19 ඔබත් ads click කරන්නෙක් නම් මුදල් transfer කිරීමට පෙර කල යුතු දෑ

කොහොමද ඉතින් යාලුවනේ.......මම හුග දවසකින් බ්ලොග් එක පැත්තේ ආවෙත් නැති නිසා ඇවිත් මොනා මොනා හරි ලියල දාන්න හිතුනා............

internet money ගැන කාලෙකින් ලිව්වෙම නැති නිසා ඒ ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා...........දැනට ads click කරන අපේ යාලුවන්ටත් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න එහෙම තියෙනවනේ.........එහෙම එකක් තමා මේ කියන්න යන්නේ.........මේක මට ඇවිල්ලා තිබුන email එකක්........ඒකට උත්තරයක් මම දුන්න..........ඔයගොල්ලන්ටත් ඉතින් ඔය වගේ ප්‍රශ්න එන්න පුලුවන්නේ.........ආ මම කියවගෙන ආවට ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වේ නෑනේ...........මේකයි වෙලා

4 facebook එකේ අපේ ආරක්ෂාව තහවුරු කරමු

කොහොමද ඉතින් කට්ටියට........මුනු පොත ගැන දෙවෙනි ලිපිය දාන්න ටික දවසක් ගියානේ........මක් කොරන්නද එක එක වැඩ යෙදෙනව නොවැ.......අද ඒකටත් එක්ක ඔන්න මුනුපොතේ අපේ ආරක්ෂාව සලසගන්න හැටි කියන්න තමා යන්නේ...........

මුලික දේවල් ඉතින් කට්ටියට කියන්න ඕනේ නෑනේ ඉතින්..........ඒ කිව්වේ friend request එවන අය ගැන හොයල බලනව වගේ දේවල්.........අද කියන්න යන්නේ හුග දෙනෙක් නොදන්න කාරනා ටිකක්...........
මූනු පොතට ඇතුලු වූ විට Email මගින් දැනුම් දීම

මෙය සකසා ගැනීමට පහල විදාන වලට යොමු වෙන්න.........

Account ------> Account settings ------> Account security -------> Login Notifications on කරලා Save කරන්න............

එතකොට අපේ account එකට log වෙන්න user name, password දුන්නම පහල තියෙන විදියේ වින්ඩෝවක් ලැබෙනවා............
මෙතනදී අපි මතක තියාගන්න ඕනේ කාරනයක් තමයි computer name කියලා අහන එකට හැම වෙලේම එකම නමක් දෙන්න........එතකොට අපිට අමතර කෙනෙක් අපේ account එකට ඇතුලුවෙන්න උත්සහ කරන්න හැදුවොත් අපිට පහසුවෙන් දැනගන්න පුලුවන්..........මොකද අපි දෙන නම තව කෙනෙක් නොදන්නා බැවින්..........

මේකේ තියෙන වටිනාකම තමයි අපේ account එකට log වෙන හැම වතාවකම අපි log  උන computer name එකත් එක්ක email පනිවුඩයක් ලැබීම..........phone එකේ facebook alerts on කරලා තිබ්බනම් ඉතින් phone එකටත් ඒ massege  එකම එනවා...........

අපේ යාලුවන් අනික් අයට නොපෙනෙන ලෙස සැකසීම

තව දෙයක් තමයි අපේ යාලුවන්ව අනික් අයට නොපෙනෙන ආකාරයෙන් සැකසීම...........මෙහෙම සැකසීමක් සැකසූවිට ඕනෑම අයෙක්ට පෙනෙන්නේ  mutual friendsලා පමනයි..........මෙයින් ඔබේ මිතුරන් ගැන විස්තර අන්අය අතට පත්වීම වලක්වා ගත හැක........මේ සැකසුම සෑදීමට මුලින්ම අපේ profile එකේ යාලුවන් පෙන්නන ස්තානයට යොමුවන්න...............

එතනින් ඉහල රූපයේ පරිදි රතු පාටින් ඇති ස්තානය click කරන්න...........ඉන් පසුව එන වින්ඩෝවේ  change visibility settings ක්ලික් කරන්න......... ඊට පස්සේ එන වින්ඩෝවේ see my friend list කියන තැන සැකසුම only me කරන්න..........
මීට අමතර වශයෙන් කියන්න තියෙන්නේ අපේ පුද්ගලික පරිඝනකයෙන් හෝ අපේ පුද්ගලික දුරකතනයෙන් පමනක් මූනු පොතට ඇතුලුවන ලෙසිනි...........කොහෙත්ම internet cafe වලින් log වෙන්න එපා (මූනු පොතට විතරක් නෙමෙයි email වලටත්).......මොකද key logger මෘදුකාන්ග භාවිතයෙන් අපේ තොරතුරු ඔවුන් සතුකර ගත හැකි බැවිනි.............

එහෙනම් අපි යනවා........නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දලා යන්න.........
ඔබට ජය!!!!!!!!!!!!!!!!

0 facebook යනවනම් මේ ගැනත් හිතන්න

ඔන්න අද ආවේ facebook එක්ක හැම වෙලේම කල් ගෙවන අපේ යාලුවන්ට විස්තර ටිකක් කියන්න............මම ඉතින් ලියන්න ඕනේ කියල හිතෙන ඔක්කොම ටික ලියනවනේ..........

facebook කියන්නේ ඉතා ආරක්ෂිත තැනක් කියලා හුග දෙනෙක් හිතන් ඉන්නවා......ඒකේ තියෙන හානිය ගැන හුග දෙනෙක් හිතන්නේ නෑ........ඔයගොල්ලන් දන්නවද දැනට මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් 37%කට facebook account තියෙන බව..........ඒක හොද දෙයක් උනත් නරකම දේ තමයි ඔය 37%න් 27%ක්ම fake account වීම............අපි නොදැනුවත්ව අපේ account එකේ බොරු නම් වලින් ඉන්න අය කොච්චර ඉන්න පුලුවන්ද????????

මේ විදියට හොර account හුග දෙනෙක් හදන්නේ අනෙක් අයගේ තොරතුරු සෙවීමට..........අපි ගැන හොයන්නේ මොකටද කියන එක කෙනෙක්ට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්..........අපේ account එක ටික දවසක් නිරීක්ෂණය කලාම ඔවුන් අපි කොහොම කට්ටියද,මොනවටද කැමති,මොනවද කරන්නේ වගේ හැම විස්තරයක්ම දැනගන්නවා..................ඒකේ තියෙන බැරැරුම්කම තමයි ටික කාලයකින් අපේ තියෙන හැම විස්තරයක්ම අපි කොහෙත්තම නොදන්නා වෙන කෙනෙක් අතට පත්වීම..................

facebook එකේදී profile picture එකට අපි අපේ පින්තූර දැම්මොත් මේ පින්තූර පවා ලබා ගැනීමට යාලුවො වන සියලු දෙනාට පුලුවන් බව ඔබ හොදින්ම දන්නා කාරනයක් (යාලුවො නොවුනත් ගන්න පුලුවන්)..............එමගින් ඔබේ නමින්ම වෙන කෙනෙක්ට ඔබේ පින්තූරයම දමා නව ගිනුමක් සෑදීමට උනත් හැකියාව තියෙනවා..................එමගින් ඔබේ ගිනුම තුල සිටින යාලුවන්ට මිතුරු ඇරයුම්(friend request)යැවීමෙන් ඔබේ යාලුවන්ගේ තොරතුරු පවා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා................

ඔබේ පින්තූරය ඔබ නොදැනුවත්වම වෙනත් අඩවි තුල පවා දිස්වීමට පුලුවන..............photo shop වැනි මෘදුකාන්ග භාවිතයෙන් කැමති ආකාරයට පිංතූර වෙනස් කිරීමටද හැකියාව තිබීම ඉතා බයානක තත්වයක්..............

දැන් තේරෙනව නේද facebook කියන්නේ අපි හිතන තරම් සුන්දර තැනක් නෙමෙයි කියලා...........මම කිව්වේ වෙන්න පුලුවන් දේවල් වලින් අල්පයයි...........මීට වැඩිය දේවල් අනන්තවත් සිද්ද වෙලා තියෙනවා.......මම කිව්වේ ගොඩදෙනෙක්ට වෙන දේවල්............ඊලග ලිපියෙන් මේකාරනා වලින් ආරක්ෂා වෙන හැටි කියල දෙන්නම්...........

අදට අපි යනවා........ඊලග ලිපියෙන් ආයි එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!

7 මගේ පලවෙනි cashium payout එක

කොහොමද ඉතින් කට්ටියට........ටික දවසක් ගියා මේ පැත්තේ එන්න............අද මම දීපු සයිට් එකක් මගින් මට ලැබුනු payment prof එකක් දෙන්නයි යන්නේ..........මේක බලලවත් ads click කිරීම ගැන විශ්වාසයක් හදාගන්න.......මොකෝ ඉතින් කොච්චර කිව්වත් අපේ අය හිතන්නේ මේවා වැඩකට නැති දේවල් කියලනේ..........මේ සයිට් එක තමයි cashium කියන්නේ........හරි එහෙමනම් පහලින් තියෙන payment prof එක හොදට බලන්නකෝ...........

27 firefoxද පාවිච්චි කරන්නේ

කොහොමද කස්ටියට............අද දෙන්න යන්නේ firefox පාවිච්චි කරන අයට එලකිරි addons ටිකක්........මගේ වැඩ මෙච්චරකල් ලේසි කරගත්තේ මේවයින් තමා...........වැඩි කතා ඕනේ නෑනේ.........එහෙනම් ඇඩෝන් ටික දෙන්නම්.........
qsfos addon
මේක තමා එලම ඇඩෝන් එක.......මේකෙන් වෙන්නේ අපි ඉන්ගිරිසියෙන් type කරන කොට සින්හලෙන් වැදෙන එක.........ඒ කිව්වේ සින්ග්ලිශ් වලින් වැඩදාන්න පුලුවන්.........සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එක ගැන ඉතින් කවුරුත් දන්නවනේ.........උදාහරනයක් විදියට කිව්වොත් අපි හිතමු අපිට අම්මා කියලා type කරන්න ඕනේ කියලා මේ ඇඩෝන් amma කියලා ගහන්නයි තියෙන්නේ............download කරගෙනම බලන්න...........

Ad Block addon

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන ඇඩ්ස් ටික පෙන්නන්නේ නැතුව තියෙනවා...........එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කැපෙන ගානත් අඩු වෙනවනේ.........

SinhalaTips addon
මේකෙන් වෙන්නේ ඕනම ඉන්ගිරීසි වචනයක් උඩට mouse pointer එක ගෙනිච්චම සිංහල තේරුම දෙනවා.........අපිටත් මේකට වචන එක් කරන්න පුලුවන්.......ඒක කරන්නේ වචනේ ගාවට ගියාම පොඩි කොළපාට කතිරයක් එනවා......ඒක ක්ලික් කරලා එන බොක්ස් එකේ සින්හල වචනේ type කරන්න පුලුවන්.........මේක දාගත්තම ඩික්ශනරි ඕනේ නෑ නොවැ...........


1 Click YouTube Download addon
මේකෙදි වෙන්නේ youtube videos download කරන්න පුලුවන් එකයි.........you tube කිව්වට .flv ආකාරයෙන් තියෙන ඕනම එකක් down load කරන්න පුලුවන්...........


තව ඇඩෝන් නම් ගොඩාක් තියෙනවා........හොද ඇඩෝන් ටික ටික දෙන්නම්...........එතකොටනේ එකේ අගයක් තියෙන්නේ.......එහෙනම් අදට අපිගියා.............නොතෙරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාල යන්න.........

ප.ලි :- දැන් qsfox ඇඩෝන් එක සහ Sinhala tips ඇඩෝන් එක වැඩ කරන්නේ නැති නිසා පහල තියෙන ගොනු වලින් ඒවා බාගත කරගන්න........මෙම ගොනු වැඩ කරනුයේ Firefox 3.6 සදහා පමනක් බැවින් ඔබ නව සංස්කරන භාවිතා කරයිනම් මෙතනින් ගිහින් මෙම ඇඩෝන් නව සංස්කරන වලට ගැලපෙන විදියට සකසා ගන්න........

qsfox මෙතනින් ගන්න.........

Sinhala tips මෙතනින් ගන්න.........Link


ඔබට ජය!!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More