක්ක ඒ දැනුම බෙදා ගන්න........

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!

48 Firefox 4.0 වලට පරන Addones වැඩ නැද්ද?මෙන්න විසදුම

කොහොමද යාලුවනේ......මම මේ දවස්වල දිගටම ටොරන්ට් ගැන ලිව්ව නිසා ඒකට පොඩි කොමාවක් තියල අද පොඩි ටෙක් වැඩක් කියල දෙන්නයි යන්නේ.........මේක ගිනිනරියා පාවිච්චි කරන අයටනම් ඉතාමත්ම වැදගත් දෙයක් වේවි........


දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ සිංහල වැඩ නෑ (qsfox addone එක)..........එහෙම පුලුවන්ද කියල මේක වැඩ කරගන්න ක්‍රමයක් හොයනකොට මෙන්න හම්බුනා පොටක්........දැන් තිතට qsfox එක වැඩ..........වැඩේ එච්චර අමාරු නෑ.........

මුලින්ම අලුත් Firefox 4.0 එක බාගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බාගන්න.........මොකද පරන එකට වඩා මේක හුගක් හොදයි.........

ඔන්න මෙහෙමයි qsfox එක Firefox 4.0 වලට වැඩ කරන විදියට හදාගන්නේ..........මුලින්ම qsfox එකේ .xpi එක Winrar මෘදුකාන්ගයෙන් විවෘත කරගන්න...........
ඊට පස්සේ ඒකේ තියෙන Install.rdf ගොනුව Desktop එකට Drag and Drop කරගන්න.........එතකොට ලේසියිනේ :)


දැන් එම ගොනුව Note pad එකෙන් විවෘත කරගෙන em:maxVersion කියන තැන අගය 4.5.කරන්න.......


දැන් නැවතත් එම ගොනුව කලින් තිබූ තැනට Drag and Drop (3 රූපය) කරන්න.........එවිට ලැබෙන පරිවුඩය OK කරන්න..........

දැන් .XPI ගොනුව වෙබ් බ්‍රව්සරයට Drag and Drop කරන්න..........එවිට එම ගොනුව බ්‍රව්සරය විසින් Install කරගනි...........දැන් Firefox Restart කරන්න......කොහොමද වැඩේ........මෙතන තියෙන තව විස්තර වෙනස් කරන්න පුලුවන් උනත් එසේ කිරීම සාධාරන නොවේ.........

ඔය ටික කරන්න අමාරුමනම් මම හදපු ගොනුව මෙතනින් බාගත කරගන්න.............

මේ ආකාරයට පරන වෙලුම් වලට වැඩ කරපු Addones අලුත් සංස්කරනයට වැඩ කරන විදියට හදා ගන්න පුලුවන්..........


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......ඔබට නවදේ රැගෙන ඒමට අපිට ඔබගේ ප්‍රතිචාර මහත් අස්වැසිල්ලකි...........

මම ලිපිය ටිකක් වෙනස් කරන්න හදන්නේ........මොකද ගොඩාක් අය කියනවා සිංහල ටිප්ස් වැඩ කරන්නේ නෑ කියලා............ඒක නිසා මම ඒ ගොල්ලන්ට දෙන්න යන්නේ සිංහල ටිප්ස් වෙනුවට ඉඟිය කියන ඇඩෝන් එක...........ඒක මෙතනින් ගිහින් ස්තාපනය කර ගන්න පුලුවන්...................

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

14 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

මම ඉතින් මේ දවස් වල දිගටම ටොරන්ට් ගැනනේ ලියන්නේ........ඉතින් අදත් ඒ ගැනම තමයි ලියන්නේ........අද කියන්න හදන්නේ ටොරන්ට් ෆයිල් ඩව්න්ලෝඩ් වෙන වේගය වැඩි කරගන්න ආකාරය.........

ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරනකොට වේගය ප්‍රදානම වශයෙන් රදා පවතින්නේ අපි ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ඇති පරිඝනක හෙවත් Seed පරිඝනක මතයි........හැබැයි Seed කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒ ගොල්ලන් Leeching කරල නම්.........Leeching කිරීම යනු එම ගොනුව ඩව්න්ලෝඩ් කිරීමෙන් අනතුරුව ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයෙන් ඉවත් වීමයි...........එහෙම කරාම ඉතින් ටොරන්ට් එක තියෙන පරිඝනක ගාන අඩු වෙන නිසා ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගේ අඩු වෙනවා...........අපිත් මේ ගොනුව ඩව්න්ලෝඩ් කරගත්තේ තව කවුරුන් හෝ ඒ ගොනුව ලබා දුන් නිසා කියල හිතල Leeching කිරීම කරන්න එපා.........ඒක මෙම වටිනා ක්‍රමයේ පැවැත්මට ඉතාමත්ම වටිනවා........

ඔය Leeching කරන අය නොදන්න කාරනය තමයි අපේ IP මාර්ගයෙන් අපි ඩව්න්ලෝඩ් කර ප්‍රමානය සහ අප්ලෝඩ් කර ප්‍රමානය අනුව අපිට Ratio එකක් ලබා දීම.........එම Ratio එකේ තියෙන වටිනාකම තමයි අපේ අප්ලෝඩ් කිරීමේ ප්‍රමානය අනුව ඊලගට අපි ලබා ගන්නා ටොරන්ට් එකේ වේගය තීරනය වීම.......ඒ කියන්නේ අප්ලෝඩ් Ratio එක 01ට ආසන්න වූ විට ඊලගට අපි ඩව්න්ලෝඩ් කරන ටොරන්ට් එකට හොද වේගයක් ලබා දෙනවා........හැබැයි අපි Leeching කරොත් අපි බාන ටොරන්ට් වල වේගය එන්න එන්නම අඩු වෙනවා...........අපේ දැනට තියෙන Ratio එක බලා ගන්න ටොරන්ට් ක්ලයන්ට් එක විවෘත කරගෙන මේ විදාන වලට යොමු වෙන්න..........

Help -----> Show statistics 

ඊලගට තියෙන තවත් ක්‍රමයක් තමයි ට්‍රැකර්ස් මගින් වේගය වැඩි කර ගැනීම.............අපි ඩව්න්ලෝඩ් කරන ගොනුවට අදාල සියලුම ට්‍රැකර්ස් ටික පහසුවෙන් හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා........ඒ ක්‍රමේ තමයි අපිට අවශ්‍ය කරන ටොරන්ට් එක තෝරා ගැනීමෙන් පසුව පැමිනෙන පිටුවෙහි (thepiratebay,,,,,,kickasstorrents.com තෝරන්න එන පිටුව ගැනයි කියන්නේ :ඩි) යටට වන්න "µTorrent compatible list here" කියල එකක් ඇති..........


ඒක ක්ලික් කරාම නව පිටුවක් විවෘත වී අදාල ටොරන්ට් එකට අදාල සියලූම ට්‍රැකර්ස් බලා ගන්න පුලුවන්.............ඊට පස්සේ කරන්න තියෙන්නේ එම ට්‍රැකර්ස් ඔක්කෝම ටික කොපි කරගෙන ටොරන්ට් ක්ලයන්ට් එකේ ට්‍රැකර්ස් කියන Tab එකට යන්න............දැන් Add Tracker වලින් ගිහින් මේ ට්‍රැකර්ස් ඔක්කොම ටික පේස්ට් කරල දාන්න............


දැන් බලන්න ඩව්න්ලෝඩ් වේගේ වැඩි වෙන හැටි..............

ඔය ගොල්ලන් දැනට ඩව්න්ලෝඩ් කරමින් ඉන්න ගොනුවක ට්‍රැකර්ස් හොයන්න ඕන උනොත් General Tab එකේ තියෙන Hash මගින් හොයා ගන්න පුලුවන්............Hash එක කොපි කරගෙන ටොරන්ට් සර්ච් එකේ සර්ච් කරාම එම ගොනුවට අදාල පිටුව විවෘත වෙනවා..........ඉතිරි ටික ඉස්සෙල්ල වගේම තමයි කරන්න තියෙන්නේ..........

තව වේගේ වැඩි කරගන්න පුලුවන් ක්‍රම කීපයක් දන්නවා.........ඔය ගොල්ලනුත් දන්න ඒව තියෙනවම් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.............මම දන්න ටික හෙමින් සැරේ කිය්ල දෙන්නම්.............

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!

9 Torrent මගින් නිවැරදිව Download කරමු

ඔන්න අද හදන්නේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටික ලියල දාන්න.........කලින් ලිපියේදී මම කිව්වේ ටොරන්ට් මගින් නිවැරදිව සර්ච් කරන ආකාරය ගැනනේ........ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න...........ඒ ලිපිය නැවැත්තුවේ thepiratebay,,,,,,,,kickasstorrents.com එකට යන තැනින් නේ.......ඔන්න අද එතන ඉදන් ලියන්න පටාන්ගන්නවා..........


ඊට පස්සේ අලුතින් විවෘත වෙන වින්ඩෝවේ තියෙන විස්තර හොදින් බලන්න ඕනේ.........


  • විස්තර කිව්වේ විශේෂයෙන්ම ලැබිලා තියෙන කමෙන්ට් බලන්න..........ගොඩ දෙනෙක් හොද කියල කමෙන්ට් දාල තියෙනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ.........
  • අනිවාර්යයෙන්ම Seed ගාන බලන්න........මොකද ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගෙට බලපාන ප්‍රදානම සාදකයක් තමයි Seed කියන්නේ........
  • ටොරන්ට් එකේ Quality එක ගැන ටිකක් බලන්න......
  • තව ඉතින් අපි තෝරාගෙන ඇති ටොරන්ට් එක හරිද කියල බලන්න..........
පහල රූපේ බලන්නකෝ.........




ඔය ටික නියමා කාරව තියෙනවනම් Download This Torrent කියන එක ක්ලික් කරන්න...........එවිට 50Kb-70Kb විතර වෙන කුඩා ගොනුවක් ඩව්න්ලෝඩ් වේවි.........


ඊට පස්සේ ඒ ගොනුව µTorrent මගින් විවෘත කර ගන්න..........එවිට කුඩා වින්ඩෝවක් මතුවේ.........එතැනින් ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙන්න ඕනේ කොතැනටද කියා සහ අවශ්‍ය ගොනු මොනවාද කිය Select කර OK විදානය ලබා දෙන්න...........වැඩේ ඔච්චරයි.........දැන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ගොනුව ඩව්න්ලෝඩ් වීම ආරම්භ වෙනවා..........


මම ඔය ගොල්ලන්ට කියා දුන්නේ http://torrentz.eu මගින් ටොරන්ට් ෆයිල් එක හොයා ගන්න හැටිනේ.........එතන තියෙන වාසිය තමයි ඒ ටොරන්ට් එක තියෙන හැම සයිට් එකක්ම අපිට දැක ගන්න පුලුවන් එක සහ කැමති එකකින් ඒ ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගැනීමේ හැකියාව..........එහෙම නැතුව අපිට මේක කෙලින්ම හොයා ගන්න ක්‍රමයකුත් තියෙනවා..........ඒ පහල තියෙන ටොරන්ට් සර්ච් එන්ජින් මගිනි.............(මෙතනදී මම සදහන් කරල තියෙන්නේ ප්‍රසිද්ද ඒවා පමනි..)


අදාල ඉමේජ් උඩ ක්ලික් කරල ගිහින් අවශ්‍ය දේ සර්ච් කරල අදාල ටොරන්ට් එක ඩව්න්ලෝඩ් කර ගන්න පුලුවන්..........
                    
හරි එහෙමනම් අදට ඇති වගේ..........මේ ටිකනම් හුග දෙනෙක් දන්න ටිකක්.........නොදන්නම අයටයි මේ ලිපි ටික දුන්නේ..........ඊලගට ලියන ලිපි නම් නොදන්න අය ගොඩක් ඉන්න පුලුවන්..............


ප.ලි : මේ ලිපිය ලියන්න නම් ටික දවසක් ගියේ අපේ රටේ තියෙන විදුලිබල මන්ඩලය නිසා...........කවුරුත් වගේ දන්නවනේ ශ්‍රී ලංකාවේ විදුලිබල මන්ඩලය කිව්වම සෑහෙන්න හොද සේවාවක් තම පාරිභබෝගිකයන්ට ලබා දෙන ආයතනයක් නේ :P :P 

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!

11 Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය

කොහොමද ඉතින් කෂ්ටියට........කලින් පෝස්ට් එක දාල සතියක් විතර ගියා මේ පෝස්ට් එක ලියන්න........ඒ ගැන නම් බොහොම කනගාටුයි........අද පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ හරි ක්‍රමේට ටොරන්ට් එකක් සර්ච් කරන හැටි ගැනයි........


මම හිතනවා ඔය ගොල්ලන් ඉස්සෙල්ල ලිපියෙදි දීපු මොකක් හරි ටොරන්ට් ක්ලයන්ට් එකක් භාගෙන ඇති කියල............ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා........ඒ ටොරන්ට් ක්ලයන්ට් එක මගින් සර්ච් කිරීම,,,,ටොරන්ට්ස් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම වගේ තව ක්‍රම කීපයක්ම තියෙනවා.........

මම ඔය ගොල්ලන්ට කියල දෙන්න යන්නේ පහසුවෙන්ම සහ නිවැරදිව ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි........ඒ තමයි ටොරන්ට් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම.........පොදුවේ භාවිතා වන සර්ච් එන්ජිම තමයි http://torrentz.eu කියන්නේ...........මුලින්ම ඔය ගොල්ලන් ඒ සයිට් එකට යන්න...........

මම මෙතනදී Film එකක් සොයන ආකාරය කියල දෙන්නම්........මොකද ඒක තමයි අමාරු වැඩේ............හරි මුලින්ම මම කලින් දීපු ලින්ක් එකට ගිහින් ඕන කරන Film එකේ නම ටයිප් කරල අවසානයට Dvdrip කියල දාන්න.........එහෙම කරන්නේ පැහැදිලි වීඩියෝ ඇති එකක් හොයා ගන්නයි..........පහල රූපේ බලන්න...........


ඊට පස්සේ ඔය ගොල්ලන්ට ඒ ෆිල්ම් එකට අදාලව ඇතුලත්ව ඇති ටොරන්ට් විශාල ප්‍රමානයක් ලැබේ.........ඉන් සීඩ් වැඩි ප්‍රමානයක් තියෙන ටොරන්ට් එකක් තෝරා ගන්න.......මතක ඇතුව ටොරන්ට් එකේ Size එක බලන්නත් අමතක කරන්න එපා.............


දැන් අලුත් පිටුවක් දකින්න ලැබෙයි.......මෙතනින් ඔබ කැමති එකක් තෝරා ගන්න හැකි වුවත් thepiratebay,,,,,,,,kickasstorrents.com වැනි එකක් තෝරා ගන්න එක හොදයි..........මොකද මම පුද්ගලිකව එම සයිට් 2කට කැමැත්තක් දක්වනවා සහ හොද ප්‍රතිචාර තියෙන සයිට් 2ක්..............



මේ ලිපියේ අඩුපාඩුවක් එහෙම තිබ්බනම් එය නිවැරදි කරන්න...........
ඉතිරි ටික ඊලග ලිපියෙන් දාන්නම්.........මොකද ලිපිය දික් ගැස්සෙනව වැඩියි වගේ.........ඊලග ලිපියනම් හෙටම දානවා..........

එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!


10 Torrent ගැන දන්නවද?????

කොහොමද ඉතින් කෂ්ටියට........අද මම කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ හදන්නේ.......මම දැනට දවස් කීපයකට කලින් මූනු පොතේ අපේ මිතුරු පිටුවේ දැනිවීමක් දැම්මනේ ටොරන්ට්ස් ගැන මුල ඉදන් සරලව කියල දෙනවා කියලා.........එහෙම දාන්න හේතුවක් තිබුනා........හුග දෙනෙක් ටොරන්ට් ගැන දන්නවා උනාට සමහර අය ටොරන්ට් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.......ඒක මට එන මේල්ස් වලින් හොදටම තේරුන නිසා තමයි මුල ඉදන් සරලවම කියල දෙන්න හිතුවේ..........



මට මේ ගැන එක ලිපියකින් පල කරන්න අමාරු නිසා ලිපි කිහිපයකට කඩල දාන්න හිතුවා.........මෙතනදී තව දෙයක් කියන්න ඕනේ.........මම මේ ලියන ලිපි වලට සමහර කරුනු හොයා ගත්තේ මගේ මිතුරෙකුගෙන් සහ අන්තර්ජාලයෙන්........සමහර කරුනු සොයා ගත් බ්ලොග්/වෙබ් අඩවි මගේ මතකයේ නැති නිසා මට ඊට අදාල ලින්ක් පල කිරීමට නොහැකි වීමට ඉඩ තිබේ..........

එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු........මුලින්ම කියන්න තියෙන්නේ ටොරන්ට්ස් කියන්නේ මොකක්ද කියන එක..........ටොරන්ට්ස් කියන්නේ චිත්‍රපට,,,,,,මෘදුකාන්ග,,,,,,,රූපවාහිනී වැඩසටහන්,,,,,,ගීත වැනි ගොඩාක් දේවල් ඉක්මනින් භාගන්න පුලුවන් ක්‍රමයක්.........අපි සාමාන්‍යයෙන් යමක් භාගත කර ගැනීමක් කර ගන්නේ FTP හෝ HTTP තාක්ෂනයෙන්නේ.........ඒ ක්‍රමේට භාගත කිරීම් කරන කොට ඒවායේ වේගය අඩු වීමට පුලුවන්..........ඒකට හේතුව තමයි අදාල සර්වරය කාර්යබහුල වීම........නමුත් ටොරන්ට්ස් වල භාවිතා වන තාක්ෂනය ඊට වඩා වෙනස් එකක්........ඒ කිව්වේ මේකේ භාවිතා වෙන්නේ පියර්-ටු-පියර් කියන ක්‍රමය..........

මේකෙන් වෙන්නේ මොකක්ද කියල ටිකක් කියල දෙන්නම්........අපිට යම් දෙයක් ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වූ විට එය විශේෂිත ෆයිල් ෂෙයාරින්ග් මෘදුකාන්ගයක් (Bit torrent,,,,,,µtorrent) හරහා ලබා දිය යුතුය.........එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගය මහින් අප විසින් භාගත කල යුතුයි ඉල්ලූ දෙය ඇති වෙනත් පරිඝනක දැනට අන්තර්ජාලයට සම්බන්දව පවතී දැයි සොයා බලයි........ඉන් පසු එවැනි පරිඝනක මගින් අදාල දෙය භාගත කර දෙයි..........ඉන්පසු ඩව්න්ලෝඩ් වී අවසන් වූ පසු එම ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් අප ඉවත් නොවී සිටින තාක් කල් අප භාගත කර ෆයිල් එක තවත් ඉල්ලන අයට දීමට හැකියාව පවතී.......ඔබ මේ ආකාරයට ෆයිල් ශෙයාරින්ග් මෘදුකාන්ගයෙන් ඉවත් නොවන එක ඩව්න්ලෝඩ් වීම වේගවත් වීමට හේතුවක් වේ.......(මෙය තාක්ශනික පසුබිම බැවින් නොතේරුනද ගැටලුවක් නැත :))

ෆයිල් ශෙයාරින්ට් සොෆ්ට්වෙයාර් එකට ටොරන්ට් ක්ලයන්ට් කියල කියනව කියන්න අමතක උනානේ........

මම ඊලග ලිපි වලින් අපි කාටත් ඕන කරන ටික කියල දෙන්නම්.......එතකන් ටොරන්ට් ක්ලයන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න.......කැමති එකක් ඩව්න්ලෝඩ් කරගන්න අදාල ඉමේජ් එක මත කොටන්න...........හැබැයි මම නම් පාවිච්චි කරන්නේ µTorrent කියන එක.........ඒක ඩව්න්ලෝඩ් කර ගත්තොත් මට කියල දෙන්න ලේසි වෙයි..........මම මෙතන දාල තියෙන්නේ ප්‍රදානම ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් 2ක්.......තව එව්ව ඕන තරම් තියෙනවා........


මේ ලිපිය ලිව්වේ අපි තාක්ෂනික පැත්ත ගැනත් ටිකක් දැනන් ඉන්න ඕන නිසා.........ඒ ගැන නොදැන මෙව්ව කරන අය සෑහෙන්න ඉන්නවා........ඒත් ලියන දේ සම්පූර්නයෙන්ම ලියන්න එපැයි.........

මේ ලිපි වලට කමෙන්ට් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.......

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!


6 කැමති විදියකට Icon හදමු

කොහොමද ඉතින් යාලුවනේ......සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ.......හේතුව ඉතින් ක්‍රිකට් තමා :D

හරි අනන් මනන් නෙමෙයි අද මම ආවේ ඔය ගොල්ලන්ටම කියල අයිකන් නිර්මානය කරන හැටි කියල දෙන්න.......මේ වැඩේ හරිම සරලයි.......මම ඉතින් කවදත් කාටත් ලේසියෙන්ම කරගන්න පුලුවන් දේවල් නේ කියල දුන්නේ..........


හරි මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.........ඒක ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටල භාගත කරගන්න..........ඊට පස්සේ වැඩේට බහිමු.........මේකත් ඉතින් 2.23MB නිසා කාටත් ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...........


ඊට පස්සේ අලුතෙන් Icon එකක් නිර්මානය කරගන්න Create new icon ක්ලික් කරල හදන්න ඕනේ Icon එකේ Size එක තෝරන්න.........ඊට පස්සේ ඉතින් නිර්මාන කටයුත්ත කරන්න තමයි තියෙන්නේ.......සම්පූර්න වර්න සහිත Icon එකක් නිර්මානය කරගන්න නම් True color + Alpha සිලෙක්ට් කරල තියෙන්න..........

ඔය ටික තමයි කියන්න තියෙන්නේ......මොකද වැඩේ කරගන්න නම් ඕනම කෙනෙකුට හරිම ලේසියි..........මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න......තව පොඩ්ඩෙන් අමතක වෙනවා........මේකෙන් තව වැඩ කරගන්න පුලුවන්නේ.......දැනට අපි ලග තියෙන Icon සංස්කරනය කරන්න පුලුවන්,,,,,,ජන්ගම දුරකතන වලට ගැලපෙන විදියට අලුතින් Icon හදන්නත් පුලුවන්,,,,,,,තව මැක් පරිඝනක වල තියෙන Icon වින්ඩෝස් වලට ගැලපෙන විදියට හදන්නත් පුලුවන්........

ඔය Icon හදන්න ඉතින් කම්මැලිමනම් මෙතනින් ගිහින් හොද Icon තියෙනවද බලන්න.........නැති වෙන්න බෑ......මෙතන ඕන තරම් Icon තියෙනවනේ :D

එහෙනම් අපි කැපුනා........
ඔබට ජය!!!!!!!!!!







Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More