16 කවද හරි ඕන වෙන මෘදුකාන්ගයක් (MiniTool Partition Wizard)

කොහොමද ඉතින් යාලුවනේ......ටික කාලෙකට පස්සේ ආයිමත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.......ඉතින් අද මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ......මේ සොෆ්ට්වෙයාර් එකනිසා මට මගේ පරන හාඩ් ඩිස්ක් එකක් ගොඩදාගන්න පුලුවන් උනා.......


වැඩි කතා ඕනේ නෑ.....මේකයි විස්තරේ......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි MiniTool Partition Wizard කියන්නේ.......බැරි වෙලාවත් හාඩ් එකේ බෑඩ්සෙක්ටර්ස් එහෙම ආවොත් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ........ෆ්‍රී දෙන මෘදුකාන්ග වැඩක් නෑ කියල හැමෝම කිව්වට මේකෙන් කරන්න පුලුවන් වැඩ බැලුවම මේක ෆ්‍රී දෙන්නේ ඇයි කියල හිතාගන්න බැරි වෙයි........මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල ඉමේජ් එක මගින් බලාගන්න පුලුවන්........

මේ තියෙන්නේ ප්‍රදාන පහසුකම් ටික.......
  • Support Windows 2000/XP/Vista/windows 7 (32 bit & 64 bit) operating system.
  • Support RAID.
  • Extend system partition to maximize computer performance.
  • Manage the hard disk for substantial performance increase.
  • Create, Delete and Format partitions with simple steps.
  • Disk Copy to protect or transfer data.
  • Support disk and partition size larger than 2 TB.
  • Convert partition format from FAT to NTFS.
  • Partition Copy: Copy the entire content of one hard disk to another.
  • Copy Disk Wizard: Copy the entire hard disk to another without having to reinstall Windows.
  • Disk Map - Visually demonstrate your disk/partition configuration; preview the changes before applying.
  • Hide/unhide partition, set active partition, etc. - Change partition properties easily.
  • Explore FAT/NTFS partition.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
  • Hot Extend Partition without reboot.
මම කියන්නේ නම් මේ මෘදුකාන්ගේ බාගෙන තියාගන්න.......දැන් ඕන නොවුනත් කවද හරි ඕන වෙන්න පුලුවන්........මේ සොෆ්ට්වෙයාර් එක ඉතා සරල මෘදුකාන්ගයක්.......වැඩ කරන්න හරිම පහසුයි.......ඉතින් ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ අය පහල ඉමේජ් එක ක්ලික් කරන්න.......

මම මේ දුන්නේ හෝම් එඩිශන් එක.......ඒක ෆ්‍රී දෙන එකක්......ඊට අමතරව ගෙවල ගන්න පුලුවන් වැඩි පහසුකම් සහිත මෘදුකාන්ගත් මේ අය හදල තියෙනව.......ඒව ගැන දැනගන්න මෙතනින් යන්න.......මේ ඒ ගොල්ලන්ගේ ඔෆීසියල් සයිට් එක.........

සොෆ්ට් එක හොදනම් පොඩි අදහසක් දාල යන්න........

එහෙනම් අපි කැපෙන්නම්......
ඔබට ජය!!!!!!!!!

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More