කොහොමද ඉතින් කට්ටියට........මුනු පොත ගැන දෙවෙනි ලිපිය දාන්න ටික දවසක් ගියානේ........මක් කොරන්නද එක එක වැඩ යෙදෙනව නොවැ.......අද ඒකටත් එක්ක ඔන්න මුනුපොතේ අපේ ආරක්ෂාව සලසගන්න හැටි කියන්න තමා යන්නේ...........
මුලික දේවල් ඉතින් කට්ටියට කියන්න ඕනේ නෑනේ ඉතින්..........ඒ කිව්වේ friend request එවන අය ගැන හොයල බලනව වගේ දේවල්.........අද කියන්න යන්නේ හුග දෙනෙක් නොදන්න කාරනා ටිකක්...........
මූනු පොතට ඇතුලු වූ විට Email මගින් දැනුම් දීම
මෙය සකසා ගැනීමට පහල විදාන වලට යොමු වෙන්න.........
Account ------> Account settings ------> Account security -------> Login Notifications on කරලා Save කරන්න............
එතකොට අපේ account එකට log වෙන්න user name, password දුන්නම පහල තියෙන විදියේ වින්ඩෝවක් ලැබෙනවා............
මෙතනදී අපි මතක තියාගන්න ඕනේ කාරනයක් තමයි computer name කියලා අහන එකට හැම වෙලේම එකම නමක් දෙන්න........එතකොට අපිට අමතර කෙනෙක් අපේ account එකට ඇතුලුවෙන්න උත්සහ කරන්න හැදුවොත් අපිට පහසුවෙන් දැනගන්න පුලුවන්..........මොකද අපි දෙන නම තව කෙනෙක් නොදන්නා බැවින්..........
මේකේ තියෙන වටිනාකම තමයි අපේ account එකට log වෙන හැම වතාවකම අපි log උන computer name එකත් එක්ක email පනිවුඩයක් ලැබීම..........phone එකේ facebook alerts on කරලා තිබ්බනම් ඉතින් phone එකටත් ඒ massege එකම එනවා...........
අපේ යාලුවන් අනික් අයට නොපෙනෙන ලෙස සැකසීම
තව දෙයක් තමයි අපේ යාලුවන්ව අනික් අයට නොපෙනෙන ආකාරයෙන් සැකසීම...........මෙහෙම සැකසීමක් සැකසූවිට ඕනෑම අයෙක්ට පෙනෙන්නේ mutual friendsලා පමනයි..........මෙයින් ඔබේ මිතුරන් ගැන විස්තර අන්අය අතට පත්වීම වලක්වා ගත හැක........මේ සැකසුම සෑදීමට මුලින්ම අපේ profile එකේ යාලුවන් පෙන්නන ස්තානයට යොමුවන්න...............
එතනින් ඉහල රූපයේ පරිදි රතු පාටින් ඇති ස්තානය click කරන්න...........ඉන් පසුව එන වින්ඩෝවේ change visibility settings ක්ලික් කරන්න......... ඊට පස්සේ එන වින්ඩෝවේ see my friend list කියන තැන සැකසුම only me කරන්න..........
මීට අමතර වශයෙන් කියන්න තියෙන්නේ අපේ පුද්ගලික පරිඝනකයෙන් හෝ අපේ පුද්ගලික දුරකතනයෙන් පමනක් මූනු පොතට ඇතුලුවන ලෙසිනි...........කොහෙත්ම internet cafe වලින් log වෙන්න එපා (මූනු පොතට විතරක් නෙමෙයි email වලටත්).......මොකද key logger මෘදුකාන්ග භාවිතයෙන් අපේ තොරතුරු ඔවුන් සතුකර ගත හැකි බැවිනි.............
එහෙනම් අපි යනවා........නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දලා යන්න.........
ඔබට ජය!!!!!!!!!!!!!!!!
4 comments:
Thanks for help
@Anonymous
එල.....මේ දවස් වල හැකර්ල වැඩියි.....
time line aka demmama me akek wath pennanne
@Anonymous
එහෙම ගැටලුවක් නෑ සහෝ.....ටයිම් ලයින් එක දැම්මට මේව වැඩ
Post a Comment