10 Screen එක Record කරන්න නියම භාන්ඩේ

කොහොමද යාලුවනේ.......ඉස්සේල්ල පෝස්ට් එකේදී Snapshot ගන්න සොෆ්ට්වෙයාර් එකක් දුන්නනේ.......ඒක කියෙව්වෙ නැතනම් මෙතනින් යන්න.......අද දෙන්න යන්නේ පරිඝනක තිරය පටිගත කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්..........මේ සොෆ්ට්වෙයාර් එක තමයි HyperCam කියන්නේ.........
මේ මෘදුකාන්ගය ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ.......ඕන කෙනෙක්ට මේකෙන් වැඩ කරන හැටි තේරුම් ගන්න පුලුවන්.........මොකක් හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම උදව් කරන්නම්........

පොඩි හැදින්වීමක් කලොත් මේකෙන් අපිට ඕන කරන ප්‍රදේශය විතරක් උනත් රෙකෝඩ් කරන්න පුලුවන්..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් බ්‍රව්සර් එකට ටූල්බාර් එකකුත් ලබා දෙන නිසා වැඩේ ගොඩක්ම පහසුයි.............වීඩියෝ කරනව විතරක් නෙමෙයි සද්දෙත් දෙන්න පුලුවන්.........මේ පහසුකම හැම Screen Recording Software එකකම නෑ..........අපිට යමක් කියා දෙන්න වගේ වීඩියෝ එකක් ගහනවනම් මයික් එකෙන් කියන දේවල් ඉතා පැහැදිලිව ලබා ගන්න පුලුවන්.........

මේ සොෆ්ට්වෙයාර් එක 2.46MB වෙනවා..........ඕන කෙනෙකුට පහසුවෙන් බාගන්න පුලුවන්..........ඒ සදහා පහල ඉමේජය මත කොටන්න.........


එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!!

4 Snapshot ගන්න නියම භාන්ඩේ

කොහොමද කෂ්ටියට.....අද මම ඔය ගොල්ලන්ට තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ........මම හුගාක් පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ හුග දෙනෙක් නෙට් එකට එන්නේ Dial-up connection වලින් හරි Download කිරීමට සීමා තියෙන කනෙක්ශන් එකකින් හරිනේ.......ඉතින් හැමෝටම මේ සොෆ්ට්වෙයාර්ස් පහසුවෙන් බාගන්න ඕන නිසා තමයි මේ වගේ පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ.........


හරි හරි මේ සොෆ්ට් වෙයාර් එක තමයි Snapshot කියන්නේ........මේකෙන් එච්චර වැඩක් නම් කරන්න බෑ.......හැබැයි ඉතින් පරිඝනකය ඇතුලෙදී අපිට ඕන කරන ඕනම තැනක පින්තූරයක් ගන්න මේකෙන් ඉඩ සලසනවා........සම්පූර්න පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් වගේම කැමති කොටසක විතරක් උනත් පින්තූරයක් ගන්න පුලුවන්........මේ ගැනනම් මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ........මොකද මේක ඉතාමත්ම සරල මෘදුකාන්ගයක්.........

එහෙනම් බාගන්න ඕනේ අය පහල ඉමේජ් එක උඩ කොටන්න...........මේ සොෆ්ට්වෙයාර් එක 2.1MB  වෙනවා..........

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම්..............
ඔබට ජය!!!!!!!!!!!!

3 wallpaper එක Automatic මාරු කරමු

කොහොමද යාලුවනේ......අද මම තවත් පොඩි ගැජමැටික් එකක් දෙන්න තමයි හදන්නේ.......මේ පැත්තේ එන යාලුවෙක් ඊමේල් එකක් දාල තිබ්බ සොෆ්ට්වෙයාර් අවුලක් ගැන.......ඉබේම ස්ක්‍රීන් එක වෙනස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැනයි අහල තිබ්බේ........ඉතින් එයාට කියපු ඒ සොෆ්ට්වෙයාර් එක ඔයාලටත් දෙන්න ඕනේ කියල හිතුවා........

හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි AWC කියල කියන්නේ...........හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කැමති කාල පරතරයකදී අපේ Screen එක වෙනස් කරන්න හදන්න පුලුවන්.......මේක ගැන නම් කියන්න දෙයක් නෑ......හරිම සරල මෘදුකාන්ගයක්.........ඒත් ඉතින් කියන එක හොදයි කියල හිතන නිසා ඔහේ කියල දාන්නම්........මුලින්ම ඔය පහල රූපේ බලන්නකෝ.......


මුලින්ම ඔයගොල්ලන්ට ඕන කරන පින්තූර ටික එක File එක
කට දාගන්න........ඊට පස්සේ ඔය රූපේ විදියට Add කියන එක ක්ලික් කරලා ඒ පින්තූර තියෙන ෆයිල් එක තෝරලා දෙන්න.........දැන් එක කොච්චර කාලයකට සැරයක් පින්තූර මාරු වෙන්න ඕනද කියන එක Time කියන තැනින් හදන්න...........ඊට පස්සේ Change කියන එක කොටන්න.........ඔය මම කියල දුන්නේ සරලවම මේකෙ වැඩ කරන හැටි.........මීට වඩා වෙනස් විදියට හදාගන්න පුලුවන්...........ඒ කියන්නේ ඕනෙනම් පින්තූර එන්බෝස් කරා වගේ පේන්න හදන්නත් පුලුවන්...........තව වැඩ තියෙනවා.........ඒ වැඩ මොනාද බලන්න Preferences ක්ලික් කරන්න............

එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක ඕන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........එහෙම නැත්නම් මෙතනින් යන්න.........
එහෙනම් අපි වාශ්ප වෙන්ට කියලයි හදන්නේ.........
ඔබට ජය!!!!!!!!!


10 Rent Referralsලගේ වැඩ ටිකක්

කොහොමද කෂ්ටියට.....මගෙන් යාලුවෙක් ඉල්ලල තිබ්බ රෙන්ට් රෙෆරල්ලගේ කාලය දික් කරනේ කොහොමද කියන එකයි,රෙන්ට් රෙෆරල්ල ඩිලීට් කරන්නේ කොහොමද කියන එකයි ලිපියකින් කියන්න කියල......

5 වේගයෙන් type කරමු 2

කොහොමද කශ්ටියට.......මම ඊයේ දීපු සොෆ්ට්වෙයාර් එක වගේම එකක් තමයි අදත් අරන් ආවේ.........ඒත් ඉතින් ටිකක් වෙනස්.........වෙනස් කියන්නේ ඊයේ දුන්න එකට වඩා මේකේ වැඩ කැලි තියෙනවා........



හරි හරි මේකේ නම තමයි Typing Master කියන්නේ......මේකෙන් ටයිපින් වේගවත් කරන ගමන් හොදට විනෝද වෙන්නත් පුලුවන්.......ඒ කියන්නේ මේකේ Games එහෙමත් තියෙනවා කියන එකනේ......හැබැයි අකුරු සම්බන්ද ගේම්ස් තමයි තියෙන්නේ........අරගෙනම බලන්නකෝ.........ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න........
මේ ලිපිය ලිව්වෙ නැත්නම් අඩුවක් වගේ නිසා තමයි ඒකත් ඔහේ ලියල දැම්මේ......අපේ යාලුවෝ මේ ලිපි වලින් යමක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......මොකද ඒ කමෙන්ට් තමයි අපිට ඉතුරු වෙන්නේ........

එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!

3 වේගයෙන් type කරමු

කොහොමද යාලුවනේ.......අද මම ඔයගොල්ලන්ට Software එකක් දෙන්න තමයි හදන්නේ.......අපේ යාලුවෝ ටයිප් කරන වේගෙ ටිකක් වැඩි කරගන්න කැමති ඇතිනේ........මම මේ කිව්වේ වේගෙ අඩුයි කියල එහෙම නෙමෙයි හොදේ :p :p


හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි Rapid Typing කියන්නේ.......මේකෙන් කීබෝඩ් එක පොඩ්ඩක්වත් හුරු නැති කෙනෙක්ට උනත් පහසුවෙන් වේගවත්ව ටයිප් කරන්න ඉගෙනගන්න පුලුවන්........තව දෙයක් මේක හාශාවල් 24කින් සමන්විතයි.......ලංකාවේ අපිට කවදත් කුඩම්මගේ සැලකිල්ල නිසා සිංහල නම් ඒ අතර නෑ........ඔය පහල රූපේ තියෙන්නේ මේක භාවිතා කරන්න පුලුවන් භාශාවන් ටික........

මේ සොෆ්ට්වෙයාර් එක 5.87MB පමන වන එකක් නිසා ඕන කෙනෙක්ට පහසුවෙන් Download කරගන්න පුලුවන්.......ඔන්න Software එක ගැන නම් ඔක්කෝම වගේ විස්තර ටික කිව්වා.......තව මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න.........පහල තියෙන ඉමේජ් එක ක්ලික් කරල මේක බාගන්න..........
එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!

12 50වෙනි ලිපියයි windows trik එකයි

කොහොමද යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ වින්ඩොස් ට්‍රික් එකක්........අද කියන්නේ Welcome Screen එක වෙනස් කරගන්නේ කොහොමද කියලා..........

මේ වැඩේ කරන්න කැමති කට්ටිය පහල විදියට වැඩේ කරගන්න.......

මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය වන Logon studio කියන සොෆ්ට්වෙයාර් එක බාගන්න.........ඊට පස්සේ ඒක Install කරගෙන ඉන්න...........



දැන් කරන්න තියෙන්නේ මෘදුකාන්ගය විවෘත කරගෙන ලොගින් ස්ක්‍රීන් එක අපිට කැමති පරිදි වෙනස් කර Apply කරගැනීමයි...........මෙහිදී මෙම මෘදුකාන්ගය මගින් අපිට Backgrounds 3ක් ලබා දෙනවා.........තව ඕනතරම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මේ සදහා භාවිතා කරන්න පුලුවන්............ඒකට මෙතනින් යන්නකෝ.........ඊට පස්සේ වින්ඩෝස් Restart කරල බලන්නකෝ...........

තව දෙයක් කියන්න තියෙනව.........මේ මගේ 50වෙනි ලිපියයි...........පලවෙනියට මේ බ්ලොග් අවකාශයට මම ආවේ 2010-08-20 දිනයේදී.........දැනට මාස 5ක් තිස්සේ ලිපි 50ක් දමා තිබෙනවා.........එක මාර්තෘකාවක් කියල නෑ දන්න දේවලුයි,,දැනගන්න ලැබෙන දේවලුයි ඔක්කොම ලියල දානවා...........මෙයින් මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම අනෙක් අයට කියල දෙන්න පුලුවන් උනා...........ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ..........මම බ්ලොග් ලිවිල්ල ලිව්වේ ඔබගේ ප්‍රතිචාර නිසා.........මට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගේ සහයෝගය දිගටම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා............

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!

7 පහසුවෙන් PTC site click කරමු...මුදල් සොයමු!!!!!!

කොහොමද කෂ්ටියට.....එක පාර සයිට් 2කින් Cash out කරාම ඉතින් ඔය ගොල්ලන්ට කියන්න ඕනේ කියල හිතුනා.....මේ සයිට් 2ක තමයි Onbux,Neobux කියන්නේ.......මේ Cash out කරපු Payment prof 2කම පහල දාල තියෙනවා.........

6 අන්තර්ජාලයෙන් පරිඝනකය ආරක්ශා කර ගනිමු

කොහොමද ඉතින් කෂ්ටියට........අද කියන්නේ අන්තර්ජාලෙන් ආරක්ශාවෙන්න පුලුවන් එක ක්‍රමයක් ගැනයි......ඇත්තටම කිව්වොත් මේක ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒ ලින්ක් එක කොහොම එකක්ද කියල බලාගන්න පුලුවන් ක්‍රමයක්........ඒ කිව්වේ ලින්ක් එකෙන් විවෘත වන වින්ඩෝවේ වයිරස් තියෙනවද නැද්ද කියල හොයා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන කියන්නයි මේ හදන්නේ........


මේකේ නම තමයි WOT කියන්නේ........මේක මම Firefox වලයි Google Chrome වලයි පාවිච්චි කරල තියෙනවා.......සමහරවිට අනෙක් බ්‍රව්සර් වලත් වැඩ කරනවා ඇති.......මුලින්ම Install කරගෙන ඉන්නකෝ.........ඒකට පහල සබැදි භාවිතා කරන්න..........

Google chrome සදහා

ඕක Install කරගත්තම පහල පින්තූර වල විදියට ලින්ක්ස් වලින් ආරක්ෂා විය හැක.......... 

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල කොළ පැහැති රවුමක් ඇත..........එනම් මේ ලින්ක් එකෙන් ගිය විට අපිට වයිරස හමුනොවේ........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල තැඹිලි පැහැති රවුමක් දක්නට ලැබේ........එනම් මේ ලින්ක් එක තුලින් ගියවිට වයිරස හමුවිය හැක..........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල රතු පැහැති රවුමක් ඇත.........එනම් ඒ තුලින් ගිය විට අනිවාර්යයෙන්ම වයිරස හමුවේ..........
ඊට අමතරව නිල් පාට පෙදෙස තුල ඇති රවුම ලගට මව්ස් පොයින්ටර් එක ගෙන ගිය විට එහි විශ්වාසත්වය බලා ගත හැක............. 
මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!!!! 

0 අපි සල්ලි හොයමු......

කොහොමද ඉතින් කෂ්ටියට.......අද ආවේ මම කලින් කියපු සයිට් එකකින් Alterpay වලට සල්ලි ගත්ත කියන්නයි......මම හැමදාම සල්ලි ගත්ත කියනකොට එපා වෙයිද දන්නේ නෑ........ඒ නිසා මම මින් පස්සේ වැඩි මුදලක් ගත්තොත් විතරක් මෙතන ලියනවා......මේ සයිට් එකෙන් මම කලින් සල්ලි ගත්තේ Paypal එකටනේ.......එතකොට 1%ක් කැපුනා.......මම මේ සැරේ Cashout කලේ Alterpay එකට.......එතකොට සතයක්වත් අය කරන්නේ නෑ.......ඔය පහල තියෙන්නේ Payment prof එක........

7 incrasebux වලින් සල්ලි ගත්තු බව

ඉස්සේල්ල පෝස්ට් එකේ පොඩි අඩුවක් තිබ්බනේ.......ඒක ඩ්‍රැගන් තමයි කියල තිබ්බේ.......ඒ නිසා Incrasebux වලින් මම සල්ලි ගත්තු Payment prof එක අද දාන්න හිතුවා.......incrasebux කියන්නේ ඉතාමත්ම හොද සයිට් එකක්.......බය වෙන්න එපා.......මම සල්ලි ගන්නේ නැතුව කිසි සයිට් එකක් ඔයගොල්ලන්ට කියන්නේ නෑ......ඒ නිසා දැනට මේ සයිට් වලින් ගෙවන බව මට සහතික වෙන්න පුලුවන්........ඔය පහල තියෙන Payment prof එක බලන්නකෝ.......

9 internet money හොයන්න කැමති අයට පමනයි

කොහොමද ඉතින් කෂ්ටියට............හුග කාලෙකින් Internet money ගැන ලියන්න්ත් බැරි උනානේ..........ඒක නිසා අද තව සයිට් එකක් හදුනවල දෙන්න තමයි හදන්නේ........මේ සයිට් එකෙන් මම Cash-out කරලනම් හෙන කාලයක්.........හරියටම කිව්වොත් දවස් 47ක් වෙනවා........මේකෙන් සල්ලි ගන්න වැඩ කරන දින 30ක් යනවනේ..........එවෙලේම සල්ලි ගන්නත් පුලුවන්........ඒකට අපි $3.5ක් මුලින්ම බදින්න ඕනේ.........එතකොට අවුරුද්දක් පුරාවට එවේලේම සල්ලි ගන්න
පුලුවන්........මොක උනත් කලින් චෙක් කරන්න එපැයි ගෙවනවද කියල............

0 පරිඝනකයටත් අවුරුදු

කොහොමද ඉතින් කෂ්ටියට........අලුත් අවුරුද්දේ පලවෙනි පෝස්ට් එකෙන් වටිනා කියන දෙයක් දෙන්න එපැයි.....ඒ නිසා අද මම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාව........අපිට විතරක් අවුරුදු තියෙන එක හරි මදිනේ......දුකේදි සැපේදි ඉන්න PC එකටත් අවුරුදු තියෙන්න එපැයි........වැඩි කතා ඕනේ නෑ.......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Ccleaner කියන්නේ.........


මේ සොෆ‍්ට්වෙයාර් එකෙන් කරන්නෙ අපෙ පරිඝනකය ඇනලයිස් කරල දෙන එක........පරිඝනකයේ තිබෙන Temporary internet files,history,cookies,resent documents වගේ දේවල් අයින් කිරීමටත් Registryයේ ඇති වැරදි නිවැරදි කර දීමටත් මෙම සොෆ්ට්වෙයාර් එකට හැක (රෙජිස්ට්‍රියේ වැරදි නිවැරදි කිරීම යනු Defolt  තත්වයට ගෙන ඒමයි.........එම නිසා ඔබ විසින් රෙජිස්ට්‍රියට කරන ලද වෙනස් වීම අහෝසිවී යා හැක...........) ඔය පහල තියෙන පින්තූරේ බලන්නකෝ.......


මම ඔයගොල්ලන්ට මේ මෘදුකාන්ගයේ Standard එකත් Portable එකත් යන දෙකම ලබා දෙනවා......ඕන එකක් අරන් පාවිච්චි කරන්න.......



එච්චර කියල දෙන්න දේකුත් නෑ.......මේක බාගත්තම වැඩ කරන්න ඔය ගොල්ලන්ටම පැහැදිලි වෙයි.......මොනාහරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්නකෝ.........
එහෙමනම් අපි කැපුනා...........
ඊලග පෝස්ට් එකෙන් එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More