Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

16 කවද හරි ඕන වෙන මෘදුකාන්ගයක් (MiniTool Partition Wizard)

කොහොමද ඉතින් යාලුවනේ......ටික කාලෙකට පස්සේ ආයිමත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.......ඉතින් අද මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ......මේ සොෆ්ට්වෙයාර් එකනිසා මට මගේ පරන හාඩ් ඩිස්ක් එකක් ගොඩදාගන්න පුලුවන් උනා.......


වැඩි කතා ඕනේ නෑ.....මේකයි විස්තරේ......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි MiniTool Partition Wizard කියන්නේ.......බැරි වෙලාවත් හාඩ් එකේ බෑඩ්සෙක්ටර්ස් එහෙම ආවොත් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ........ෆ්‍රී දෙන මෘදුකාන්ග වැඩක් නෑ කියල හැමෝම කිව්වට මේකෙන් කරන්න පුලුවන් වැඩ බැලුවම මේක ෆ්‍රී දෙන්නේ ඇයි කියල හිතාගන්න බැරි වෙයි........මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල ඉමේජ් එක මගින් බලාගන්න පුලුවන්........

මේ තියෙන්නේ ප්‍රදාන පහසුකම් ටික.......
  • Support Windows 2000/XP/Vista/windows 7 (32 bit & 64 bit) operating system.
  • Support RAID.
  • Extend system partition to maximize computer performance.
  • Manage the hard disk for substantial performance increase.
  • Create, Delete and Format partitions with simple steps.
  • Disk Copy to protect or transfer data.
  • Support disk and partition size larger than 2 TB.
  • Convert partition format from FAT to NTFS.
  • Partition Copy: Copy the entire content of one hard disk to another.
  • Copy Disk Wizard: Copy the entire hard disk to another without having to reinstall Windows.
  • Disk Map - Visually demonstrate your disk/partition configuration; preview the changes before applying.
  • Hide/unhide partition, set active partition, etc. - Change partition properties easily.
  • Explore FAT/NTFS partition.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
  • Hot Extend Partition without reboot.
මම කියන්නේ නම් මේ මෘදුකාන්ගේ බාගෙන තියාගන්න.......දැන් ඕන නොවුනත් කවද හරි ඕන වෙන්න පුලුවන්........මේ සොෆ්ට්වෙයාර් එක ඉතා සරල මෘදුකාන්ගයක්.......වැඩ කරන්න හරිම පහසුයි.......ඉතින් ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ අය පහල ඉමේජ් එක ක්ලික් කරන්න.......

මම මේ දුන්නේ හෝම් එඩිශන් එක.......ඒක ෆ්‍රී දෙන එකක්......ඊට අමතරව ගෙවල ගන්න පුලුවන් වැඩි පහසුකම් සහිත මෘදුකාන්ගත් මේ අය හදල තියෙනව.......ඒව ගැන දැනගන්න මෙතනින් යන්න.......මේ ඒ ගොල්ලන්ගේ ඔෆීසියල් සයිට් එක.........

සොෆ්ට් එක හොදනම් පොඩි අදහසක් දාල යන්න........

එහෙනම් අපි කැපෙන්නම්......
ඔබට ජය!!!!!!!!!

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

69 පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්‍රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්‍රම ටික ලියන්න.......මේ ක්‍රම වලින් පහසු ක්‍රමයක් තෝරගන්න...........මෙතන ලියල තියෙන ක්‍රමවලට වඩා දෙයක් දන්නවනම් මතක ඇතුව ඒ ගැන කියන්න අමතක කරන්න එපා.............


ඔක්කෝන්ටම කලින් මෙතනින් ගිහින් සිංහල අරගෙන ඉන්නකෝ........ඊට පස්සේ ඕක පරිඝනකයට ස්තාපනය කරගන්න.............ඔයගොල්ලන්ගේ මෙහෙයුම් පද්දතිය අනුව තෝරාගන්න..........

විජේසේකර යතුරුපුවරුව භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

පලවෙනිම ක්‍රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........

Singlish මෘදුකාන්ගයෙන් සිංහල ටයිප් කිරීම.

දෙවැනි ක්‍රමේ විදියට මම තෝරාගත්තේ Singlish කියන මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය විවෘත කරගත්තම පහත රූපේ ආකාරයට දිස්වෙයි........ඊට පස්සේ ඒ රූපේ තියෙන විදියටම ඔයගොල්ලන්ට සිංහලෙන් ගහන්න ඕනේ මොකද්ද කියන එක සින්ග්ලිශ් විදියට ගහන්නයි තියෙන්නේ..........

උදාහරනයක් විදියට අම්මා කියල ටයිප් කරන්න ඕනේ කියල හිතමුකෝ.........ඒක ගහන්න ඕනේ amma කියන අකුරු...........ඊට පස්සේ සිංහලෙන් වැදිච්ච ටික කොපි කරගෙන අවශ්‍ය ස්තානයට පේස්ට් කරගන්න පුලුවන්.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගන්න...........

Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.

මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්........මේක මේ වෙබ්සයිට් එකට ගිහින් ටයිප් කරල කොපි පේස්ට් කරන්නත් පුලුවන්........එහෙම නැත්නම් එම මෘදුකාන්ගය භාවිතාකරල පහසුවෙන් ටයිප් කරන්නත් පුලුවන්..........මෘදුකාන්ගය මෙතනින් බාගන්න.........ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන EN අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරන්න........එවිට මෙම මෘදුකාන්ගයට අයත් කොටස දැකගත හැක.......එය බවට පරිවර්තනය කර ටයිප් කරන්න...........මෙහි ඇති අමතර වාසියක් වෙන්නේ ටයිප් කරන අකුරු වලින් හැදෙන වෙනත් වචනද පෙන්වීමයි..........මෙය මගින් වර්ඩ්, නෝට් පෑඩ් වලද පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්...........

RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.

මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගත කරගන්න........ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කිරීම ඇරඹිය හැක...........මෙයත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කිරීමට අවශ්‍ය නොවන නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කර හැක.........

Addones මගින් සිංහල ටයිප් කරමු.

ඇඩොන් මගින් ටයිප් කිරීම තමයි මමත් භාවිතා කරන්නේ.........මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කර හැක..........මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කර හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මෙම ඇඩෝන් ක්‍රමේ............
ෆයර්ෆොස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කර හැක............

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් එක ඉන්ස්ටෝල් කරගන්න.............


නොතේරෙන දෙයක් එහෙම තිබුනොත් අහන්න.........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

6 කැමති විදියකට Icon හදමු

කොහොමද ඉතින් යාලුවනේ......සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ.......හේතුව ඉතින් ක්‍රිකට් තමා :D

හරි අනන් මනන් නෙමෙයි අද මම ආවේ ඔය ගොල්ලන්ටම කියල අයිකන් නිර්මානය කරන හැටි කියල දෙන්න.......මේ වැඩේ හරිම සරලයි.......මම ඉතින් කවදත් කාටත් ලේසියෙන්ම කරගන්න පුලුවන් දේවල් නේ කියල දුන්නේ..........


හරි මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.........ඒක ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටල භාගත කරගන්න..........ඊට පස්සේ වැඩේට බහිමු.........මේකත් ඉතින් 2.23MB නිසා කාටත් ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...........


ඊට පස්සේ අලුතෙන් Icon එකක් නිර්මානය කරගන්න Create new icon ක්ලික් කරල හදන්න ඕනේ Icon එකේ Size එක තෝරන්න.........ඊට පස්සේ ඉතින් නිර්මාන කටයුත්ත කරන්න තමයි තියෙන්නේ.......සම්පූර්න වර්න සහිත Icon එකක් නිර්මානය කරගන්න නම් True color + Alpha සිලෙක්ට් කරල තියෙන්න..........

ඔය ටික තමයි කියන්න තියෙන්නේ......මොකද වැඩේ කරගන්න නම් ඕනම කෙනෙකුට හරිම ලේසියි..........මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න......තව පොඩ්ඩෙන් අමතක වෙනවා........මේකෙන් තව වැඩ කරගන්න පුලුවන්නේ.......දැනට අපි ලග තියෙන Icon සංස්කරනය කරන්න පුලුවන්,,,,,,ජන්ගම දුරකතන වලට ගැලපෙන විදියට අලුතින් Icon හදන්නත් පුලුවන්,,,,,,,තව මැක් පරිඝනක වල තියෙන Icon වින්ඩෝස් වලට ගැලපෙන විදියට හදන්නත් පුලුවන්........

ඔය Icon හදන්න ඉතින් කම්මැලිමනම් මෙතනින් ගිහින් හොද Icon තියෙනවද බලන්න.........නැති වෙන්න බෑ......මෙතන ඕන තරම් Icon තියෙනවනේ :D

එහෙනම් අපි කැපුනා........
ඔබට ජය!!!!!!!!!!







23 Computer එක ගැන දැන ගන්න පට්ට Sftwere එක

ඔන්න යාලුවනේ අද මම ගෙනවා මැක්සා සොෆ්ට්වෙයාර් එකක්..........මේ ගැනනම් කියන්න ගියොත් මට පෝස්ට් ගනනාවක් ලියන්න වෙනවා.........එච්චර වැඩ කෑලි තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක........

මේ සොෆ්ට්වෙයාර් එක තමයි Dr. Hardware කියන්නේ........මේකෙන් අපේ පරිඝනකය ගැන සම්පූර්න විස්තරයක් ලබා ගන්න පුලුවන්.........පහලින් දාල තියෙන පින්තූරේ බලන්නකෝ..........


මේ සොෆ්ට්වෙයාර් එකෙන් System එක ගැන, Cpu එක ගැන, Chipset එක ගැන,Bios ගැන, විතරක් නෙමෙයි Hard එකේ පාටිශන් ගැන,සවිකර ඇති Hardware ගැන සහ තවත් ගොඩාක් දේවල් මේකෙන් බලා ගන්න පුලුවන්...........මම මේ වගේ ගොඩාක් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරල තිබ්බත් මෙච්චර වැඩ කෑලි තියෙන එකක් නම් හම්බ උනේ නෑ..........මේකේ තියෙන තවත් ලොකු පහසුකමක් තමයි Hardwere චෙක් කිරීමට ඇති හැකියාව............

මේ ගැන මම කියනවට වඩා හොදයි අරගෙනම බලන එක..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් මෙච්චර පහසුකම් ලබා දුන්නත් 2.56MB තරම් ඉතා කුඩා සොෆ්ට්වෙයාර් එකක්.........ඒ නිසා හැමෝටම මේක පහසුවෙන් භාගන්න පුලුවන්............

මේ සොෆ්ට්වෙයාර් එක භාගන්න ඕනේ අය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න...........එහෙනම් පාවිච්චි කරල බලල හොද නරක කිව්වොත් ලොකු දෙයක්.......මේවට තියෙන කමෙන්ට් ප්‍රමානය අනුව තමයි මේ වගේ සොෆ්ට්වෙයාර්ස් ඔබට හදුන්වා දෙන්න අපට ශක්තියක් ලැබෙන්නේ...........ඒ නිසා මේ ලිපි වලට කමෙන්ට් දාන්න අමතක කරන්න එපා................

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!!!

13 Computer එකේ වේගේ මදිද

කොහොමද කෂ්ටියට........අද මම තවත් මෘදුකාන්ගයක් දෙන්න තමයි හදන්නේ........මේකෙන් අපේ පරිඝනකයේ වේගය ටිකක් වැඩි කරගන්න පුලුවන්..........


හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........

ඔය පින්තූරේ තියෙන විදියට මේකෙන් පරිඝනකයේ System එක Scan කර වැරදි තැන් නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා........මෙතනදි තියෙන වටිනම දේ තමයි රෙජිස්ට්‍රියේ තියෙන වැරදිසහගත් තැන් නිවැරදි කරන එක........රෙජිස්ට්‍රිය තමයි පරිඝනකයේ වේගයට කෙලින්ම බලපාන්නේ..........

මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට භාගත කරගන්න..........ඒකට පහල ඉමේජය මත කොටන්න...........මෙය Install කිරීමේදී අසන Promo code එකට MAJORGEEKS01 ලෙස දෙන්න...............
මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........

පහල පින්තූරයේ විදියට Get Free License ක්ලික් කරන්න.........

ඉන්පසු ලැබෙන්නේ පහල පින්තූරයේ විදියේ වින්ඩෝවකි..........එය පුරවා දමන්න............ඉන්පසු ඔබේ ඊමේල් ගිනුමට Verification code එක ලැබෙයි..........


එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දක්වා ඇති ස්තානය ක්ලික් කිරීමෙන් පැමිනෙන වින්ඩෝවට Verification Code එක ඇතුලු කරන්න..........දැන් ඔබ මෙම මෘදුකාන්ගය රෙජිස්ටර් කර අවසන්..........සුබ පැතුම්...........

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!!

4 Youtube videos බාන්න නියම භාන්ඩේ

කොහොමද ඉතින් යාලුවනේ.......අද මම තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ.......මේ දවස් වල සොෆ්ට්වෙයාර් දුන්න වැඩිද මන්ද..........මේ සොෆ්ට් වෙයාර් එක තමයි You Tube downloder කියන්නේ..........
හරි You Tube එකේ සින්දු භාගන්න නම් ක්‍රම ගොඩක් තියෙනවනේ........Add-ones එහෙමත් තියෙනවනේ........මේ ක්‍රමේ තියෙන වටිනාකම් ගොඩාක් තියෙනවා.......ඒ තමයි අපිට පහසු විදියට වීඩියෝ භාගත කරල දෙනව විතරක් නෙමෙයි අවශ්‍ය ෆෝමැට් එකකට වීඩියෝ කන්වර්ට් කරල දෙනවා........කන්වර්ට් වෙනකොට හඩ පමනක් ලබා ගැනීමට උනත් හැකියාවක් තියෙනවා........ඒ විතරක් නෙමෙයි සින්දුව කන්වර්ට් වෙන්න ඕනේ කොලිටියත් සකසන්න පුලුවන්.......මම නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන අරන් තියෙනවා..........

මේක You Tube Downloader කියල තිබ්බට මේකෙන් Metacafe වගේ ඒවගෙනුත් වීඩියෝ බාගත කරගැනීමේ හැකියාව තියෙනවා.......පහල් රූපේ තියෙන විදියට මේකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.........

Enter the URL of the you wont to download කියන තැනට වීඩියෝ එකේ URL එක දෙන්න.........ඊට පස්සෙ Download කියන එක ඔබන්න..........

කන්වර්ට් කරන හැටි පහල රූපේ පැහැදිලිව දක්වල තියෙනවා..........


මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න කැමති අය පහල ඉමේජ් එක උඩ කොටන්න.........


එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

4 DVD write කරන්න කියාපු භාන්ඩේ

කොහොමද ඉතින් කෂ්ටියට........ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි උනානේ.........අදත් ආවේ පොඩි ගැජමැටික් එකක් අරගෙනම තමයි...........හරි එහෙමනම් අද දෙන්න හදන්නේ CD/DVD Write කරන්න මෘදුකාන්ගයක්........
මේකේ නම තමයි Ashampoo Burning Studio කියන්නේ........මේකේ නම කිව්ව සැනින් කෂ්ටිය දන්නවනේ........දන්නේ නැත්නම් ඉතින් ඔන්න අදවත් දැන ගන්නකෝ.......හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට අවශ්‍ය ඕනම දෙයක් පහසුවෙන් CD/DVD වලට Write කර ගැනීමට පහසුකම් සලසනවා.........

හැබැයි ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක නම් 118.46MB වෙනවා.........මේ ගැන කියන්න තරම් දෙයක් නම් නෑ.........ඔය පහල පින්තූරේ බැලුවම කරන්න පුලුවන් වැඩ ටික ගැන අවබෝදයක් ගන්න පුලුවන්..........


මේ ගැන පොඩි හැදින්වීමක් කලොත් ඔයගොල්ලන්ට පහසුවෙන් CD/DVD Write කරන්න පුලුවන් වගේම Re Writable disk erase කරන්නත් පහසුකම් සලසා තිබෙනවා.........තව CD/DVD එකට කවරයක් නිර්මානය කරගන්නත් හැකියාව සපයල තියෙනවා...........තව වැඩ ගොඩක් තියෙනවා...........සේරම ටික සොෆ්ට්වෙයාර් එක අරගෙනම බලන්නකෝ...........Download කරගන්න ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........
මොනවා හරි ගැටලුවක් එහෙම ආවොත් කමෙන්ට් එකක් දාල යන්න.............පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්...........යාලුවනේ කමෙන්ට් එකක් දාල යන්න ඕනේ ගැටලුවක් ආවොත් විතරක්ම නෙමෙයි.........ඔයගොල්ලන්ට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා........මොකද අපිට ඉතුරුවෙන්නේ ඔබ දමන කමෙන්ට් එක විතරයි.........

එහෙනම් ඉතින් අපි කැපෙනවා............
ඔබට ජය!!!!!!!!!!!

10 Screen එක Record කරන්න නියම භාන්ඩේ

කොහොමද යාලුවනේ.......ඉස්සේල්ල පෝස්ට් එකේදී Snapshot ගන්න සොෆ්ට්වෙයාර් එකක් දුන්නනේ.......ඒක කියෙව්වෙ නැතනම් මෙතනින් යන්න.......අද දෙන්න යන්නේ පරිඝනක තිරය පටිගත කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්..........මේ සොෆ්ට්වෙයාර් එක තමයි HyperCam කියන්නේ.........
මේ මෘදුකාන්ගය ගැනත් වැඩිය කියන්න දෙයක් නෑ.......ඕන කෙනෙක්ට මේකෙන් වැඩ කරන හැටි තේරුම් ගන්න පුලුවන්.........මොකක් හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම උදව් කරන්නම්........

පොඩි හැදින්වීමක් කලොත් මේකෙන් අපිට ඕන කරන ප්‍රදේශය විතරක් උනත් රෙකෝඩ් කරන්න පුලුවන්..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් බ්‍රව්සර් එකට ටූල්බාර් එකකුත් ලබා දෙන නිසා වැඩේ ගොඩක්ම පහසුයි.............වීඩියෝ කරනව විතරක් නෙමෙයි සද්දෙත් දෙන්න පුලුවන්.........මේ පහසුකම හැම Screen Recording Software එකකම නෑ..........අපිට යමක් කියා දෙන්න වගේ වීඩියෝ එකක් ගහනවනම් මයික් එකෙන් කියන දේවල් ඉතා පැහැදිලිව ලබා ගන්න පුලුවන්.........

මේ සොෆ්ට්වෙයාර් එක 2.46MB වෙනවා..........ඕන කෙනෙකුට පහසුවෙන් බාගන්න පුලුවන්..........ඒ සදහා පහල ඉමේජය මත කොටන්න.........


එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!!

4 Snapshot ගන්න නියම භාන්ඩේ

කොහොමද කෂ්ටියට.....අද මම ඔය ගොල්ලන්ට තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ........මම හුගාක් පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ හුග දෙනෙක් නෙට් එකට එන්නේ Dial-up connection වලින් හරි Download කිරීමට සීමා තියෙන කනෙක්ශන් එකකින් හරිනේ.......ඉතින් හැමෝටම මේ සොෆ්ට්වෙයාර්ස් පහසුවෙන් බාගන්න ඕන නිසා තමයි මේ වගේ පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ.........


හරි හරි මේ සොෆ්ට් වෙයාර් එක තමයි Snapshot කියන්නේ........මේකෙන් එච්චර වැඩක් නම් කරන්න බෑ.......හැබැයි ඉතින් පරිඝනකය ඇතුලෙදී අපිට ඕන කරන ඕනම තැනක පින්තූරයක් ගන්න මේකෙන් ඉඩ සලසනවා........සම්පූර්න පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් වගේම කැමති කොටසක විතරක් උනත් පින්තූරයක් ගන්න පුලුවන්........මේ ගැනනම් මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ........මොකද මේක ඉතාමත්ම සරල මෘදුකාන්ගයක්.........

එහෙනම් බාගන්න ඕනේ අය පහල ඉමේජ් එක උඩ කොටන්න...........මේ සොෆ්ට්වෙයාර් එක 2.1MB  වෙනවා..........

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම්..............
ඔබට ජය!!!!!!!!!!!!

3 wallpaper එක Automatic මාරු කරමු

කොහොමද යාලුවනේ......අද මම තවත් පොඩි ගැජමැටික් එකක් දෙන්න තමයි හදන්නේ.......මේ පැත්තේ එන යාලුවෙක් ඊමේල් එකක් දාල තිබ්බ සොෆ්ට්වෙයාර් අවුලක් ගැන.......ඉබේම ස්ක්‍රීන් එක වෙනස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැනයි අහල තිබ්බේ........ඉතින් එයාට කියපු ඒ සොෆ්ට්වෙයාර් එක ඔයාලටත් දෙන්න ඕනේ කියල හිතුවා........

හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි AWC කියල කියන්නේ...........හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කැමති කාල පරතරයකදී අපේ Screen එක වෙනස් කරන්න හදන්න පුලුවන්.......මේක ගැන නම් කියන්න දෙයක් නෑ......හරිම සරල මෘදුකාන්ගයක්.........ඒත් ඉතින් කියන එක හොදයි කියල හිතන නිසා ඔහේ කියල දාන්නම්........මුලින්ම ඔය පහල රූපේ බලන්නකෝ.......


මුලින්ම ඔයගොල්ලන්ට ඕන කරන පින්තූර ටික එක File එක
කට දාගන්න........ඊට පස්සේ ඔය රූපේ විදියට Add කියන එක ක්ලික් කරලා ඒ පින්තූර තියෙන ෆයිල් එක තෝරලා දෙන්න.........දැන් එක කොච්චර කාලයකට සැරයක් පින්තූර මාරු වෙන්න ඕනද කියන එක Time කියන තැනින් හදන්න...........ඊට පස්සේ Change කියන එක කොටන්න.........ඔය මම කියල දුන්නේ සරලවම මේකෙ වැඩ කරන හැටි.........මීට වඩා වෙනස් විදියට හදාගන්න පුලුවන්...........ඒ කියන්නේ ඕනෙනම් පින්තූර එන්බෝස් කරා වගේ පේන්න හදන්නත් පුලුවන්...........තව වැඩ තියෙනවා.........ඒ වැඩ මොනාද බලන්න Preferences ක්ලික් කරන්න............

එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක ඕන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න..........එහෙම නැත්නම් මෙතනින් යන්න.........
එහෙනම් අපි වාශ්ප වෙන්ට කියලයි හදන්නේ.........
ඔබට ජය!!!!!!!!!


5 වේගයෙන් type කරමු 2

කොහොමද කශ්ටියට.......මම ඊයේ දීපු සොෆ්ට්වෙයාර් එක වගේම එකක් තමයි අදත් අරන් ආවේ.........ඒත් ඉතින් ටිකක් වෙනස්.........වෙනස් කියන්නේ ඊයේ දුන්න එකට වඩා මේකේ වැඩ කැලි තියෙනවා........



හරි හරි මේකේ නම තමයි Typing Master කියන්නේ......මේකෙන් ටයිපින් වේගවත් කරන ගමන් හොදට විනෝද වෙන්නත් පුලුවන්.......ඒ කියන්නේ මේකේ Games එහෙමත් තියෙනවා කියන එකනේ......හැබැයි අකුරු සම්බන්ද ගේම්ස් තමයි තියෙන්නේ........අරගෙනම බලන්නකෝ.........ඔය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න........
මේ ලිපිය ලිව්වෙ නැත්නම් අඩුවක් වගේ නිසා තමයි ඒකත් ඔහේ ලියල දැම්මේ......අපේ යාලුවෝ මේ ලිපි වලින් යමක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......මොකද ඒ කමෙන්ට් තමයි අපිට ඉතුරු වෙන්නේ........

එහෙනම් අපි කැපුනා.............
ඔබට ජය!!!!!!!!!!!

3 වේගයෙන් type කරමු

කොහොමද යාලුවනේ.......අද මම ඔයගොල්ලන්ට Software එකක් දෙන්න තමයි හදන්නේ.......අපේ යාලුවෝ ටයිප් කරන වේගෙ ටිකක් වැඩි කරගන්න කැමති ඇතිනේ........මම මේ කිව්වේ වේගෙ අඩුයි කියල එහෙම නෙමෙයි හොදේ :p :p


හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි Rapid Typing කියන්නේ.......මේකෙන් කීබෝඩ් එක පොඩ්ඩක්වත් හුරු නැති කෙනෙක්ට උනත් පහසුවෙන් වේගවත්ව ටයිප් කරන්න ඉගෙනගන්න පුලුවන්........තව දෙයක් මේක හාශාවල් 24කින් සමන්විතයි.......ලංකාවේ අපිට කවදත් කුඩම්මගේ සැලකිල්ල නිසා සිංහල නම් ඒ අතර නෑ........ඔය පහල රූපේ තියෙන්නේ මේක භාවිතා කරන්න පුලුවන් භාශාවන් ටික........

මේ සොෆ්ට්වෙයාර් එක 5.87MB පමන වන එකක් නිසා ඕන කෙනෙක්ට පහසුවෙන් Download කරගන්න පුලුවන්.......ඔන්න Software එක ගැන නම් ඔක්කෝම වගේ විස්තර ටික කිව්වා.......තව මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න.........පහල තියෙන ඉමේජ් එක ක්ලික් කරල මේක බාගන්න..........
එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!

0 පරිඝනකයටත් අවුරුදු

කොහොමද ඉතින් කෂ්ටියට........අලුත් අවුරුද්දේ පලවෙනි පෝස්ට් එකෙන් වටිනා කියන දෙයක් දෙන්න එපැයි.....ඒ නිසා අද මම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාව........අපිට විතරක් අවුරුදු තියෙන එක හරි මදිනේ......දුකේදි සැපේදි ඉන්න PC එකටත් අවුරුදු තියෙන්න එපැයි........වැඩි කතා ඕනේ නෑ.......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Ccleaner කියන්නේ.........


මේ සොෆ‍්ට්වෙයාර් එකෙන් කරන්නෙ අපෙ පරිඝනකය ඇනලයිස් කරල දෙන එක........පරිඝනකයේ තිබෙන Temporary internet files,history,cookies,resent documents වගේ දේවල් අයින් කිරීමටත් Registryයේ ඇති වැරදි නිවැරදි කර දීමටත් මෙම සොෆ්ට්වෙයාර් එකට හැක (රෙජිස්ට්‍රියේ වැරදි නිවැරදි කිරීම යනු Defolt  තත්වයට ගෙන ඒමයි.........එම නිසා ඔබ විසින් රෙජිස්ට්‍රියට කරන ලද වෙනස් වීම අහෝසිවී යා හැක...........) ඔය පහල තියෙන පින්තූරේ බලන්නකෝ.......


මම ඔයගොල්ලන්ට මේ මෘදුකාන්ගයේ Standard එකත් Portable එකත් යන දෙකම ලබා දෙනවා......ඕන එකක් අරන් පාවිච්චි කරන්න.......



එච්චර කියල දෙන්න දේකුත් නෑ.......මේක බාගත්තම වැඩ කරන්න ඔය ගොල්ලන්ටම පැහැදිලි වෙයි.......මොනාහරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්නකෝ.........
එහෙමනම් අපි කැපුනා...........
ඊලග පෝස්ට් එකෙන් එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!!!!

7 Task Manager වඩා වැඩ කාරයෙක්

කොහොමද ඉතින්.....අද ආවේ අලුත් දෙයක් අරගෙන......ඒ කිව්වේ අද මම දෙන්න යන්නේ මැක්සා සොෆ්ට්වෙයාර් එකක්......වින්ඩෝස් පාවිච්චිකරන අය දන්නවනේ Task Manager එක ගැන........දන්නේ නැත්නම් Ctrl+Alt+Delete එක පාර තද කොරල බලන්නකෝ........ඕක තමයි Task Manager එක කියන්නේ........මම කියන්න යන්නේ Task Manager එක ගැන නම් නෙවෙයි.......අද කියන්නේ Task Manager එකට වඩා හොද වැඩකාරයෙක් ගැන........
.
මේකේ නම තමයි Process Explorer කියන්නේ........පරන Task Manager එකෙන් කරන්න පුලුවන් දේවල් වලට වඩා ගොඩාක් වැඩ මේකෙන් කරන්න පුලුවන්.......සරලව කිව්වොත් Task Manager වල සමහර වැඩසටහන් ක්‍රියාත්මක වන අයුරු දැක ගත නොහැකි වුවත් මෙම මෘදුකාන්ගය මගින් පරිඝනකය තුල දැනට ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් බලාගත හැක........විශේෂයෙන් කියන්න ඕනේ අපේ පරිඝනකයට Virus ප්‍රහාරයක් එහෙම එල්ල උනොත් මේකේ වටිනාකම කියලා වැඩක් නෑ.......මොකද දැන් එන හුගාක් Virus මගින් අපේ Task Manager එක අක්‍රිය කර දමනවා.......ඒකට නියමම විසඳුමක් තමයි මේ මෘදුකාන්ගය.........

තව දෙයක් කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයාර් එක බාගත්තට පස්සේ අපිට කැමතිනම් Task Manager වෙනුවට මේක Replace කරන්න පුලුවන්......ඒක කරන්නේ මෘදුකාන්ගය විවෘත කරගෙන Option කියන Tab එක මත ක්ලික් කර ලැබෙන මෙනූවෙන් Replace Task Manager යන්න තෝරන්න.........

Process Explorer ගැන මම වැඩිය කියන්න ඕනේ නෑ.......මොකද ඒක Download කරාම ඕන කෙනෙක්ට ඒකේ වැඩ කරන්න තේරෙනවා..........ප්‍රශ්නයක් එහෙම ආවොත් Comment එකක් දාල යන්න පුලුවන්නේ...........ප්‍රශ්නයක් නාවත් Comment එකක් දාල යනවනම් තමයි හොද..........


එහනම් අදට අපි වාශ්ප වෙන්න තමයි හදන්නේ.........
ඊලග ලිපියෙන ආයි එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More