2 සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!

හෙටින් ලබන්නාවූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවු වාසනාවන්ත නව වසරක් වේවා!!!!!!!!!!!! 

පොඩි සිංදුවකුත් හොයා ගත්තා......


ඔබ සැමට ජය!!!!!!!!!!!!

0 Google chrome extension ටිකක්

කොහොමද ඉතින් කෂ්ටියට......අද ගෙනාවේ Google Chrome පාවිච්චි කරන අයට Extensions ටිකක්.......සාමන්‍යයෙන් බ්‍රව්සර් එකකට තියෙන්නම ඕනේ Extensions තමයි අපි හදුන්වා දෙන්නේ.........එහනම් මේ ටික හොදද බලන්නකෝ........


Webpage Sreenshot Extension

මේකෙන් වෙන්නේ අපෙට ඕන වෙබ් පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් එක........වටිනාකම තියෙනේ මේකෙන් පින්තූරයක අවශ්‍ය කොටස පමනක් වුවත් තෝරන්න පුලුවන්........මේක බ්ලොග් ලියන අයටනම් ඕනම වෙන Extension එකක්නේ.........එහෙනම් Install කරගෙනම බලන්නකෝ.........

Download here

Xmarks Extension 

මේකෙන් වෙන්නේ අපේ බුක්මාක් ටික මතක තියාගෙන ඉන්න එක........මේගැන මම ඉස්සෙල්ල පෝස්ට් එකෙත් කිව්වනේ..........මේක Install කරගෙන Account එකක් හදාගන්න ඕනේ.........ඊට පස්සේ Synchronize කරාම හරි..............එහෙනම් Install කරගනම බලන්නකෝ...........

  
තව එව්ව පස්සේ දෙන්නම්කෝ..........

එහනම් අපි වාශ්ප උනා..........
ඊලග ලිපියෙන් ආයි එන්නම්කෝ...........
ඔබට ජය!!!!!!!!!!!!!!!

2 ගිනි නරියා ටිකක් හීලෑ කරමු

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආව මොකක් හරි කොටල යන්ට කියල.......මොකක් හරි කිව්වට ඉතින් ටිකක් වටිනා කියන දෙයක් කියන්න ඕනේ නිසා Firefox add-ones ටිකක්ම දෙන්න හිතුවා........මෙව්ව ඉතින් වටිනා කියන එව්ව......වැඩි කතා ඕනේ නෑ.......ඔය පහල තියෙන එව්ව පොඩ්ඩක් බැලුවනම්........

Xmarks addon
මේකෙන් වෙන්නේ අපේ bookmark ටික මතක තියාගන්න එක........හදිස්සියෙවත් Browser එක අලුතින් දාන්න ඕන උනොත් තිබ්බ bookmarks එහෙම ඉවරයිනේ......මේකෙන් එහෙම වෙන්නේ නෑ......මුලින්ම මේක ස්තාපිත කරගෙන ගිනුමක් හදා ගන්න......ඊටපස්සේ තියෙන බුක්මාක් ටික synchronize කරන්න.......එහෙමනම් ඉතින් Install කරගෙනම බලන්නකෝ........


screenshot pimp addon

මේක පොඩි ටූල්බාර් එකක්......මේකෙන් අපිට මොකක් හරි පිටුවක Screen-shot ගන්න පුලුවන් කම තියෙනවා......තව යුටියුබ් එකේ වීඩියෝස් බාන්න එකකුත් තියෙනවා........තව මුනුපොතට යන්න ශෝට්කට් එකක් එහෙමත් තියෙනව නොවැ......එහෙමනම් Install කරගෙනම බලන්නකෝ.......


තව එව්ව තියෙනවා.....හෙමිහිට දෙන්නම් කෝ..........

මතක තියාගන්න ඕනවට වැඩිය Add-ones  පුරවගන්න එපා........එතකොට බ්‍රව්සර් එක ස්ලෝ වෙනවා...........අවශ්‍ය එව්ව විතරක් දාගන්න..........

එහෙනම් අපි කැපුනා...........
ඊලග ලිපියෙන් එන්න බැරියැ.........
ඔබට ජය!!!!!!!!!!!!

2 fun virus කිහිපයක්

කොහොමද යාලුවනේ........අද කියල දෙන්න යන්නේ Notepad එකේ ට්‍රික් ටිකක්......මම කලින් කියල දුන්නනේ කුඩා computer virus එකක් තනමු කියල එකක්......ඒක කියෙව්වෙ නැත්නම් ගිහින් කියවලා එන්නකෝ.....මුලින්ම කියල දෙන්න යන්නේ ඒ වැඩේට ලේසි ක්‍රමයක්.......

මේක කරන්න ඕනේ මේ විදියටයි.......මුලින්ම Notepad එකට ගිහින් පහල විදියට ටයිප් කරන්නකෝ........ටයිප් කරන්න අමාරුනම් කොපි පේස්ට් එකක් දාගන්න........
@echo off
lots of boxes
start boxes
දැන් ඔය ෆයිල් එක සේව් කරන්න ඕනේ........සේව් කරද්දී boxes.bat කියල save name එකට දෙන්න.........

හරියට වැඩේ කලානම් නොනවත්වා CMD වින්ඩෝව විවෘත වෙනවා.......ඕක නවත්වන්න නම් Ctrl එකත් එක්ක C ගහන්න......එතකොට වින්ඩෝ විවෘත වීම නතර වෙනවා........

ඊලගට කියල දෙන්න යන්නෙත් පොඩි ෆන් වයිරස් එකක් හදන හැටිම තමයි.........මේකෙදි වෙන්නේ අපේ Cdrom එක නොනවත්වා ඇරෙන එක..........

ඔය පහල තියෙන කෝඩ් එක නෝට්පෑඩ් එකට කොපි පේස්ට් කරලා .vbs ෆයිල් එකක් විදියට සේව්කරන්න........උදාහරනයක් විදියට cdrom open.vbs කියල වගේ..........


Do
Set A = CreateObject("WMPlayer.OCX.7")
Set colcdroms = A.cdromCollection
if colcdroms.count>=1 then
for i=0 to colCdRoms.count - 1
colcdroms.item(i).eject
next'cdrom
End if
loop

මේක නවත්වන්න ඕන උනාම Task Manager එකට යන්න........එතන wscript කියල එකක් Run වෙනව පෙනෙයි.........ඒක End process කරන්න.........එතකොට හරි...........(Task Manager එකට යන්න Ctrl, Alt, delete එකවර තද කරන්න..........)

මෙව්ව කියල දෙන්නේ අනෙක් අයට කරදරයක් කරන්න නෙමෙයි.........දැනගෙන ඉන්න එක හොද නිසා..........

එහෙනම් අපි කැපුනා.........
ඊලග පෝස්ට් එකෙන් එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!


10 නොපෙනෙන folders හදමු

අද කියල දෙන්න යන්නේත් පොඩි ට්‍රික් එකක්ම තමයි........නමක් නැති Folders හදන්න තමයි කියල දෙන්න යන්නේ......ඕනෙමනම් Folder එකේ නම මකලා දාන්න පුලුවන්ද කියල බලල ඉන්නකෝ.......ආ වැඩේ එච්චර අමාරු නෑ........පහසුවෙන් කරගන්න පුලුවන්........



ඕනේ අය පහල තියෙන විදියට වැඩේ කරගන්නකෝ...........

මුලින්ම Desktop එකට ගිහින් පහල විදාන අනුව ක්‍රියා කරන්න........
Write click -----> New -----> Folder

දැන් එක Rename කරන්න ඕනේ......ඒකට කරන්න තියෙන්න Alt එකත් එක්ක 0160 ගහන්න........දැන් මොකද උනේ.......වැඩේ හරිනේ..........

ඕක දැන් හැන්ගුවොතින් ආයි හොයන්න ලේසි නෑ.......හන්ගන්න ඕනේ නම් පහල විදාන අනුව ක්‍රියාකරන්න.......

Write click folder -----> Properties -----> Customize tab -----> Change icon

දැන් ඔතනට ගිහින් බලන කොට හිස් ඉඩ පමනක්  ඇති ස්තාන දැකිය හැක.......එවැන්නක් තෝරා දී OK කර නැවතත් Apply,,,,OK විදාන වලට යොමු වන්න.........
දැන් අර Iconඑකත් නොපෙනේ............වැඩේ කොහොමද.......හැබැයි මේවට කමෙන්ට් දාන්න ඕනේ:D

එහෙනම් අපි කැපුනා...........
ඊලග ලිපියෙන් ආයි එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!

5 start menu එකේ නම වෙනස් කරමු

කොහොමද කෂ්ටියට.....ඔන්න අද කියල දෙන්න යන්නේ Start button එකේ නම වෙනස් කරන්නේ කොහොමද කියලයි.......මේ දවස් වල Windows Tricks වැඩිද මන්ද......මේව කියවල ගොඩාක් අය ගියාට ලේසියට Comment එකක්වත් දාන්නේ නෑනේ :(

සැ.යු : මේ සදහා Registry එක Edit කලයුතු බැවින් එය Backup කරතබා ගැනීමට මතක තබාගන්න.............

හරි හරි කරන්න ඕනේ අය පහල විදියට වැඩේ කරගන්න...........

මේ වැඩේටනම් සොෆ්ට්වෙයාර් එකක් ඕනේ වෙනවා........ඒක මෙතනින් ගිහින් Download කරගෙන ඉන්න........ඊට පස්සේ මේක Install කරගෙන වැඩේ පටාන් ගමු........

මුලින්ම Software එක Open කරගෙන ඉන්න එතකොට පහල පින්තූරේ වගේ වින්ඩෝ එකක් ඒවි.........

දැන් පහල විදාන අනුව ක්‍රියාකරන්න........
File -----> Open -----> C drive -----> Windows -----> Explorer
(මෙහිදී C drive ලෙස නම් කර ඇත්තේ මෙහෙයුම්පද්දතිය Install කර ඇති Partition එක ලෙස සලකන්න....)

දැන් පහල පින්තූරේ ආකාරයට වින්ඩෝවක් පැමිනේ.........

දැන් String Table කියන එක ඉදිරියේ ඇති + ලකුන ක්ලික් කරන්න.........ඉන්පසුව අංක 37 ඉදිරියේ ඇති + ලකුණ ක්ලික් කරන්න........දැන් අංක 1033 ක්ලික් කරන්න..........ඉන් පසුව පහල පින්තූරේ විදියට Start කියන නම වෙනුවට තමන්ට අවශ්‍ය නම ලබා දෙන්න.........ඉන් පසුව Compile Script කියන එක ක්ලික් කරන්න.........

සියල්ල අවසන් වූ පසු File/Save as ගොසින් File එක Save කර ගත යුතුය.........හොදින් මතක තබා ගතයුතු කරුන වන්නේ මෙහිදී File name ලෙස ලබා දිය යුත්තේ ඔබ විසින් Startවෙනුවට යොදා ගත් නම .exe එකක් ලෙස ලබා දිය යුතු බවය.........උදාහරනයක් ලෙස වෙනස් කර නම home නම් File name එක home.exe විය යුතු............

ඉන්පසුව Registry වෙනස්කම් කිරීම සදහා Start/Run යන්න..........එතනින් regedit කියා ටයිප් කර Enter ඔබන්න............
ඉන්පසුව පැමිනෙන වින්ඩෝවේ පහල විදාන සදහා යොමු වන්න...........

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon
ඉන්පසුව දකුනු පැත්තෙන් Shell කියන එක සොයා Double Click කරන්න..........එහි ඇති Explorer.exe කියන එක වෙනුවට ඔබ විසින් Start වෙනුවට යෙදූ නම යොදන්න............උදාහරනයේ හැටියට නම් home.exe වේ..........දැන් OK එක ක්ලික් කරන්න..........දැන් පරිඝනකය Restart කරන්න.........

කොහොමද වැඩේ..........

එහෙනම් අපි කැපුනා............
ඊලග පෝස්ට් එකෙන් එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!

13 කුඩා computer virus එකක් තනමු

කොහොමද කෂ්ටියට........මේ දවස් වල මම ලියන්නේම Windows Tricks ගැනනේ......ඒක නිසා අදත් පොඩි Trick එකක්ම කියල දෙන්න හිතුවා........අද කියන්න යන්නේ කුඩා පරිඝනක වයිරස් එකක් හදන හැටි.......බය වෙන්න දෙයක් නෑ.......මේකෙන් කිසිම හානියක් වෙන්නේ නෑ...........ඕනෙමනම් ඉතින් හානියක් කරන්න බැරිත් නෑ........


හරි එහෙමනම් පහල විදියට වැඩේ කරගන්න කෝ..........

මුලින්ම Notepad එක Open කර ගන්න...........ඒකට පහල විදාන අනුගමනය කරන්න.........

Start ------> All programs ------> Accessories ------> Notepad

ඊට පස්සේ කරන්නත් දෙයක් නෑ වගේ......නොට්පෑඩ් එකේ Start කියල type කරන්න කෝ.........ඕනතරම් type කරන්න......

ඊට පස්සේ .bat file එකක් විදියට save කරගන්න........


දැන් එක උඩ double click කරල බලන්නකෝ මොකද වෙන්නේ කියලා..........වැඩි දෙයක් වෙන්නේ නෑ......Start කියල Type කරපු ප්‍රමානයට Cmd එක open වෙනවා.........Start කියලා 1000 විතර Type කරල තිබුනොතින් ඉතින් වෙන එක හිතා ගන්න පුලුවන්නේ............
මෙතනදී මම කියල දීල තියෙන්නේ මූලික ක්‍රමය.........මෙය වෙනස් කරගැනීමට හැක..........උදාහරනයක් විදියට පහල රූපෙ පෙන්නන්න පුලුවන්...........

එහෙනම් අපි වාශ්ප උනා.........
ඊලග පෝස්ට් එකෙන් ආයි එන්නම්...........
ඔබට ජය!!!!!!!!!!!

7 windows XP වල ඇති සැගවුනු සිංදුව සොයමු

කොහොමද යාලුවනේ......අද මම කියන්න යන්නේ වින්ඩෝව්ස් ට්‍රික් එකක්........ට්‍රික් එකක් කිව්වට මේක Windows XP වල සැගවිලා තියෙන සින්දුවක්.......මේක සිංදුවක්මත් නෙමෙයි......හරියට Relaxing music වගේ එකක්........
කරන්න ඕනේ අය පහල විදියට කරල බලන්න......

මුලින්ම My computer එකට යන්න.....ඊටපස්සේ ඔයාල මෙහෙයුම් පද්දතිය Install කරල තියෙන ඩ්‍රයිව් එකට යන්න.......ඉන් පසු පිලිවෙලින් පහල විදාන අනුව ක්‍රියාකරන්න.......
C:\WINDOWS\system32\oobe\images 
(මෙතනදී C:\ කියල තියෙන්නේ මෙහෙයුම් පද්දතිය ඉන්ස්ටෝල් කරල තියෙන ඩ්‍රයිව් එක.......)

දැන් ඔතනදි Title කියල File එකක් ඇති.........ඒක තමයි සැගවිලා තියෙන සිංදුව........අහල බලන්නකෝ.....ලස්සන සිංදුවක්.........

මේ වගේ ට්‍රික්ස් තව තියෙනවා........ඒවත් හෙමින් කියලා දෙන්නම්කෝ..........

එහෙනම් අපි වාශ්ප උනා.........
ඊලග පෝස්ට් එකෙන් ආයි එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!!!!!

2 moniter එකෙන් පෙනෙන අකුරු විශාල කරමු

කොහොමද ඉතින්.......අද දෙන්න යන්නේ හුග දෙනෙක්ට තියෙන ප්‍රශ්නයකට පිලිතුරක්........ප්‍රශ්නේ තමයි මොනිටර් එකෙන් පේන අකුරු පොඩි වැඩියෙ කියන එක..........මේක හුග දෙනෙක් දන්න දෙයක් උනාට අමතක කරපු දෙයක්........ඒකෙන් ඇහැට වෙන හානිය ඉතා විශාලයි.......නොදන්න අයටයි අමතක අයටයි දැන ගන්න තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ...............

ඕකට කරන්න තියෙන්නේ හෙන පොඩි වැඩක් නේ...........ඔය පහල තියෙන වැඩේ කරල බලන්නකෝ..........මුලින්ම කියන්න ඕනේ මේක ජනේලේ පාවිච්චි කරන අයට තමයි කරන්න පුලුවන්.......කරන්න තියෙන්නේ Ctrl key එකත් එක්ක + key එක ක්ලික් කරන එක.........ආයි යතා තත්වයට ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ Ctrl key එකත් එක්ක - key එක ක්ලික් කරන එක........

Mac පාවිච්චි කරන අය ඉන්නවනම් ඔතන Ctrl එක වෙනුවට Shift එකත් එක්ක කරල බලන්නකෝ.........ඒක මට හරියයිද කියන්න බෑ........මොකද මම Mac පාවිච්චි කරලම නෑනේ :(

එහෙනම් අදට අපි කැපුනා..........
ඊලග පෝස්ට් එකෙන් එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!!!

0 facebook එකේ අලුත් විස්තර

කොහොමද ඉතින් කස්ටියට.......අද ආවේ මූනුපොතේ අලුත් විස්තර ටිකක් අරන්........(අලුත් කිව්වට දැන් නම් ටිකක් පරනයි..මට පෝස්ට් එක දාන්න පරක්කු උනා නේ :D )
මුලින්ම කියන්න තියෙන්නේ මූනු පොතේ Profile Layout එක සෑහෙන්න වෙනස් කොරලා.......මේ වෙනස්කම ලැබෙන්නේ අලුතෙන් FB Account එකක් හදන අයටයි.......නමුත් ලගදීම පරන යුසර්ස්ලටත් අලුත් Profile Layout  එක වැටෙයි.........
FB එකෙන්ම මේ වෙනස ලැබෙනකම් බලන් ඉන්න බැරිඅයට මෙතනින් ගිහින් Profile Layout එක වෙනස් කරගන්න පුලුවන්........මොකද FB එකෙන් පරන Usersලට කැමති දෙයක් කරගන්න තවම ඉඩ දීල තියෙනවා........ඒ කිව්වේ කැමතිනම් අලුත් Profile Layout එක දාගන්න පුලුවන්,නැත්නම් පරන Profile Layout එකම තියාගන්න පුලුවන්........මේ Profile Layout  එක ඉස්සෙල්ල තිබුන Profile Layout  එකට වඩානම් හොදයි වගේ...........

මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න........

අනික් කාරනාව තමයි FB එකෙන් Mail සේවයක් පටන් අරන් තියෙනවා........මේ සදහා දැන්මම ඉල්ලුම් කරන එක හොදයි......කැමති අයට මෙතනින් ගිහින් ඉල්ලුම් කරන්න පුලුවන්...........

එහෙනම් අපි කැපුනා..........
ඊලග ලිපියෙන් ආයි එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!! 

2 Cashium සයිට් එක නැවතත් යතා තත්වයට

කොහොමද කෂ්ටියට.......අද කියන්නේ අලුත් දෙයක් නෙමෙයි.......මෙච්චර දවසක් වහලා තිබුන Cashium සයිට් එක නැවතත් යතා තත්වයට පත් වෙලා.........

සයිට් එක වහලා තිබ්බේ අලුත් Server එකකට සයිට් එක ගෙනියන්නනේ........ඒකට හේතුවක් විදියට දීල තියෙන්නේ ඉස්සේල්ලා තිබුන සයිට් එකේ ආරක්ෂාව මදි කමයි........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More