10 Screen එක Record කරන්න නියම භාන්ඩේ

කොහොමද යාලුවනේ.......ඉස්සේල්ල පෝස්ට් එකේදී Snapshot ගන්න සොෆ්ට්වෙයාර් එකක් දුන්නනේ.......ඒක කියෙව්වෙ නැතනම් මෙතනින් යන්න.......අද දෙන්න යන්නේ පරිඝනක තිරය පටිගත කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්..........මේ සොෆ්ට්වෙයාර් එක තමයි HyperCam කියන්නේ.........
මේ මෘදුකාන්ගය ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ.......ඕන කෙනෙක්ට මේකෙන් වැඩ කරන හැටි තේරුම් ගන්න පුලුවන්.........මොකක් හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම උදව් කරන්නම්........

පොඩි හැදින්වීමක් කලොත් මේකෙන් අපිට ඕන කරන ප්‍රදේශය විතරක් උනත් රෙකෝඩ් කරන්න පුලුවන්..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් බ්‍රව්සර් එකට ටූල්බාර් එකකුත් ලබා දෙන නිසා වැඩේ ගොඩක්ම පහසුයි.............වීඩියෝ කරනව විතරක් නෙමෙයි සද්දෙත් දෙන්න පුලුවන්.........මේ පහසුකම හැම Screen Recording Software එකකම නෑ..........අපිට යමක් කියා දෙන්න වගේ වීඩියෝ එකක් ගහනවනම් මයික් එකෙන් කියන දේවල් ඉතා පැහැදිලිව ලබා ගන්න පුලුවන්.........

මේ සොෆ්ට්වෙයාර් එක 2.46MB වෙනවා..........ඕන කෙනෙකුට පහසුවෙන් බාගන්න පුලුවන්..........ඒ සදහා පහල ඉමේජය මත කොටන්න.........


එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!!

4 Snapshot ගන්න නියම භාන්ඩේ

කොහොමද කෂ්ටියට.....අද මම ඔය ගොල්ලන්ට තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ........මම හුගාක් පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ හුග දෙනෙක් නෙට් එකට එන්නේ Dial-up connection වලින් හරි Download කිරීමට සීමා තියෙන කනෙක්ශන් එකකින් හරිනේ.......ඉතින් හැමෝටම මේ සොෆ්ට්වෙයාර්ස් පහසුවෙන් බාගන්න ඕන නිසා තමයි මේ වගේ පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ.........


හරි හරි මේ සොෆ්ට් වෙයාර් එක තමයි Snapshot කියන්නේ........මේකෙන් එච්චර වැඩක් නම් කරන්න බෑ.......හැබැයි ඉතින් පරිඝනකය ඇතුලෙදී අපිට ඕන කරන ඕනම තැනක පින්තූරයක් ගන්න මේකෙන් ඉඩ සලසනවා........සම්පූර්න පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් වගේම කැමති කොටසක විතරක් උනත් පින්තූරයක් ගන්න පුලුවන්........මේ ගැනනම් මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ........මොකද මේක ඉතාමත්ම සරල මෘදුකාන්ගයක්.........

එහෙනම් බාගන්න ඕනේ අය පහල ඉමේජ් එක උඩ කොටන්න...........මේ සොෆ්ට්වෙයාර් එක 2.1MB  වෙනවා..........

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම්..............
ඔබට ජය!!!!!!!!!!!!

3 wallpaper එක Automatic මාරු කරමු

කොහොමද යාලුවනේ......අද මම තවත් පොඩි ගැජමැටික් එකක් දෙන්න තමයි හදන්නේ.......මේ පැත්තේ එන යාලුවෙක් ඊමේල් එකක් දාල තිබ්බ සොෆ්ට්වෙයාර් අවුලක් ගැන.......ඉබේම ස්ක්‍රීන් එක වෙනස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැනයි අහල තිබ්බේ........ඉතින් එයාට කියපු ඒ සොෆ්ට්වෙයාර් එක ඔයාලටත් දෙන්න ඕනේ කියල හිතුවා........

හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි AWC කියල කියන්නේ...........හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කැමති කාල පරතරයකදී අපේ Screen එක වෙනස් කරන්න හදන්න පුලුවන්.......මේක ගැන නම් කියන්න දෙයක් නෑ......හරිම සරල මෘදුකාන්ගයක්.........ඒත් ඉතින් කියන එක හොදයි කියල හිතන නිසා ඔහේ කියල දාන්නම්........මුලින්ම ඔය පහල රූපේ බලන්නකෝ.......


මුලින්ම ඔයගොල්ලන්ට ඕන කරන පින්තූර ටික එක File එක
කට දාගන්න........ඊට පස්සේ ඔය රූපේ විදියට Add කියන එක ක්ලික් කරලා ඒ පින්තූර තියෙන ෆයිල් එක තෝරලා දෙන්න.........දැන් එක කොච්චර කාලයකට සැරයක් පින්තූර මාරු වෙන්න ඕනද කියන එක Time කියන තැනින් හදන්න...........ඊට පස්සේ Change කියන එක කොටන්න.........ඔය මම කියල දුන්නේ සරලවම මේකෙ වැඩ කරන හැටි.........මීට වඩා වෙනස් විදියට හදාගන්න පුලුවන්...........ඒ කියන්නේ ඕනෙනම් පින්තූර එන්බෝස් කරා වගේ පේන්න හදන්නත් පුලුවන්...........තව වැඩ තියෙනවා.........ඒ වැඩ මොනාද බලන්න Preferences ක්ලික් කරන්න............

එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක ඕන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........එහෙම නැත්නම් මෙතනින් යන්න.........
එහෙනම් අපි වාශ්ප වෙන්ට කියලයි හදන්නේ.........
ඔබට ජය!!!!!!!!!


8 Rent Referralsලගේ වැඩ ටිකක්

කොහොමද කෂ්ටියට.....මගෙන් යාලුවෙක් ඉල්ලල තිබ්බ රෙන්ට් රෙෆරල්ලගේ කාලය දික් කරනේ කොහොමද කියන එකයි,රෙන්ට් රෙෆරල්ල ඩිලීට් කරන්නේ කොහොමද කියන එකයි ලිපියකින් කියන්න කියල......

5 වේගයෙන් type කරමු 2

කොහොමද කශ්ටියට.......මම ඊයේ දීපු සොෆ්ට්වෙයාර් එක වගේම එකක් තමයි අදත් අරන් ආවේ.........ඒත් ඉතින් ටිකක් වෙනස්.........වෙනස් කියන්නේ ඊයේ දුන්න එකට වඩා මේකේ වැඩ කැලි තියෙනවා........



හරි හරි මේකේ නම තමයි Typing Master කියන්නේ......මේකෙන් ටයිපින් වේගවත් කරන ගමන් හොදට විනෝද වෙන්නත් පුලුවන්.......ඒ කියන්නේ මේකේ Games එහෙමත් තියෙනවා කියන එකනේ......හැබැයි අකුරු සම්බන්ද ගේම්ස් තමයි තියෙන්නේ........අරගෙනම බලන්නකෝ.........ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න........
මේ ලිපිය ලිව්වෙ නැත්නම් අඩුවක් වගේ නිසා තමයි ඒකත් ඔහේ ලියල දැම්මේ......අපේ යාලුවෝ මේ ලිපි වලින් යමක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......මොකද ඒ කමෙන්ට් තමයි අපිට ඉතුරු වෙන්නේ........

එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More