16 කවද හරි ඕන වෙන මෘදුකාන්ගයක් (MiniTool Partition Wizard)

කොහොමද ඉතින් යාලුවනේ......ටික කාලෙකට පස්සේ ආයිමත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.......ඉතින් අද මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ......මේ සොෆ්ට්වෙයාර් එකනිසා මට මගේ පරන හාඩ් ඩිස්ක් එකක් ගොඩදාගන්න පුලුවන් උනා.......


වැඩි කතා ඕනේ නෑ.....මේකයි විස්තරේ......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි MiniTool Partition Wizard කියන්නේ.......බැරි වෙලාවත් හාඩ් එකේ බෑඩ්සෙක්ටර්ස් එහෙම ආවොත් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ........ෆ්‍රී දෙන මෘදුකාන්ග වැඩක් නෑ කියල හැමෝම කිව්වට මේකෙන් කරන්න පුලුවන් වැඩ බැලුවම මේක ෆ්‍රී දෙන්නේ ඇයි කියල හිතාගන්න බැරි වෙයි........මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල ඉමේජ් එක මගින් බලාගන්න පුලුවන්........

මේ තියෙන්නේ ප්‍රදාන පහසුකම් ටික.......
  • Support Windows 2000/XP/Vista/windows 7 (32 bit & 64 bit) operating system.
  • Support RAID.
  • Extend system partition to maximize computer performance.
  • Manage the hard disk for substantial performance increase.
  • Create, Delete and Format partitions with simple steps.
  • Disk Copy to protect or transfer data.
  • Support disk and partition size larger than 2 TB.
  • Convert partition format from FAT to NTFS.
  • Partition Copy: Copy the entire content of one hard disk to another.
  • Copy Disk Wizard: Copy the entire hard disk to another without having to reinstall Windows.
  • Disk Map - Visually demonstrate your disk/partition configuration; preview the changes before applying.
  • Hide/unhide partition, set active partition, etc. - Change partition properties easily.
  • Explore FAT/NTFS partition.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
  • Hot Extend Partition without reboot.
මම කියන්නේ නම් මේ මෘදුකාන්ගේ බාගෙන තියාගන්න.......දැන් ඕන නොවුනත් කවද හරි ඕන වෙන්න පුලුවන්........මේ සොෆ්ට්වෙයාර් එක ඉතා සරල මෘදුකාන්ගයක්.......වැඩ කරන්න හරිම පහසුයි.......ඉතින් ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ අය පහල ඉමේජ් එක ක්ලික් කරන්න.......

මම මේ දුන්නේ හෝම් එඩිශන් එක.......ඒක ෆ්‍රී දෙන එකක්......ඊට අමතරව ගෙවල ගන්න පුලුවන් වැඩි පහසුකම් සහිත මෘදුකාන්ගත් මේ අය හදල තියෙනව.......ඒව ගැන දැනගන්න මෙතනින් යන්න.......මේ ඒ ගොල්ලන්ගේ ඔෆීසියල් සයිට් එක.........

සොෆ්ට් එක හොදනම් පොඩි අදහසක් දාල යන්න........

එහෙනම් අපි කැපෙන්නම්......
ඔබට ජය!!!!!!!!!

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

69 පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්‍රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්‍රම ටික ලියන්න.......මේ ක්‍රම වලින් පහසු ක්‍රමයක් තෝරගන්න...........මෙතන ලියල තියෙන ක්‍රමවලට වඩා දෙයක් දන්නවනම් මතක ඇතුව ඒ ගැන කියන්න අමතක කරන්න එපා.............


ඔක්කෝන්ටම කලින් මෙතනින් ගිහින් සිංහල අරගෙන ඉන්නකෝ........ඊට පස්සේ ඕක පරිඝනකයට ස්තාපනය කරගන්න.............ඔයගොල්ලන්ගේ මෙහෙයුම් පද්දතිය අනුව තෝරාගන්න..........

විජේසේකර යතුරුපුවරුව භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

පලවෙනිම ක්‍රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........

Singlish මෘදුකාන්ගයෙන් සිංහල ටයිප් කිරීම.

දෙවැනි ක්‍රමේ විදියට මම තෝරාගත්තේ Singlish කියන මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය විවෘත කරගත්තම පහත රූපේ ආකාරයට දිස්වෙයි........ඊට පස්සේ ඒ රූපේ තියෙන විදියටම ඔයගොල්ලන්ට සිංහලෙන් ගහන්න ඕනේ මොකද්ද කියන එක සින්ග්ලිශ් විදියට ගහන්නයි තියෙන්නේ..........

උදාහරනයක් විදියට අම්මා කියල ටයිප් කරන්න ඕනේ කියල හිතමුකෝ.........ඒක ගහන්න ඕනේ amma කියන අකුරු...........ඊට පස්සේ සිංහලෙන් වැදිච්ච ටික කොපි කරගෙන අවශ්‍ය ස්තානයට පේස්ට් කරගන්න පුලුවන්.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගන්න...........

Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.

මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්........මේක මේ වෙබ්සයිට් එකට ගිහින් ටයිප් කරල කොපි පේස්ට් කරන්නත් පුලුවන්........එහෙම නැත්නම් එම මෘදුකාන්ගය භාවිතාකරල පහසුවෙන් ටයිප් කරන්නත් පුලුවන්..........මෘදුකාන්ගය මෙතනින් බාගන්න.........ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන EN අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරන්න........එවිට මෙම මෘදුකාන්ගයට අයත් කොටස දැකගත හැක.......එය බවට පරිවර්තනය කර ටයිප් කරන්න...........මෙහි ඇති අමතර වාසියක් වෙන්නේ ටයිප් කරන අකුරු වලින් හැදෙන වෙනත් වචනද පෙන්වීමයි..........මෙය මගින් වර්ඩ්, නෝට් පෑඩ් වලද පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්...........

RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.

මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගත කරගන්න........ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කිරීම ඇරඹිය හැක...........මෙයත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කිරීමට අවශ්‍ය නොවන නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කර හැක.........

Addones මගින් සිංහල ටයිප් කරමු.

ඇඩොන් මගින් ටයිප් කිරීම තමයි මමත් භාවිතා කරන්නේ.........මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කර හැක..........මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කර හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මෙම ඇඩෝන් ක්‍රමේ............
ෆයර්ෆොස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කර හැක............

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් එක ඉන්ස්ටෝල් කරගන්න.............


නොතේරෙන දෙයක් එහෙම තිබුනොත් අහන්න.........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

9 FEBE වලින් Firefox Addones ටික Backup කරගනිමුද

කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක.........


මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරගන්න විදියක් ගැන........ඒක මට ලියන්න අමතක උනානේ :ඩි.......මට ඒ ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද වීම ගැනනම් ඇත්තෙන්ම කනගාටුයි........

හරි එහෙමනම් ඒ ඇඩෝන් එකේ නම තමයි FEBE කියන්නේ.......ඒක මෙතනින් ගිහින් ස්තාපනය කරගන්න.........දැන් මුලින්ම මේකෙ සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා........ඒ කියන්නේ ඇඩෝන්ස් ටික බැක්අප් වෙන්න ඕනේ කොතනටද කියල හදන්න.........ඒකට පහල විදාන වලට යොමු වෙන්න..........

Tools -----> Febe -----> Febe Options -----> Where to backup 

ඊට පස්සේ පහල විදාන වලින් ඇඩෝන් ටික බැක්අප් කරගන්න පුලුවන්.........

Tools -----> Febe -----> Perform Backup

මේ ඇඩෝන් එක මටනම් මාරම වැදගත් උනා.......මේක තිබුනේ නැත්නම් ෆයර්ෆොස් 4 ආපු මුල් දවස් වල මම QSfox ඇඩෝන් එක පාවිච්චි කරල හමාරයි.........

එහෙනම් අපි කැපුනා.......
ඔබට ජය!!!!!!!!!

25 Torrent වලින් බාපු ෆිල්ම් එක DVD Player එකේ බලමු

කොහොමද ඉතින් කෂ්ටියට......සෑහෙන්න දවසකට පස්සේ ඔන්න බ්ලොග් එකක් ලියන්න කියල ආව..........අද මම කියන්නේ ටොරන්ට් ගැන ලියවෙන අන්තිම ලිපිය........


මොකද්ද ඇත්තට දැන් කියල දෙන්න තියෙන්නේ කියල හිතෙනවත් ඇති..........ටොරන්ට් කියන්නේ මොකද්ද,,,,,,,,ටොරන්ට් සර්ච් කරල හොයාගන්න හැටි,,,,,,,,ටොරන්ට් බාගන්න හැටි,,,,,,,,,බාගැනීමේ වේගේ වැඩි කරන හැටි,,,,,,,,,ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දාන හැටි,,,,,,,,,අපිම සබ්ටයිටල් හදාගන්න හැටි,,,,,,,,,,ටොරන්ට් ඩිරෙක්ට් බාන හැටි,,,,,,,,ටොරන්ට් එකක් හදන හැටි වගේ ඔක්කොම ටික කිව්වනේ..........එතකොට ඉතුරු උනේ මොකද්ද??????????

ඇයි දැන් ඔය ඔක්කොම ටික කරගෙන ඉන්න ෆිල්ම් එක DVD Player එකකින් බලන්න කැමති නැද්ද???????අන්න ඒක කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.........පරිඝනක තිරයෙන් බලනව වගේද ප්ලේයර් එකෙන් බලනකොට..........

මෙහෙමයි මේක ConvertXtoDVD කියල සොෆ්ට්වෙයාර් එකක්........මේක ඩව්න්ලොඩ් කරගන්න පහල ඉමේජ් එක මත ක්ලික් කරන්න.........


මේකෙන් සෑහෙන්න වැඩ කරන්න පුලුවන්..........ඒකියන්නේ මෙනු එක හැඩ කරන්න,,,,,,,,,ෆිල්ම් එකට අදාලව ඇති වෙනස් කම් කිරීමට,,,,,,සබ් ෆයිල්ස් ෆිල්ම් එකට එකතු කිරීමට,,,,,,,,,,නැරබිය යුතු තිරය සැකසීම (16:9,,4:3 විදියට) තව වෑඩ ගොඩක් තියෙනවා.......පහල රූපේ බලන්නකෝ........ඒකෙ ටිකක් විස්තර තියෙනවා..........ඔය කැමති විදියකට අදාල වෙනස් කම් කරගෙන Convert කියන බට්න් එක ක්ලික් කරන්න.........


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.......මේකෙන් එක ෆිල්ම් එකක් නෙමෙයි ඕනේ නම් ෆිල්ම් කලෙක්ශන් එකක් ගහන්න පුලුවන්........අර රූපේ පැහැදිලි කරල තියෙන විදියටම අදාල ෆයිල්ස් වෙන වෙනම එතනට අරගන්න........මෙන්න මේ වගේ...........



මේක ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුලුවන්.........මොනව හරි ප්‍රශ්නයක් ආවොත් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.......මම උදව් කරන්නම් :)

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More