Showing posts with label ඉඟි. Show all posts
Showing posts with label ඉඟි. Show all posts

7 VIP වෙබ්සයිට් 2

හලෝ...කොහොමද කෂ්ටියට.......සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොගේට ගොඩ වැදුනේ....අපිව දැන් මතකද මන්ද ;)

අද බ්ලොග් එකට ආවම තමයි දැක්කේ කට්ටිය ප්‍රශ්න ගොඩක් අහල තිබ්බ......ඒවට උත්තර දැම්ම......ඒත් ඉතින් ගොඩක් පරක්කුයි......අද මේ පැත්තේ ආවෙත් ඔය ගොල්ලන්ට වටිනා කියන වෙබ් අඩවි ටිකක් කියල යන්න.....කලිනුත් එහෙම වෙබ් අඩවි ටිකක් දුන්නනේ....ඒක බලපු නැති අය ඒකත් බලල එන්න........ඔන්න කලින් එකේ දෙවෙනි කොටස මෙතැන් සිට.......



ප්‍රොග්‍රැමින් ඉගෙන ගන්න සයිට් කීපයක්......


භාෂාවක් ඉගෙන ගැනීමට.....


අන්තර්ජාලයේ රැකියා කිරීම


මිනි ජොබ්ස්.....


සොෆ්ට්වෙයාර් නොමිලේ ලබා ගැනීමට.....

  නොමිලේ ඊබුක් හොයාගන්න ඕනේ අයට.....


තව තියෙන ඒව මතක් වෙන විදියට දාන්නම්.....ඔය ගොල්ලන් දන්න සයිට් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා........

ඉස්සරහට ඇසෙම්බලින් ගැන මුල ඉදන් දාන්න කියල හිතන් ඉන්නව......පුලුවන් වෙලාවක ඒවත් දාන්නම්කෝ.......


එහෙනම් අපි කැපුනා......
ඔබට ජය!!!!!!!




15 අන්තර්ජාලයේදී අත්‍යාවශ්‍ය වන සයිට්.(අනිවාර්‍යෙන්ම බලන්න)

කොහොමද ඉතින් යාලුවනේ.......මේ දවස් වල ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්නේ........ඒකනිසා බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා......ඔන්න ඒවට හරියන්න හොද පෝස්ට් එකක් අරගෙන ආව........

ටිකක් වටිනා කියන අඩවි කීපයක් ගැන කිව්වොත් හොදයි කියල හිතුනා.......අපේ යාලුවෝ හැමදාම එක හා සමාන ප්‍රශ්න ටිකක්මයි අහන්නේ :) 


ෆිල්ම්ස් බලන අයට



  • කවුරුත් මුලින්ම මතක් කරනව වගේ ඉතින් මමත් කියන්නේ ටොරන්ට්ස් කියල තමයි......(http://torrentz.eu/)

ටොරන්ට් වලින් බාන්න අකමැති ඩිරෙක්ට් බාන්න කැමති අයට මේ සයිට් ටික......




මීඩියාෆයර්,රැපිඩ්ශෙයාර් වගේ ලින්ක් හොයන්න ලේසි ක්‍රමේ




සීරියල් කීස් ලේසියෙන්ම හොයාගන්න සයිට් ටිකක්




බුකිය වගේ තැන් වලට mp3 ෆයිල්ස් අප්ලෝඩ් කිරීම




සිංදු ඩව්න්ලෝඩ් කරන්න සයිට් කීපයක්




ගේම්ස් ගහන අයට සයිට් කීපයක්





ෆ්‍රී sms යවන්න සයිට් කීපයක්


  • තමන්ගේ gmail එකව්න්ට් එකෙන් කෙටි පණිවුඩ යවන්න පුලුවන් :)

එහෙනම් ඔන්න සයිට් ටික දුන්න.....අවුලක් එහෙම තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න......

අපි කැපුනා.....
ඔබට ජය!!!!!!!!!!!!!!!

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

69 පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්‍රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්‍රම ටික ලියන්න.......මේ ක්‍රම වලින් පහසු ක්‍රමයක් තෝරගන්න...........මෙතන ලියල තියෙන ක්‍රමවලට වඩා දෙයක් දන්නවනම් මතක ඇතුව ඒ ගැන කියන්න අමතක කරන්න එපා.............


ඔක්කෝන්ටම කලින් මෙතනින් ගිහින් සිංහල අරගෙන ඉන්නකෝ........ඊට පස්සේ ඕක පරිඝනකයට ස්තාපනය කරගන්න.............ඔයගොල්ලන්ගේ මෙහෙයුම් පද්දතිය අනුව තෝරාගන්න..........

විජේසේකර යතුරුපුවරුව භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

පලවෙනිම ක්‍රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........

Singlish මෘදුකාන්ගයෙන් සිංහල ටයිප් කිරීම.

දෙවැනි ක්‍රමේ විදියට මම තෝරාගත්තේ Singlish කියන මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය විවෘත කරගත්තම පහත රූපේ ආකාරයට දිස්වෙයි........ඊට පස්සේ ඒ රූපේ තියෙන විදියටම ඔයගොල්ලන්ට සිංහලෙන් ගහන්න ඕනේ මොකද්ද කියන එක සින්ග්ලිශ් විදියට ගහන්නයි තියෙන්නේ..........

උදාහරනයක් විදියට අම්මා කියල ටයිප් කරන්න ඕනේ කියල හිතමුකෝ.........ඒක ගහන්න ඕනේ amma කියන අකුරු...........ඊට පස්සේ සිංහලෙන් වැදිච්ච ටික කොපි කරගෙන අවශ්‍ය ස්තානයට පේස්ට් කරගන්න පුලුවන්.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගන්න...........

Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.

මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්........මේක මේ වෙබ්සයිට් එකට ගිහින් ටයිප් කරල කොපි පේස්ට් කරන්නත් පුලුවන්........එහෙම නැත්නම් එම මෘදුකාන්ගය භාවිතාකරල පහසුවෙන් ටයිප් කරන්නත් පුලුවන්..........මෘදුකාන්ගය මෙතනින් බාගන්න.........ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන EN අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරන්න........එවිට මෙම මෘදුකාන්ගයට අයත් කොටස දැකගත හැක.......එය බවට පරිවර්තනය කර ටයිප් කරන්න...........මෙහි ඇති අමතර වාසියක් වෙන්නේ ටයිප් කරන අකුරු වලින් හැදෙන වෙනත් වචනද පෙන්වීමයි..........මෙය මගින් වර්ඩ්, නෝට් පෑඩ් වලද පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්...........

RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.

මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගත කරගන්න........ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කිරීම ඇරඹිය හැක...........මෙයත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කිරීමට අවශ්‍ය නොවන නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කර හැක.........

Addones මගින් සිංහල ටයිප් කරමු.

ඇඩොන් මගින් ටයිප් කිරීම තමයි මමත් භාවිතා කරන්නේ.........මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කර හැක..........මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කර හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මෙම ඇඩෝන් ක්‍රමේ............
ෆයර්ෆොස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කර හැක............

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් එක ඉන්ස්ටෝල් කරගන්න.............


නොතේරෙන දෙයක් එහෙම තිබුනොත් අහන්න.........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More