Showing posts with label chrome. Show all posts
Showing posts with label chrome. Show all posts

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

6 අන්තර්ජාලයෙන් පරිඝනකය ආරක්ශා කර ගනිමු

කොහොමද ඉතින් කෂ්ටියට........අද කියන්නේ අන්තර්ජාලෙන් ආරක්ශාවෙන්න පුලුවන් එක ක්‍රමයක් ගැනයි......ඇත්තටම කිව්වොත් මේක ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒ ලින්ක් එක කොහොම එකක්ද කියල බලාගන්න පුලුවන් ක්‍රමයක්........ඒ කිව්වේ ලින්ක් එකෙන් විවෘත වන වින්ඩෝවේ වයිරස් තියෙනවද නැද්ද කියල හොයා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන කියන්නයි මේ හදන්නේ........


මේකේ නම තමයි WOT කියන්නේ........මේක මම Firefox වලයි Google Chrome වලයි පාවිච්චි කරල තියෙනවා.......සමහරවිට අනෙක් බ්‍රව්සර් වලත් වැඩ කරනවා ඇති.......මුලින්ම Install කරගෙන ඉන්නකෝ.........ඒකට පහල සබැදි භාවිතා කරන්න..........

Google chrome සදහා

ඕක Install කරගත්තම පහල පින්තූර වල විදියට ලින්ක්ස් වලින් ආරක්ෂා විය හැක.......... 

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල කොළ පැහැති රවුමක් ඇත..........එනම් මේ ලින්ක් එකෙන් ගිය විට අපිට වයිරස හමුනොවේ........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල තැඹිලි පැහැති රවුමක් දක්නට ලැබේ........එනම් මේ ලින්ක් එක තුලින් ගියවිට වයිරස හමුවිය හැක..........

මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල රතු පැහැති රවුමක් ඇත.........එනම් ඒ තුලින් ගිය විට අනිවාර්යයෙන්ම වයිරස හමුවේ..........
ඊට අමතරව නිල් පාට පෙදෙස තුල ඇති රවුම ලගට මව්ස් පොයින්ටර් එක ගෙන ගිය විට එහි විශ්වාසත්වය බලා ගත හැක............. 
මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!!!! 

0 Google chrome extension ටිකක්

කොහොමද ඉතින් කෂ්ටියට......අද ගෙනාවේ Google Chrome පාවිච්චි කරන අයට Extensions ටිකක්.......සාමන්‍යයෙන් බ්‍රව්සර් එකකට තියෙන්නම ඕනේ Extensions තමයි අපි හදුන්වා දෙන්නේ.........එහනම් මේ ටික හොදද බලන්නකෝ........


Webpage Sreenshot Extension

මේකෙන් වෙන්නේ අපෙට ඕන වෙබ් පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් එක........වටිනාකම තියෙනේ මේකෙන් පින්තූරයක අවශ්‍ය කොටස පමනක් වුවත් තෝරන්න පුලුවන්........මේක බ්ලොග් ලියන අයටනම් ඕනම වෙන Extension එකක්නේ.........එහෙනම් Install කරගෙනම බලන්නකෝ.........

Download here

Xmarks Extension 

මේකෙන් වෙන්නේ අපේ බුක්මාක් ටික මතක තියාගෙන ඉන්න එක........මේගැන මම ඉස්සෙල්ල පෝස්ට් එකෙත් කිව්වනේ..........මේක Install කරගෙන Account එකක් හදාගන්න ඕනේ.........ඊට පස්සේ Synchronize කරාම හරි..............එහෙනම් Install කරගනම බලන්නකෝ...........

  
තව එව්ව පස්සේ දෙන්නම්කෝ..........

එහනම් අපි වාශ්ප උනා..........
ඊලග ලිපියෙන් ආයි එන්නම්කෝ...........
ඔබට ජය!!!!!!!!!!!!!!!

1 google chormeද පාවිච්චි කරන්නේ

කොහොමද යාලුවනේ......ටික දවසකින් තමා මේ පැත්තේ එන්න උනේ.......මම ගොඩකාලයක් තිස්සේ දාන්න හිතන් හිටපු පෝස්ට් එකක් තමයි මේ දෙන්න යන්නේ.......මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ Google chrome browser එක පාවිච්චි කරන කට්ටියට තමා.......අද කියන්න යන්නේ Google chrome browser එක පාවිච්චි කරන අයට එළකිරි Extension ටිකක්.........මම කලින් පෝස්ට් එකක දුන්නනේ Firefox addon ටිකක්........ඒ ටිකේම Chrome Extension ටික තමයි මේ දෙන්න යන්නේ............

 
qsChrome Extension

මේක නියම එස්ටෙන්ශන් එකක්.......මේක මම දුන්න qsFOX addon එක වගේම තමයි........මේ Extension එක දාගත්තම අපිට සිංහලෙන් Type කරන එක සිම්පල්......ඒ කිව්වේ අපිට අම්මා කියලා ටයිප් කරන්න ඕනේ කියන්නකෝ......කරන්න තියෙන්නේ මේ Extension එකෙන් amma කියලා ගහන එක.......කොහොමද වැඩේ.......



AdBlock Extension

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන add ටික අයින් කරලා දෙන එක.....ඒක අපිට ලොකු වාසියක්.......එතකොට ඉක්මනට සයිට් එක ලෝඩ් වෙනවා විතරක් නෙමෙයි අපිට Internet වලට යන ගානත් අඩු වෙනවා.......



Google Translate Extension

මේකෙන් වෙන්නේ අපිට ඕන භාශාවක් වෙනත් භාශාවක් බවට පරිවර්තනය කරන එක.......සරලවම කිව්වොත් ජරමන් භාශාවෙන් තියෙන ලිපියක් අපිට ඉංග්‍රීසි භාශාවට හරවගන්න මේ Extension එක පාවිච්චි කරන්න පුලුවන්.......හැබැයි මේකෙන් තවම සිංහලට හරවන්න නම් දෙන්නේ නෑ.......



Google Dictionary (by Google) Extension

මේකෙන් වෙන්නේ අපි මොකක් හරි වචනයක් දෙවතාවක් ක්ලික් කර විට  එම වචනයේ විස්තරාත්මක තේරුමක් බලාගන්න පුලුවන් එකයි.......මෙහිදී අපට තේරුම් කරන භාශාව වෙනස් කර ගැනීමට හැකියාවක් තිබුනද එහි සිංහල භාශාව නොමැති වීම පොඩි අඩුපාඩුවක්..........


තව නම් ගොඩාක් Extension තියෙනවා.........ඒත් ඉතින් ඔක්කොම එක පෝස්ට් එකකින් දෙන්න බෑනේ.......ඒ හින්දා ටික ටික දෙන්නම්.........

එහෙනම් අදට අපි ගියා............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More