9 FEBE වලින් Firefox Addones ටික Backup කරගනිමුද

කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක.........


මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරගන්න විදියක් ගැන........ඒක මට ලියන්න අමතක උනානේ :ඩි.......මට ඒ ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද වීම ගැනනම් ඇත්තෙන්ම කනගාටුයි........

හරි එහෙමනම් ඒ ඇඩෝන් එකේ නම තමයි FEBE කියන්නේ.......ඒක මෙතනින් ගිහින් ස්තාපනය කරගන්න.........දැන් මුලින්ම මේකෙ සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා........ඒ කියන්නේ ඇඩෝන්ස් ටික බැක්අප් වෙන්න ඕනේ කොතනටද කියල හදන්න.........ඒකට පහල විදාන වලට යොමු වෙන්න..........

Tools -----> Febe -----> Febe Options -----> Where to backup 

ඊට පස්සේ පහල විදාන වලින් ඇඩෝන් ටික බැක්අප් කරගන්න පුලුවන්.........

Tools -----> Febe -----> Perform Backup

මේ ඇඩෝන් එක මටනම් මාරම වැදගත් උනා.......මේක තිබුනේ නැත්නම් ෆයර්ෆොස් 4 ආපු මුල් දවස් වල මම QSfox ඇඩෝන් එක පාවිච්චි කරල හමාරයි.........

එහෙනම් අපි කැපුනා.......
ඔබට ජය!!!!!!!!!

25 Torrent වලින් බාපු ෆිල්ම් එක DVD Player එකේ බලමු

කොහොමද ඉතින් කෂ්ටියට......සෑහෙන්න දවසකට පස්සේ ඔන්න බ්ලොග් එකක් ලියන්න කියල ආව..........අද මම කියන්නේ ටොරන්ට් ගැන ලියවෙන අන්තිම ලිපිය........


මොකද්ද ඇත්තට දැන් කියල දෙන්න තියෙන්නේ කියල හිතෙනවත් ඇති..........ටොරන්ට් කියන්නේ මොකද්ද,,,,,,,,ටොරන්ට් සර්ච් කරල හොයාගන්න හැටි,,,,,,,,ටොරන්ට් බාගන්න හැටි,,,,,,,,,බාගැනීමේ වේගේ වැඩි කරන හැටි,,,,,,,,,ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දාන හැටි,,,,,,,,,අපිම සබ්ටයිටල් හදාගන්න හැටි,,,,,,,,,,ටොරන්ට් ඩිරෙක්ට් බාන හැටි,,,,,,,,ටොරන්ට් එකක් හදන හැටි වගේ ඔක්කොම ටික කිව්වනේ..........එතකොට ඉතුරු උනේ මොකද්ද??????????

ඇයි දැන් ඔය ඔක්කොම ටික කරගෙන ඉන්න ෆිල්ම් එක DVD Player එකකින් බලන්න කැමති නැද්ද???????අන්න ඒක කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.........පරිඝනක තිරයෙන් බලනව වගේද ප්ලේයර් එකෙන් බලනකොට..........

මෙහෙමයි මේක ConvertXtoDVD කියල සොෆ්ට්වෙයාර් එකක්........මේක ඩව්න්ලොඩ් කරගන්න පහල ඉමේජ් එක මත ක්ලික් කරන්න.........


මේකෙන් සෑහෙන්න වැඩ කරන්න පුලුවන්..........ඒකියන්නේ මෙනු එක හැඩ කරන්න,,,,,,,,,ෆිල්ම් එකට අදාලව ඇති වෙනස් කම් කිරීමට,,,,,,සබ් ෆයිල්ස් ෆිල්ම් එකට එකතු කිරීමට,,,,,,,,,,නැරබිය යුතු තිරය සැකසීම (16:9,,4:3 විදියට) තව වෑඩ ගොඩක් තියෙනවා.......පහල රූපේ බලන්නකෝ........ඒකෙ ටිකක් විස්තර තියෙනවා..........ඔය කැමති විදියකට අදාල වෙනස් කම් කරගෙන Convert කියන බට්න් එක ක්ලික් කරන්න.........


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.......මේකෙන් එක ෆිල්ම් එකක් නෙමෙයි ඕනේ නම් ෆිල්ම් කලෙක්ශන් එකක් ගහන්න පුලුවන්........අර රූපේ පැහැදිලි කරල තියෙන විදියටම අදාල ෆයිල්ස් වෙන වෙනම එතනට අරගන්න........මෙන්න මේ වගේ...........



මේක ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුලුවන්.........මොනව හරි ප්‍රශ්නයක් ආවොත් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.......මම උදව් කරන්නම් :)

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!

22 Subtitles අපිම හදාගන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ........අද මම කියල දෙන්න යන්නේ අපිම සබ්ටයිටල් හදාගන්න හැටි.........කලින් ලිපියේදී Subtitles හොයාගන්න හැටි කියල දුන්නනේ............ඒකත් කියවල එන්න............

මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා..........පලවෙනි ක්‍රමේ තමයි නෝට් පෑඩ් එක මගින් සබ්ටයිටල් එක ලිවීම.............පහල රූපේ බලන්න...........එතකොට පැහැදිලි වේවී..............



මේ තියෙන්නේ ඔරිජිනල් සබ්ටයිටල් එක...........මේක සිංහලෙන් ලිව්වොත් සිංහල Sub ගන්න පුලුවන්............




මේ ක්‍රමේ මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න..........පිංතූරෙන් හොදට පැහැදිලි කල නිසා මම ඒ ගැන වැඩිය විස්තර කරන්න ගියේ නෑ..............

දැන් කියන්න යන්නේ සිංහල Subtitles හදන්න ලේසිම ක්‍රමයක්...........මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්...........මේකෙන් කරන්නේ ඉංග්‍රීසියෙන් තියෙන Sub පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන් එකයි..............මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ...........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න.........


දැන් මුලින්ම කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා ලිපියේ කිව්ව වගේ සබ්ටයිටල් එක ඩව්න්ලෝඩ් කරගන්න එක.........ඊට පස්සේ මේ මෘදුකාන්ගයෙන් එම ගොනුව විවෘත කරගන්න...............පහල රූපේ බලන්න.............


ඊට පස්සේ සබ්ටයිටල් එකින් එක උඩ ක්ලික් කරමින් වෙනස් කරන්න පුලුවන්..............මම රූපේ රෝස පැහැයෙන් ලකුනු කරල තියෙන එව්ව හොදින් බලන්න............සියල්ල අවසානයේ Source view කියන එක ක්ලික් කරල ඇති සියල්ල සිලෙක්ට් කරගෙන කොපි කරගන්න.........ඉන් පසු නෝට් පෑඩ් එක විවෘත කරගෙන පේස්ට් කරන්න.............දැන් මෙම ගොනුව .Srt ගොනුවක් ලෙස Save කරගන්න...............

දැන් මෙම ගොනුව ෆිල්ම් එක තියෙන තැනට ගෙන ගොස් ෆිල්ම් එකේ නමින්ම සේව් කරගන්න.............දැන් ඔබට චිත්‍රපටයට සිංහල සබ්ටයිටල්ද තියෙනවා..............

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!!!!

8 Torrent වලින් බාපු Film එකකට Subtitles එක් කරන හැටි

කොහොමද ඉතින් කෂ්ටියට......දැන් අපිව මතකද මන්ද..........මේ දවස් ටිකේම පොඩි පොඩි වැඩ යෙදුන නිසා බ්ලොග් එක පැත්තේ එන්නත් උනේ නෑ...........ලියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා..........ඒත් ඉතින් ලිය ලිය හිටපු ලිපි පෙල ඉවරයක් කරන්න ඕනේනේ...............ඉතින් මම අද කියන්න යන්නේ ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල් දාගන්න හැටි...............



මේක කරන ක්‍රම ටිකක මම දන්නවා...........ඒව කොටස් දෙකකට පල කරන්නයි මම හිතන් ඉන්නේ............පලවෙනි කොටසෙන් කියල දෙන්න හදන්නේ සබ්ටයිටල් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම ටිකක් ගැනයි...........ඊලග ලිපියෙන් සබ්ටයිටල් හදන හැටි කියල දෙන්නම්...............

Subtitle හොයාගන්න හොදම ක්‍රමේ තමයි ෆිල්ම් එකේ නමින් ගූගල් එකේ සර්ච් කරන එක..........එහෙම කරල එන වෙබ් අඩවි වලින් සබ් එක හොයා ගන්න පුලුවන්..........නැතිනම් මම පහල දීල තියෙන වෙබ් සයිට් වලට ගිහින් අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් කරල බලන්න.............

http://www.opensubtitles.org/en



මේ අඩවි වලට ගිහින් සර්ච් එකේ අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් පාරක් දැම්මොත් සබ් ෆයිල්ස් හොයා ගන්න පුලුවන්........ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ සබ් ෆයිල් එක බාගත කරගන්න එක...........හුගාක් වෙලාවට මේ සබ් ෆයිල් එක තියෙන්නේ Zip එකක් විදියට ඒක Winrar මෘදුකාන්ගයෙන් Unzip කරගන්න...............

ඊට පස්සේ මේ ගොනුව Film එක තියෙන තැනට කොපි කරගන්න...........දැන් ෆිල්ම් එකේ නමින්ම මේ ගොනුව රීනේම් කරගෙන .Avi කියන ෆෝමැට් එක .Srt කියල වෙනස් කරන්න............පහල පින්තූරේ බලන්නකෝ.........එතකොට හොදට තේරෙයි............

තව පොඩි ක්‍රමයක් තමයි Open Subtitles Player කියන එක.........මේකනම් කප්පගේ බ්ලොග් එකෙන් ගත්තේ.............මේකෙන් වෙන්නේ අපි ෆිල්ම් එක බලනකොට අදාල සබ්ගොනුව ඩව්න්ලෝඩ් කර දෙන්න විදානය ලබා දුන්නම එම ප්ලේයර් එකෙන්ම එම ගොනුව සොයා දෙනවා...........එතකොට අපිට සබ්ටයිටල්ස් හොය හොය ඉන්න දෙයක් නෑනේ...........ඒක නිසා මේ ප්ලේයර් එකත් ඩව්න්ලෝඩ් කරගන්න..........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න............ 


තව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න...........පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්..........

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!

8 අපේ ගොනුවක් Torrent එකක් බවට පත් කරන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ.........අද ටොරන්ට් ගැන ලියන ලිපි පෙලේ වැදගත්ම ලිපියක් ලියන්නයි හදන්නේ........ඒ කිව්වේ අපි කොහොමද ටොරන්ට් ෆයිල් එකක් හදන්නේ කියල............ඔක්කෝන්ටම කලින් මේ ලිපි පෙල මුල ඉදන් කියෙව්වේ නැතිකෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් මත ක්ලික් කරමින් මේ ලිපි පෙල කියවල ඉන්න.......මොකද මම මේ ලිපි පෙල දාන්න ප්‍රදානම හේතුව තමයි ඔයගොල්ලන්ට ටොරන්ට් ගැන පූර්න අවබෝදයක් ලබා දීම............

Torrent ගැන දන්නවද?????

Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය

Torrent මගින් නිවැරදිව Download කරමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2 

Torrent files direct download කරමු

හරි එහෙනම් දැන් අද මාතෘකාවට බහිමු..........අපිට යම් ගොනුවක් අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඕන උනොත් ඒක කරන්න තියෙන හොදම මාර්ගය තමයි ටොරන්ට් එකක් විදියට මේක ලබා දීම........එතකොට විශාල ගොනු උනත් ඉක්මනට භාගත කරගන්න පුලුවන්.........දැන් එහෙනම් බලමු මේක කරගන්නේ කොහොමද කියල.............

මුලින්ම ඔයගොල්ලන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගය විවෘත කරගෙන පහල විදානවලට එළබෙන්න.............

File ------> Create new torrent

එතකොට පහල රූපේ ආකාරයේ බොක්ස් එකක් මතුවෙයි............


දැන් Add file කියන එකෙන් ටොරන්ට් ගොනුවක් බවට පත් කල යුතු දේ තෝරා දෙන්න............ඉන් පසු ට්‍රැකර්ස් වලට මම පහල දෙන ගොනුව බාගත කරගෙන එහි තියෙන ට්‍රැකර්ස් ටික ඇතුලත් කරන්න..........හොදින් මතක තබා ගන්න ඕනේ කාරනය තමයි ට්‍රැකර්ස් දමනවිට නිරන්තරයෙන් හිස්තැනක් තබන්න..............දැන් Create and save as..කියන එක ක්ලික් කරන්න.............

දැන් මූලික වැඩ සියල්ල අවසන්..........ඉන් පසුව ඔබට අනෙක් අය සමග මෙම ගොනුව බෙදා ගැනීමට අප්ලෝඩ් කරගත යුතුය............ඒ සදහා මෙතනින් යන්න............ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..............

ට්‍රැකර්ස් ලිස්ට් එක මෙතනින් ගන්න.......

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More